බලය බෙදා හරිනවා.. ජනාධිපති නාමික කරනවා.. අලූත් ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවට ගේනවා..

January 6, 2019 at 2:10 pm | lanka C news
බලය බෙදා හරිනවා.. ජනාධිපති නාමික කරනවා.. අලූත් ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවට ගේනවා..

ෆෙඩරල්, ඒකීය සහ බලය බෙදාහැරීම පිළිබදව තේරුම නොදන්නා පුද්ගලයින් ප්‍රකාශ ඉදිරිපත් කිරීම හාස්‍යයට කරුණක් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යවරයාගේ විමධ්‍යගත ප්‍රතිපාදන තුලින් ස්වයං රැකියාවන් හී නිරතවීමට අපේක්ෂිත තරුණියන් සදහා පවත්වන ලද රූපලාවන්‍ය පාඨමාලාවේ කුසලතා එළිදැක්වීමේ උත්සවයට ඊයේ (05) පස්වරුවේ එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී උත්සවය පැවැත්විනි. මෙම උත්සවයෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ ද පැවැසීය.

“ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමට පත් කර තිබෙන තේරිම් කාරක සභාව මගින් ව්‍යවස්ථාව දැන් කෙටුපත් කරගෙන යනවා. ඒ කෙටුම්පත් කළව්‍යවස්ථාව ඉදිරි කාලයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඉන් පසු ඒ පිළිබද විවාද කරලා අවසාන ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමට ක්‍රියා කරනවා. එතකොට හැම පක්ෂයකටම තම තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. මන්ත්‍රීවරුන්ටත් ව්‍යවස්ථාව පිළිබද අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. මේ ව්‍යවස්ථාවේ ප්‍රධානතම කරුණු දෙකක් තිබෙනවා. ජනාධිපතිගේ බලතල සිමා කිරිම 19 වන සංශෝධනයෙන් කරලා ඉවරයි. එක් කරුණක් තමයි දැන් තිබෙන්නේ ජනාධිපති ක්‍රමය අහෝසි කිරිම හෝ නාමික ජනාධිපතිවරයෙක් මගින් අගමැති ඇතුලු පාර්ලිමේන්තුවට බලතල ලබාදීමේ වැඩපිළිවෙල. දෙවැනි එක තමයි ජාතික සංහිදියාව ඇති කිරීම සදහා කොහොමද අපි මේ ව්‍යවස්ථාවෙන් ඒ සංහිදියාව ඇතිවන වැඩපිළිවෙල ඉදිරිපත් කරන්නේ කියන එක. ඒකෙදි පළාත් සභා ගැන කිව්වොත් අද ඉතාමත් හොද තත්ත්වයකට ඇවිල්ලා තිබෙනවා. උතුරේ දුවිඩ දේශපාලන පක්ෂය ප්‍රථම වරට අද ඒකීය රාජ්‍යයක් පිළිගන්න ඒකීය රාජ්‍යයක් යටතේ බලය බෙදාගන්න එකගත්වය පළ කර තිබෙනවා.

1950 ගණන් වලත් ෆෙඩරල් පක්ෂය බිහි වුනේ තමන්ට ෆෙඩරල් බලයක් ඕනි කියලා. නමුත් අද ප්‍රථම වරට එතනින් පස්සට ගිහිල්ලා ඔවුන් ෆෙඩරල් නොවෙයි ඒකීය රාජ්‍යයකට එකගතාවය පළ කර තිබෙනවා. මේ රටට ෆෙඩරල් ව්‍යුහයක් ඕනි කියලා ඉස්සෙල්ලාම කිවුව දේශපාලනඥයා තමයි ශ්‍රීමත් එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා. එතුමා කිවුවේ ෆෙඩරල් ක්‍රමයකින් තමයි මේ රට දියුණු කරන්න පුළුවන් කියලා. එදා ඩොනමෝර් කොමිමේ දී ෆෙඩරල් බලය ඉල්ලුවේ උඩරට සිංහල බෞද්ධ පිරිස් මිසක් උතුරේ අය නොවෙයි. උතුරේ අය කිවුවා ඒක එපා කියලා. පසු කළෙක අප අතර ඇති වූ අසමගිය නිසා තමයි ද්‍රවිඩ අය ෆෙඩරල් බලයක් ඉල්ලුවේ. නමුත් ඔවුන් අද ඒකීය රාජ්‍යයයක් යටතේ බලය බෙදා ගැනීමට එකගතාවයකට පැමිණ තිබෙනවා. ඒකම අපි අතර ඇති වුන සුහදතාවයේ ප්‍රතිඵලයක් කියලා මම කියනවා. ඒ නිසා උතුරේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂයත් සමග ගණුදෙනු කිරිමට ඇති හැකියාව සහ ගණුදෙනු කිරීමේ වටපිටාවක් අපි ඇති කිරිම තුල තමයි ඔවුන් මෙවැනි එකගතාවයකට එන්න හේතු වුනේ. එදා ඉදලා මේ දේශපාලන බල කෑදරකමට හොදින් හෝ නරකින් බලය ලබාගැනීමේ ලංකාවේ දේශපාලන ක්‍රමය නිසා තමයි 50 ගණන් වල සිට මේක අවුලලා අන්තිමට යුද්ධයක් බවට පත් වුනේ. ඒකිය රාජ්‍යයක බලය බෙදුනාම කොහොමද ෆෙඩරල් වෙන්නේ. ඔය කථා කරන බොහෝ අය ෆෙඩරල් කියන්නේ මොනාද කියලා දන්නෙත් නැහැ. ඒකීය කියන්නේ මොකක් ද කියලා දන්නෙත් නැහැ. බලය බෙදීම කුමක් ද කියලා දන්නෙත් නැති අය තමයි රූපවාහිනියේ කථා කරන්නේ.

අපි ආපු දවසේ ඉදලා ආර්ථිකය ශක්තිමක් කරලා තිබෙනවා. රජයේ සේවකයින්ගේ රුපියල් 10,000 කින් වැටුප් වැඩි කළා. එය අවුරුදු හතරක් පුරා රුපියල් 2500 ගාණේ මූලික වැටුපට එක් කළා. 2006 ට පස්සේ පළමු වරට තමයි මූලික වැටුපට මුදලක් එකතු වුනේ. ඒ අවුරුදු 10 කට පස්සේ. 2020 වෙනකොට රජයේ සේවකයෙක්ගේ වැටුප රුපියල් 10,000 කින් වැඩි වෙනවා. එතකොට රුපියල් 25,000 කින් විතර සම්පුර්ණ වැටුප වැඩිවෙලා. රාජ්‍ය සේවකයින් දෙන්නෙක් ඉන්නවා නම් රුපියල් 50,000 වැටුප වැඩි වෙනවා. සමෘද්ධිලාභීන්ගේ දීමනාව අපි දෙගුණ කළා. එතකොට මහපොල ඉගෙන ගන්න ළමුන්ගේ දීමනාව 2500 ඉදලා 5000 කළා. එමෙන්ම ඉන්ධන මිල අවුරුදු 03 ක් පහළ මිලකට බස්සලා අපි අවුරුදු 03 ඒ මිලෙහිම තියාගෙන හිටියා. රාජපක්ෂ ආණ්ඩුව එදා අවුරුද්දට දෙතුන් පාර ඉන්ධන මිල ඉහළ දැම්මා. ජීවන වියදම අඩු කිරිමට අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග ගත්තා. අද ජිවන වියදම වැඩියි කියලා මැසිවිලි නගන්නේ ජනතාව මේ කන කැමවේලෙවත්, අදින ඇදුමෙවත් මිල නිසා නොවෙයි. අමතර වියදම් ඉහළ නංවා ගැනීම තුලින්. ජංගම දුරකථන භාවිතය, පඩ් වැඩිවෙන රජයේ වෙකයෝ කුඩා වාහන මිලදි ගැනීම වැනි හේතු ඊට බලපෑවා. අනෙකුත් අංශ වලින් බැලුවොත් ජිවන වියදම් එහෙම වැඩීමක් නැහැ.

ඡන්දයක් ඕනි කිවුවට කාටවත් ඡන්දයක් පවත්වන්න බැහැනේ. ඡන්දයක් පවත්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය වෙනවා පාර්ලිමේන්තුව විසුරුවා හැර ඡන්දයකට යන්න. එහෙම නැත්නම් අවුරුදු හතරහමාරකට පසද්සේ තමයි ජනාධිපතිවරයාට පුළළුවන් විසුරුවන්න. ඉන් පසු ඡන්දෙකට යන්න පුළුවන්. ඒ නිසා කවුරු ඡන්දයක් ඉල්ලුවත් වැඩක් නැහැ මන්ත්‍රීවරුන්ගේ තුනෙන් දෙකක් එකගතාවය පළ කරන්න ඕනි. ඉස්සෙල්ලාම එන්නේ ජනාධිපතිවරණය අපි එකට මුහුණ දීලා බලමු මොකද වෙන්නේ කියලා.”

– ප‍්‍රසන්න අධිකාරී

15,090 Viewers

20 Comments to “බලය බෙදා හරිනවා.. ජනාධිපති නාමික කරනවා.. අලූත් ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවට ගේනවා..”

  1. john the baptice says:

    පැරදුණු කොටින්ට සේලයින් දෙන මාලු හොරා රාජිත

    • RATA WESIYO says:

      Has Ranil got a mandate, from the sufficient majority of people ,to justify a change of the constitution like Sirimavo in July 1970 or like J.R. in 1978 ??? This politician , who had been rejected by the people on previous 29 consecutive times ,could not even gain 113 seats. Is our motherland is their ancestors property to bring a new constitution , which would the whole Nation feel , would give irreversible powers, unlike the previous 1978 one, which had provisions to prevent any threats to the unitary status of the country , as Mr. Premadasa used , when Vardha Raja , attempted to exploit it and announced an Elaam?
      The whole Nation seek , if you all are honest , conscientious politicians , to go for a elections with your proposal to bring a new constitution and get a mandate from the people,without trying to bring it in a cunning way , to which , there is no mandate from the majority people , whatsoever. Though the snakes can display their hoods , can rattle snakes also do it, however much they try or scream ??? The patriotic people in our Motherland have stood up under one camp ,to thwart the sinister attempts of these traitors at any cost,sacrificing their lives , as done by their heroic forefathers.

    • Alapaluwa says:

      නෑ බං පැමු පන අදින කොටින්ට සේලයින් දෙන හොර දතා.මු වගේ කම්බ හොරෙක් මේ මුළු සක්වලම නැ.

      • බේරූ-වලේ says:

        ෆෙඩරල්, ඒකීය සහ බලය බෙදාහැරීම පිළිබදව තේරුම නොදන්නා පුද්ගලයින් ප්‍රකාශ ඉදිරිපත් කිරීම හාස්‍යයට කරුණක් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි
        එසේම සිංගප්පූරුවෙ එලිසබත් හොස්පිටල් තම හද සැත්කමක් කරගෙන ඉන්න සෞඛ්‍ය පිළිබදව තේරුම නොදන්නා සෞඛ්‍ය ඇමති ලංකාවේ ඉස්පිරිතාල ගැන කරන ප්‍රකාශ හාස්‍යයට කරුණක් බව
        “බේරූ-වලේ ” මුස්ලිම් ජනතාව හාස්‍යයෙන් කියති.

        • OLU says:

          ෆෙඩරල්, ඒකීය සහ බලය බෙදාහැරීම පිළිබදව තේරුම රාජිත නොදන්නවාට බුද්ධිමත් ජනතාව දනී ..මෙලෙච්චේද LTTE දෙමල ඩයස්පෝරාවට අපේ රටේ උරුමය බෙදලා වෙන්කරදීමට තරම් සිංහලයා මෝඩයෝ නොවේ ..දුම්කොළ වතුවල වැඩට ආපු දෙමළ සරණාගතයින්ට අපේ රටේ උරුමය බෙදලා දීමට තරම් සිංහල ජාතිය නිවටයින් නොවේ ..අවස්ථාවාදී දේශද්‍රෝහී නරුමයන්වූ UNP , JVP දේශපාලුවන්ගේ නිවට වැඩ වලින් අපේ රට බෙදා වෙන්කර දීමට අපි කිසිසේත් ඉඩ නොදිය යුතුයි ..මුදල් වලට අපේ මව් බිම විකුණා දැමීමට , දෙමල කොටිඩයස් පෝරාවේ ,TNA අවශ්‍යතාවයන් සපුරා දීමට හැදු 20 ව්‍යවස්ථාව වහාම හකුලා ගනු මේ දේශද්‍රෝහියන් හදන්නේ අපේ රට අමු සොහොනක් කිරීමයි සිංහලයෙනි ,අපේ රට අනතුරේ ..මේවාට විරුද්ධව පෙරට වරෙව්
          බලා සිටීමට කාලයක් නැත

    • "බේරු වලේ සොහොන් කොත" says:

      එතකොට “සුවපති” පවුලම කොහෙද යන්නේ???

      • ගුරුළු says:

        ඊළම දීලා රාජිත උබද එහි කොටිරාජ්‍යයේ රජා වෙන්නේ ? උබට පෙඩරල් දෙන්න මේ රට උබේ අම්මගේ අප්පාගේ බුදලය කියලා හිතුවද ?වසර 30 අපේ රටේ සිංහල කොල්ලෝ දිවිපුදලා මේ රට කොටි ත්‍රස්තවාදයෙන් බේරාගත්තේ UNP දේශද්‍රෝහින්ට කොටින්ගෙන් මුදල් අරන් දේශපාලන බලයෙන් බෙදලා දෙන්නද ? එක කවදාවත් සිදු නොවන දෙයක් ..දවල් හින බලන්න එපා දේශද්‍රෝහියෝ ..අපේ ජිවිත පුදලා හරි අපේ මව් බිම අපි රකිනවා
        උබලගේ නව ව්‍යවස්ථාව හකුලාගෙන අපේ රටින් පලයව් ..උබලට සාප වේවා ,,උබ වැනි දේශද්‍රෝහියන් අපේ රටේ ඉපදීමත් ජාතියේ අවාසනාවක්
        නව ව්‍යවස්ථාවට අපේ විරුද්ධතත්වය මෙයින් පළකරමු ..නව ව්‍යවස්ථාව හකුලා ගනු
        20 අරන් JVP ,UNP කොයි බටද මේ යන්නේ ? TNA කොටින්ගේ පස්සෙන් නේද ? ලැජ්ජයි

    • sunimal says:

      Rajitha shut your tiger mouth and get lost idiot

  2. Mahi says:

    A rabid dog is braking.

  3. siril says:

    රටට ජාතියට ආදරයක් නැති පුද්ගලයෝ බිහිවන්නේ ජාතියේ අවාසනාවට.ජනපති බලතල නැති කරලා පළාත් සභා බලගන්නුවොත්වෙ න්නේ මොකද කියල ඕනේ කෙනෙකුට තේරෙනවා.ඔය සැලසුම් එන්නේ ඈත එපිට සිටයි.ජාතියට වින කරන නායකයෝ හදුනා පරිසර ,ගෙදර හා පාසල් පරිසරය හොයල බලන්න ඕනේ.

  4. siri says:

    rata rakumata thisthun kotiyak devivaru innawa.

  5. Tilwin says:

    As usual crafty Datha is trying to hoodwink the people thinking they are fools. Proposed constitution is certainly federal to the core with police and land powers ie fully autonomous.
    Trying to say unitary or indivisible is hoodwinking.
    New constitution is more federal than in India. India’s central government has a control over state governments but we don’t have.

  6. Tilwin says:

    In new constitution 2 provinces can merge by having a referendum in those areas only. This is tailored for the Tamil community. The PCs will have control over the parliament. If the government manipulates the. 2/3 majority by hook or crook it has to be rejected at a referendum by the people

  7. Ranil says:

    Beware even a UNP MP who votes for the new separatist constitution better forget about getting elected at the next election. This new constitution is deadly. Anyone supporting it is a traitor of our motherland.

  8. Simon says:

    If this TNA drafted new constitution is pased by any chance thousands of our soldiers who lost their lives in the war would have done so in vain.

  9. අංකූරා says:

    ප්‍රභාකරන් තමන්ගේ වැඩ ගැන විශ්වාසයෙන් කටයුතු කලේ , හිට්ලර් තමන්ගේ වැඩ පිළිවෙළ ගැන විශ්වාසයෙන් කටයුතු කලේ , ඒත් උන් හිතපු දේවල් උනේ නෑ , විනාශය පමනයි වුනේ !!. අනිත් උන්ටත් ඒ ටිකම තමයි !!!.

  10. Dayani says:

    The General public don’t need a GENERAL ELECTION, but a REFERENDUM to decide the future of our country.!!! Don’t try to hoodwink people for political gains.!!!
    STOP THE NEW CONSTITUTION, WHICH WILL TAKE THIS COUNTRY INTO FURTHER TROUBLE AND ANOTHER DARK ERA.!!!
    Our politicians greedy for power should stop damaging our sovereignty, as its very difficult to trust racist Tamil politicians and Sinhalese politicians willing to go to any extent for power.!!! This against the people’s wishes.!!!

  11. Boo says:

    ආ … මං ඒත් මේ වටපිට බැලුවා එකපාරටම වැසිකිලි ගඳක් ආවේ කොහෙන්ද කියල, දැන් නේ තේරුනේ කොහෙන්ද ගඳ ආවේ කියලා.
    රාජිත කට ඇරලා …!

  12. ක්‍රිමිනල් says:

    රටට හතුරුකම් කරන මේ ඇමතියාගේ මුලු පවුලම විනාශ වේවා!

  13. ගරසරප says:

    ඔය ව්‍යවස්ථාව නිසා බඩුමිල අඩු වෙනවද? තෙල් මිල අඩු වෙනවද? රෝහල් දියුනු වෙනවද? ඩෙංගු මර්දනය වෙනවාද ? ලමය්ට පාසලක් ලැබෙනවා ද? හතර මහ නිධානය පහල වෙනවද? කියහන්කො .

Main News