බලය බෙදීමට විරුද්ද නම් ඊට විකල්ප යෝජනාව කුමක්ද..- ජනපති අසයි..

October 22, 2017 at 12:00 pm | lanka C news
බලය බෙදීමට විරුද්ද නම් ඊට විකල්ප යෝජනාව කුමක්ද..- ජනපති අසයි..

බලය බෙදිය යුත්තේ දේශපාල්ඥයින් සඳහා නොව ජනතාව සඳහා බවත් බලය බෙදීමේ යෝජනාවන්ට විරුද්ධ වනවානම් එය වහාම යෝජනාත් ඉදිරිපත් කළ යතු බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ 21 වනදා ජනපති ජනතා නිල මෙහෙවර වැඩසටහනේ වව්නියාව දිස්ත්‍රීක් සමාප්ති උළෙලට සහභාගී වෙමිනි.

ජනපති ජනතා නිලමෙහෙවරේ සමාප්ති උත්සව අවස්ථාව පැවත්වුයේ වව්නියාව ශෛවප්‍රකාශ බාලිකා මහ විද්‍යාලයේදී වූ අතර එම උත්සව අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රම සිංහ මහතාද සහභාගි විය.

ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ජනතා ගැටලූවලට විසදුම් ලබාදීම සදහා ආරම්භ කළ නිල මෙහෙවර ජනපති ජනතා සේවා වැඩසටහනේ ප‍්‍රාදේශීය වැඩසටහන් 63 ක් අවසන් කර ජාතික වශයෙන් පැවැත්වූ තුන්වන ජාතික වැඩසටහන මෙලෙස වව්නියාව දිස්ති‍්‍රක්කය කේන්ද්‍රකර ගනිමින් අවසන් උත්සවය පැවත්වුණි.මෙම උළෙලේදී වව්නියාවේ දිස්ති‍්‍රක්කයේ ස්ථිර ඉඩම් ඔප්පු නොමැති ජනතාව වෙත ඉඩම් ඔප්පු 5000 ක් ප‍්‍රදානය කිරීම සංකේතවත් කිරීම, මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළ ලකුණු ලබාගත් සිසුන් සදහා ත්‍යාග පිරිනැමීම, ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන යටතේ පොල් සංවර්ධන මණ්ඩලය මගින් පොල් පැළ ලබාදීම, වියළි කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට පානීය ජලය බෙදාදීම සදහා අවශ්‍ය ජල බවුසර් දෙකක් ලබාදීම ඇතුළු වැඩසටහන් රැසක් මෙහිදී ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

අනතුරුව නිල මෙහෙවර ජනපති ජනතා සේවය පැවති පරිශ‍්‍රයේ නිරික්ෂණ චාරිකාවක නිරත වූ ජනාධිපතිතුමා එහිදී ඉදිරිපත් කෙරුණු ජනතා ගැටලූ පිළිබදව ද අවධානය යොමු කළේය.

මේ අතර යාපනයේදී ඝාතනයට ලක්වූ විද්‍යා දැරියගේ මව ද මෙහිදී ජනාධිපතිතුමා හමු විය.පවුලේ සුව දුක් විමසීම සදහා එම නිවසට පැමිණෙන බව ජනාධිපතිතුමා එහිදී විද්‍යා දැරියගේ මව වෙත දුන් පොරොන්දුව අනුව උත්සවයෙන් අනතුරුව වව්නියාව ප‍්‍රදේශයේ එම නිවසට ගිය ජනාධිපතිතුමා පවුලේ සාමාජිකයින්ගේ සුවදුක් විමසීය.

එහිදී විද්‍යා දැරියගේ වැඩිමහල් සොහොයුරියගේ උසස් අධ්‍යාපන කටයුතු මෙන්ම එම පවුලේ ඉදිරි කටයුතු වෙනුවෙන් ලබාදිය හැකි සියලූ උපකාර සිදුකරන බව ජනාධිපතිතුමා සදහන් කළේය.විද්‍යා දැරියගේ ඝාතනයට අදාළ නීතිමය කටයුතු කඩිනම් කර ගැනීම ඇතුළු සාධාරණය ඉටුකර ගැනීම සදහා ජනාධිපතිතුමා දැක්වු සහය පිළිබදව මෙහිදී එම දැරියගේ මව ජනාධිපතිතුමා වෙත සිය කෘතඥතාවය පළ කර සිටියාය.

මෙහිදී ජනපති නිල මෙහෙවර වව්නියාවේ සමාප්ති උළෙල උත්සව අවස්ථාව ඇමතූ ජනාධිපති තුමන් කියා සිටියේ,

අද මම වවුනියාවට ආවේ ඉතාමත් සතුටින්. මේ ප්‍රදේශය වශයෙන් ගත් විට දැන් දීර්ඝකාලයක සිට තිබෙන නියඟය වර්ෂාව නොමැතිකම නිසා  ජනතාවට පීඩාකාරී තත්ත්වයන් රාශියක් තිබෙනවා. ඒ වගේම තමුන්නාන්සේලා දීර්ඝ කාලයක් යුද්ධය නිසා පීඩාවට පත් වුනා. මේ දිස්ත්‍රික්කය නැත්නම් ප්‍රදේශය වශයෙන් ගත් විට තමුන්නාන්සේලා මේ රටේ දුෂ්කර ප්‍ර දේශයක් විදිහටයි සෑම කෙනෙක්ම හඳුන්වන්නේ. රජයේ නිලධාරී මහත්මයෙක් වවුන්යාව ප්‍රදේශයට දැම්මොත් එයා හිතන්නේ එයාට දඩුවමක් දෙනවා කියලා.  අධ්‍යාපන අමාත්‍යංශයෙන් ගුරු මහත්මයෙක් පත් කළොත් මේ පැත්තට වෙනත් පළාතකින් එයා හිතන්නේ එයාට දඩුවමක් දෙනවා කියලා. පොලීසියේ නිලධාරීන් මේ පැත්තට මාරු කළොත් ඒ ගොල්ලො හිතන්නේ එයාලට දඩුවම් මාරුවීමක් ලැබුණේ  කියලා.  එහෙම හිතන්න හේතු රාශියක් තිබෙනවා. යුද්ධය තිබුණු කාලෙ නම් යුද්ධය නිසා කරදරයි කියලා කියන්න පුළුවන්. නමුත් යුද්ධය පටන් ගන්න ඉස්සර වෙලත් ඒ විදිහට තමා මේ ප්‍රදේශවලට  කවුරුහරි නිලධාරීන් පත් කළොත් හිතන්නේ දඩුවමකටයි එවන්නේ කියලා. අදත් හිතන්නේ ඒ විදිහට තමයි මෙහාට එව්වොත් දඩුවමකට තමා එවන්නේ කියලා. නමුත් මේ ප්‍ර දේශයේ ජීවත්වන ජනතාවත් මේ ප්‍රදේශයේ සේවය කරන රාජ්‍ය නිලධාරීන් ගුරු මහත්ම මහත්මීන්  ඒ සියළු දුෂ්කරතාවයන් මැද්දේ විශාල සේවයක් ඉෂ්ඨ කරනවා. අපේ අමාත්‍යංශ ලේකම්වරු ඇතුළු කොළඹින් පැමිණි සියළු නිලධාරී මහත්වරු මේ ප්‍රදේශයට ඇවිල්ලා මේ ජනපති නිලමෙහෙවර වැඩසටහන් ආරම්භ කරන විට දිසපතිතුමා ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු සියළු නිලධාරී මහත්ම මහත්මීන් විදුහල්පතිතුමන්ලා ගුරු මහත්ම මහත්මීන් විශාල සහයෝගයක් මේ වැඩසටහනට ලබා දුන්නා. ඒනිසා ඒ සෙවාවන් කාර්යක්ෂම කරන්න සහයෝගය දුන් සියළු දෙනාට මගේ ගෞරවනීය ස්තූතිය පුදකරනවා. අපි වවුනියාව ප්‍රදේශය විතරක් නෙමෙයි උතුරු ප්‍රදේශයම ගත්තොත් උතුරු ප්‍රදේශයටම රජයේ නිලධාරීන් එවන්න උත්සාහ කළොත් ඔය මම කියන ප්‍රශ්නය ඒගොල්ලො මතු කරනවා. නැගෙනහිර ප්‍රදේශයට රජයේ නිලධාරීන් පත්කොළොත්  ඒ ගොල්ලොත් හිතනවා දඩුවමකට තමා දාන්නේ කියලා. එහෙමනම් එහෙම හිතන්න තියන කාරණා රාශියක් තිබෙනවා. කාලගුණික දේශගුණික වශයෙන් තිබෙන දුෂ්කරතාවයන් පිළිබඳව ප්‍රශ්න තිබෙන බව ඇත්ත.

ඒ වගේම රටේ අනික් පළාත්වල තිබෙන බොහෝ පහසුකම් මේ ප්‍රදේශවල නැහැ.  මේ ප්‍රදේශවල සංවර්ධනය සඳහා  පසුගිය දශක කීපයේම අවුරුදු පනහක හැටක කාලය තුළ අනික් ප්‍රදේශවල වලට වඩා අඩු සංවර්ධනයක් සිද්ධ වුනේ. ඒ නිසා තමයි යුද්ධය ඇති වෙන්නත් එක් හේතුවක්.

අපේ රටේ පාර්ලිමේන්තුව 1947 ඉදලා ආරරම්භ වෙලා තියෙන්නේ ඔබ දන්නවා. එදා මෙදා මුළු කාලය තුළම මේ උතුරු ප්‍ර දේශයෙන් පාර්ලිමේන්තුවට ගිය මන්ත්‍රීවරුන්ගෙන් කැබිනට් ඇමතිවරු කී දෙනෙක් පත් වුනාද කියලා තමුන්නාන්සේලා අපි හැම කෙනෙක්ම දන්නවා. සංවර්ධනය මේ රටේ සෑම පළාතකටම සෑම දිස්ත්‍රික්කයකටම සාධාරණ ලෙස සමබර ලෙස සිද්ධවෙලා නැහැ. මේ පළාත්වල විශාල වශයෙන් පසැල්වල ගුරු හිඟය තිබෙනවා. ඒ වගේම තමා රජයේ කාර්යාලවලට අවශ්‍ය ප්‍රධාන නිලධාරීන්ගේ හිගයක් තියෙනවා. රෝහල්වල විශාල වශයෙන් ඒ අවශ්‍ය තාක්ෂණික අංශවල නිලධාරීන්ගේ හිඟය තියෙනවා. ඒ නිසා අපි රජයක් විදිහට උත්සාහ කරන්නේ උතුරු පළාත බස්නාහිර පළාතේ ත්ත්වයට සංවර්ධනයේ ප්‍රමුඛතාවය දීලා කටයුතු කිරීමයි. 2015 දී පැවති ජනාධිපත්වරණයේදී ජනවාරි 08 වෙනිදා වවුනියාව මේ ප්‍රදේශයේ ජනතාව 77%ක් මගේ ජයග්‍රහනයට ඡන්දය පාවිච්චි කළා. ඒ සියළු දෙනාට මගේ ගෞරවනීය ස්තූතිය මම පුද කරනවා. අපි රජයක් විදිහට අපේ සංවර්ධන කටයුතු කිරීමේදී මේ ප්‍රදේශවල සංවර්ධනය සඳහා ප්‍රමුඛත්වයක් දීලා තිබෙනවා. ඒවගේම පළාත් සභා විදිහටත් අපි විශාල වශයෙන් සල්ලි එවනවා. නමුත් අත්‍යවශ්‍ය සේවාවවන් වලට ප්‍රමුඛතාවයක් දීලා ඒ අඩුපාඩු හඳුනාගෙන වැඩ කිරීමේ ප්‍රශ්න තිබෙන බව පෙනී යනවා. ඒ නිසා අපි රජයේ ප්‍රතිපත්තිය මේ ප්‍රදේශවල ඒ තිබෙන සංවර්ධනයේ අඩුපාඩු සකස් කරන්න මූලික වශයෙන්ම ප්‍රමුඛත්වයක් දීලා වැඩකටයුතු කිරීමයි. මේ ප්‍රදේශයේ ජනතාවගෙන් අති බහුතරයක් විශාල පිරිසක් ගොවි ජනතාව. ඒ ගොවි ජනතාවට බලපාන ප්‍රශ්න රාශියක් තිබෙනවා. හදපු නැති වැව් අමුණු රාශියක් තිබෙනවා.  ඒ වැව් අමුණු ටික හදන්න අපි මේ වන විට සැලසුමක් හදලා තිබෙනවා. ගොවි ජනතාව ජීවත්වෙන්නේ සැපවත් ජීවිතයක් නෙමෙයි ඔවුන්ට තිබෙන්නේ. ඔවුන් ඉතාමත්ම දුෂ්කර ජීවිතයක් ගත කරන්නේ. ආර්ථික අමාරුකම් රාශියක් තිබෙනවා. එහෙමනම් ගොවි ජනතාවගේ ආර්ථකය ගොඩනගන්න අපි රජයක් විදිහට ඒ ලබා දෙන සහයෝගය මේ ගොවි ජනතාවට නිසි ලෙස ලැබෙන්න ඕනෑ. අනෙකුත් සංවර්ධන කටයුතු සඳහා වෙන් කරන මුදල් සාධාරණ ලෙස බෙදීඇවිල්ලා ඒ වැඩකටයුතු කෙරෙන්න ඔනෑ.  නමුත් ඒ වැඩ කිරීමේදී යම් ප්‍රශ්න ඇති වෙන බව පේනවා. අපි රජයක් විදිහට විශේෂයෙන්ම අවධානය යොමු කරලා තිබෙන්නේ සංවර්ධනය වගේම දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳව අවශ්‍ය දේශපාලන වෙනස්කම් පිළිබදව. ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් ඒ පිළිබඳව සඳහන් කළා.

‘අපි බොහොම පැහැදිලි ලෙස රටේ ජනතාවට කියනවා මේ රට කැඩෙන්නෙ නැති බෙදෙන්නේ නැති විසඳුමකට යන්න ඕනෑ බලය බෙදීම සම්බන්ධයෙන් කියලා. මේ කාරනාව කියන විට සමහර අය සත්‍ය කතාකරනවා වගේම සමහර අය බොහෝ බොරු කියනවා අසත්‍ය ප්‍රකාශ කරනවා. අපේ රටේ ජාතික පුවත්පත්වල විශාල වශයෙන් බොරු ප්‍රචාරය වෙනවා අසත්‍ය දේ පල වෙනවා. රටේ විශේෂයෙන්ම දකුණේ ජනතාව නොමග යවන්න වැරදි ප්‍රචාර කරනවා. මේ ප්‍රශ්නයට විරුද්ධ වෙන අය ප්‍රශ්නයේ සැබෑ අමාරුකම හා සංකීර්ණ තත්ත්වය තේරුම් ගන්න ඕනෑ.  සමහර අය අපට කියනවා මේ  යුද්ධයෙන් රට බෙදන්න ගිය එක බැරිවෙච්ච නිසා අපි දැන් රට බෙදන්න කඩන්න හදනවා කියල ඒ චෝදනා අපි සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවාමේ බලය බෙදීම සම්බන්ධව විරුද්ධව කතා කරන සෑම කෙනෙක්ම මේ ප්‍ර දේශවලට එන්න ඕනෑ. උතුරු ප්‍රදේශයට එන්න ඕනෑ.  නැගෙනහිර ප්‍රදේශයට යන්න ඕනෑ. බස්නාහිර පළාතේ ඒ වගේම සබරගමු පළාතේ තිබන සංවර්ධනය මේ ප්‍ර දේශවල තිබෙනවාද කියලා ඒ අයගේ ඇස් වලින් බලන්න ඕනෑ.  මේ රටේ සංවර්ධනය වූ පළාත්වල තිබෙන තත්ත්වයට ඒ සංවර්ධනය මේ උතුරු සහ නැගෙනහිර පළාත්වල සංවර්ධනයේ තිබෙනවාද කියලා ඒ අයගේ ඇස්වලින් දැකගන්න ඕනෑ. මේ රටේ සෑම ප්‍රදේශයකම සෑම ගමකම ඉන්නේ එක සමාන මිනිස්සු. ඒ ගොල්ලො සිංහලද දෙමළද මුස්ලිම්ද මැලේද බර්ගර්ද කියන ප්‍රශ්නයක් නැහැ. මේ සෑම කෙනෙකුටම සාධාරණ සමාජයක් තියෙන්නට ඕනෑ. සංවර්ධනය එක සේ සිද්ධවෙන්න ඕනෑ. සම්පත් එකවගේ බෙදී යන්න ඕනෑ. මිනිසෙකුට අවශ්‍ය අධ්‍යාපනය සෞඛ්‍ය ඒවගේම ආහාර මේ ප්‍රහ්නවලදී ඒවා සාධාරන ලෙස බෙදී යන්න ඕනෑ. මේ සංවර්ධන කටයුතු සධාරණ ලෙස ඉටු කරන්නත් ඒ වගේම මේ ජනතාවට සමාජය තුළ ජීවත් වීමේදී අනෙක් පළාත්වල වගේම දියුණුවක් ඇති කරන්නයි අපි බලය බෙදීමක් පිළිබඳව කතා කරන්නේ.

‘බලය බෙදීම දේශපාලඥයින් සඳහා නොව බලය බෙදීම ජනතාව සඳහා විය යුතුයි.  ඒ නිසා මේ ප්‍රශ්න වලදී විරුද්ධව කෑ ගහන සෑම කෙනෙක්ම මේ ප්‍රශ්නයේ සැබෑ අසීරුකම් සහ යථාර්ථයන් දකින්න ඕනෑ. මේ ප්‍රශ්නවලට සාධාරන විසඳුමක් දුන්නේ නැත්නම් මේ රටේ අනාගතය පිළිබඳව ඇති වෙන ප්‍රශ්නවලට ඒ ගොල්ලෝ වගකියන්න ඕනෑ. විවේචනය කරන්න පුළුවන් විරෝධතා පවත්වන්න පුළුවන් උද්ඝෝෂණ කරන්න පුළුවන් නමුත් ප්‍රශ්න වලට විසඳුම් දෙන්න ඒ ගොල්ලෝ ගාව කිසිම යෝජනාවක් නැහැ. මේ විරෝධතා පවත්වන සෑම කෙනෙකුගෙන්ම මම ඉල්ලීමක් කරනවා ඒ ගොල්ලෝ විරුද්ධ නම් අපි ඉදිරිපත් කරන යෝජනා වලට ප්‍රධාන වශයෙන්ම දේශපාලන ප්‍රතිසංස්කරණ සඳහා  අවශ්‍ය ඒ ගොල්ලන්ගේ යෝජනා ඉදිරිපත් කරන්නයි කියලා.

‘අපි තව අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදලා කෙටුම්පත් කරලා නැහැ. ඒ වගේම අඩුවශයෙන් දළ කෙටුම්පතක්වත් හදලා නැහැ. ඒ සඳහා කරුනු ඇතුලත් එක් එක් දේශපාලන පක්ෂවල මතය සහ අදහස් ඉදිරිපත් කරපු වාර්තාවක් ඉදිරිපත් කරලා තියනවා පාර්ලිමේන්තුවට. ඒ ඉදිරිපත් කරලා තියෙන වාර්තාවේ කරුණු පිළිබඳව සාකච්ඡා කරන්න පුළුවන්. සුදුසු නැති දේවල් තියෙනවා නම් ඉවත් කරන්න පුළුවන්. ඒවා සංශෝධනය කරන්න පුළුවන්. රටේ ඒකීයභාවය පිළිබඳ අපි බොහොම පැහැදිලිව එහි සදහන් කරනවා.

‘ඒ වගේම අනෙකුත් ජනතාව කතා කරන සෑම ප්‍රශ්නයක් පිළිබඳවම එහි සදහන් වෙලා තිබෙනවා. බෞද්ධාගම පිළිබඳව බොහොම පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා. සමානාත්මතා සමාජයක් පිළිබඳව කථා කරලා තිබෙනවා. නමුත් එහි තිබෙන දේවල් වලට වඩා ඉතාමත්ම නරක විදිහට බොරු අසත්‍ය ප්‍රචාරයන් කරනවා අන්තවාදී මිනිස්සු. මම අද කොළඹ ඉදලා වව්නියාවට එන විට හෙට ඉරිදා පත්තර ඔක්කොම කියවගෙන ආවේ. නමුත් මොනතරම් මේ පත්තරවල බොරු ලියනවාද කියලා අපිට පේනවා. මේ පත්තරවල තියෙන බොරු උදේට රූපවාහිනියෙන් ගුවන්විදුලියෙන් මේ රටේ ජනතාවට ඒ ආයතන කියවනවා. එතකොට ඒගොල්ලො කියන්නේ පැහැදිලිවම ජනතාව නොමග යවන බොරුයි කියන එකත් බොහොම පැහැදිලිවම කියනවා.

අපි මාධ්‍යට නිදහස දීලා තියෙනවා. ඒ නිසා මාධ්‍ය සාධාරණ වෙන්න ඕනෑ අපක්ෂපාතී වෙන්න ඕනෑ. පත්තරේක පිටු විස්සක් තියනවනම් ඒකෙන් දහයක් ආණ්ඩුවට විරුද්ධව ලියන කොට පිටු දහයක් ආණ්ඩුවේ මතයට ඉඩ දෙන්න ඕනෑ. නමුත් අද තියන ප්‍රශ්නය තමයි දීලා තියෙන මාධ්‍ය නිදහසත් එක්ක පත්තරේක පිටු විසිපහක් තියෙනවනම් විසිපහම ආණ්ඩුවට විරුද්ධව තමයි ලියන්නේ. ආණ්ඩුවට විරුද්ධව පිටුවිසිහම ලිව්වට කමක් නෑ ප්‍රශ්නයක් නෑ ඇත්ත ලියනවා නම්. නමුත් මේ පිටු පුරෝලා තියෙනනේ බොරු අසත්‍ය ප්‍රචාරවලින්. මේ බොරු වලින් ජනතාව නොමඟ යවනවා. මේ බොරු වලින් රටේ රාජ්‍ය නිලධාරීන් නොමග යවනවා. මේ බොරු වලින් රටේ ත්‍රිවිධ හමුදාව නොමඟ යවනයවා. මේ බොරුවලින් රටේ ගෞරවනීය මහා සංඝරත්නයට වැරදි බොරු ප්‍රචාර දීලා මහා සංඝරත්නය නොමඟ යවනවා. මේ බොරු ලියන අයටත් විරෝධතා පවත්වන අයටත් රට ගැන  ආදරයක් නෙමෙයි තිබෙන්නේ ඒ ගොල්ලන්ට තියෙන්නේ ඒ ගොල්ලන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයක්. මේවා මෙහෙයවන පිටිපස්සේ ඉන්නේ ආණ්ඩු විරෝධී දේශපාලඥයෝ. ජාතිවාදය අවුස්සලා දේශපාලන බලය ලබා ගන්නයි උත්සාහ කරන්නේ. නමුත් ඒ ගොල්ලන්ට මම පැහැදිලිවම කියනවා ඒ පාපකාරී දේ කරන්න එපා කියලා. මේ රටේ නැවත යුද්ධයක් ඇති වීම වැලැක්වීමට අපි අවංකව කටයුතු කරන්න ඕනෑ. ඔය අන්තවාදීව කටයුතු කරන අය මොන පාර්ශවය උනත් ඒ ගොල්ලො කරන්නේ යුද්ධයක් ලංකර ගැනීමයි.

උතුරේද දකුණේද සියළු මිනිසන්ගේ ප්‍රශ්න සාධාරණ ලෙස අපි හැමකෙනෙක්ම තේරුම් ගන්න ඕනෑ. මිනිසුන්ගේ දුක් ගැනවිලිවලට සවන් දෙන්න ඕනෑ. මිනිසුන්ගේ බඩගින්න තේරුම් ගන්න ඕනෑ. පාසලට යන දරුවාට තියෙන ප්‍රශ්න තේරුම් ගන්න ඕනෑ. රෝහලට යන රෝගියාට තිබෙන ප්‍රශ්නය තේරුම් ගන්න ඕනෑ. මේ රටේ එක පළාතක දරුවෙකුට එක විදිහටත් එක පළාතක රෝගයෙකුට එක විදිහටත් එහෙම සලකන්න නෙමෙයි සියළු දෙනාට එකහා සමානව ඒ සියළු සේවාවන් ඉෂ්ට වෙන්න ඕනෑ. ඒ නිසා මම සියළු දෙනාගෙන්ම මේ රටේ ඉල්ලීමක් කරනවා මේ තිබෙන සමාජ යථාර්ථය තේරුම් අරගෙන අවශ්‍ය සාධාරණ ලෙස කළ යුතු දේශපාලන ප්‍රතිසංස්කරණවලට සහයෝගය දෙන්න කියලා. අපි මේ ජනපති නිලමෙහෙවර පැවැත්වූයේ තමුන්නාන්සේලාගේ සේවාවන් කාර්යක්ෂම කරන්න වධිමත් කරන්න.  මම වජිර අබේවර්ධන ඇමතිතුමා ඇතුළු සියළු ඇමතිතුමන්ලාටත් ඒ වගේම මේ සදහා සහයෝගය දුන්න සියළු අමාත්‍යංශ ලේකම්වරු ආයතන ප්‍රධානීන් දිසාපතිතුමා ප්‍රා දේශීය ලේකම්තුමන්ලා ඇතුළු ඒ සියළු දෙනාට විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා. මම මේ රටේ අපේ රජයේ නිලධාරී මහත්වරුන්ගේන් ප්‍රශ්නයක් අහනවා ඉතා කාරුණිකව. මේ ප්‍රශ්නය අහනවාට මාත් එක්ක අමනාප වෙන්න එපා රජයේ නිලධාරීමහත්වරුන්. දැන් මේ ඇමතිතුමාත් කිව්වා මෙහේ දිසාපතිතුමාත් කිව්වා මේ ජනපති නිලමෙහෙවර නිසා ඉඩම් ඔප්පු දෙන සංඛ්‍යාව ගැන කිව්වා. ඒ වගේම මේ ප්‍ර දේශයේ මැති ඇමතිවරුත් කතා කරලා කිව්වා මේ වැඩසටහන නිසා ඉඩම් ඔප්පු මෙච්චර බලපත්‍ර දෙනවැයි කියලා.

‘මම අපේ නිලධාරී මහත්වරුන්ගෙන් කාරුණිකව අහන ප්‍රශ්නය මේකයි. ඉතිං ඔය ඉඩම් ඔප්පු දෙන්න ජනපති නිලමෙහෙවර තියන්නම ඕනද? අවුරුදු 40ක් 50ක් ඇයි මේක දුන්නේ නැත්තේ? මේක ප්‍රාදේශීය ලේකම් තුමාට දෙන්න පුළුවන් නේද? මේක ඉඩම් නිලධාරීන්ට  දෙන්න පුළුවන් නේද? ඇයි මේක අවුරුදු 40ක් 50ක් නොදී හිටියේ. ප්‍රශ්න තිබෙනවානම් එහෙම නොදී ඉන්න ඇයි ඒවා අපිට කියන්නැත්තේ? ප්‍රාදේශීය ලේකම්තුමන්ලා තමන්ට තියෙන ප්‍රශ්න දිසාලේකම් තුමාට වාර්තා කරනවා. දිස්ත්‍රිකකයේ මැති ඇමතිවරුත් එක්ක මාස දෙක තුනකට සැරයක් එකට වාඩිවෙනවා ඩීසීසී රැස්වීම තියනවා. අමාත්‍යංශ ලේකම්වරුන්ගේ රැස්වීම තියනවා මාස තුන හතරකට සැරයක් අපි හම්බවෙනවා. ඒ වගේම දිසාපති සමුළුව තියෙනවා නිතරම.  මේවා බැරිවෙන්නේ ඇයි කියන කරුනු එහෙනම් අපිට ඉදිරිපත් කරන්න ඕනෑ. ඒක නිසා අවුරුදු 40 ක් 50ක් නැතිනම් ඊට වැඩිකාලයක් මේ ප්‍රශ්න සිදු වූනේ නැත්නම් මේ ඉඩම් බලපත්‍ර ඔප්පු ප්‍රශ්නෙම ගත්තොත් ඒ පසුබෑම පිළිබඳව අපි හිතන්නට ඕනෑ. ඒ වගේම ඔබ කිව්වා මේ ස්ක්‍රීන් එකෙත් ගියා අවුරුදු හැට හැත්තෑව හැත්තෑපහ වෙච්ච විශේෂයෙන්ම අයගෙ විවාහ සිද්ධ වුනා වැඩිහිටියන්ගේ. මෙච්චරකල බැදලා නෑකියලා විවාහ වෙලා නෑ කියලා. මම ප්‍රාදේශීය ලේකම්තුමාලගෙන් කරුණාවෙන් ඉල්ලනවා වව්නියවේ විතරක් නෙමෙයි මේ රටේම ග්‍රාම නිලධාරී මහත්වරුන්ට කියලා ඒ වගේ ඉන්න අය හොයලා මේ වැඩේ කරන්න පුළුවන්නේ අපි එනකම් ඉන්න  ඕන නෑනේ. ඔය ඊයේ පෙරේදා බැදපු අය දැන් අවුරුදු 40ට ඉස්සරවෙලා බදින්න තිබුනා ඒ වදිහට. ඒ නිසා අපි ඒ විදිහට මේ වැඩ වලට ප්‍රමුඛත්වයක් දෙමු. අපේ නිලධාරී මහත්වරු හුගාක් වැඩ කරනවා අපි දන්නවා. නමුත් රට තුළ සමාජය තුළ තිබෙන ඒ ප්‍රධාන ප්‍රශ්නත් අපි තේරුම් ගන්න ඕනෑ. උපදෙස් චක්‍ර ලේඛ ඒවා වගේම බාහිරව අනෙක් සමාජවල තියෙන ප්‍රශ්නත්  අපි හිතට ගන්න ඕනෑ. ඒ විදිහට අපි මේ වැඩ කරමු.

අද මම මේ පාසලට ආවට පසුව මේ පාසලේත් අඩුපාඩු පිළිබඳව විදුහල්පතිතුමිය කිව්වා. විදුහල්පතිතුමිය මේ පාසලේ මම ගාවට ඇවිල්ලා වාඩිවෙලා කිව්වා මේකේ ඉල්ලීම් හුගාක් තියෙනවා හැබැයි එක ඉල්ලීමක් තියෙනවා ඒක තමයි මට කොහොම හරි කරලා දෙන්න ඕන කියලා. මම දැක්කා මට කියලා ඉවරවුනාට පස්සේ විදුහල්පතිතුමිය අගමැතිතුමා ගාවට  ගිහිල්ලත්  ඒ විදිහටම  කියනවා මම අහගෙන හිටියා. ඒ නිසා අගමැතිතුමායි මායි සාකච්ඡා කරලා තීන්දු කලා ඉල්ලපු ඉල්ලීම්වලින් පළවෙනි ඉල්ලීම දෙනවැයි කියලා. ඒ පළවෙනි ඉල්ලීම තමා මේ පාසලට ශ්‍රවනාගාරයක් ඕනැයි කියලා අපි ඒක ඉක්මනින්ම හදන්න පටන්ගන්නවා. ඒවගේම අපේ පළාත්සභාවේ හිටපු අපේ සෞඛ්‍ය ඇමතිතුමා ඩොක්ටර් මම ගාවට ඇවිල්ලා කිව්වා මෙතන එහාපැත්තේ දෙමළ පිරිමි පාසල තියනවා ළමයි තුන්දාස්ගානක් ඉන්නවා ඒ පාසලටත් ශ්‍රවනාගාරයක් නෑ ඔඩිටෝරියම් එක්ක් නෑ කියලා කිව්වා. අපි ඒ පාසලේ ශ්‍රවනාගාරයත් ඉක්මනට හදන්න පටන් ගන්නවා.

ඒවගේම තමයි මම අද තවත් මේ ප්‍ර දේශයේ තිබෙන පාසලකට යන්න බලාගෙන ආවේ ඒ විදුහල්පතිතුමයි ළමයිනුයි අධ්‍යාපන ගමනක් ගිහිල්ලා ඒ නිසා අද මම එතෙන්ට යන්නේ නෑ. ප්‍රධාන වශයෙන් මේ පාසැල්වල වල තිබෙන අඩුපාඩු ඒ වගේම රෝහල්වල සෞඛ්‍ය සේවයේ  තිබෙන අඩුපාඩු සඳහා ප්‍රමුඛත්වය දීලා ඒ අඩුපාඩු ඉෂ්ට කරන්න අපි කටයුතු කරනවා කියන එක මේ වෙලාවේ මම කියන්නට ඕනේ. මේ වැඩසටහන අද මේ දක්වා එන්න පහුගිය මාස ගානක් අපේ නිලධාරී මහත්වරු සෑම කෙනෙක්ම සෑම අංශයකම විශාල වශයෙන් වැඩකළා. වජිර අබේවර්ධන මැතිතුමා ඇතුළු මැතිඇමතිවරු රාශියක් මේ ප්‍රදේශයට ඇවිල්ලා අනික් මන්ත්‍රීවරුත් එක්ක ඒ වැඩසටහන් ඉක්මන් කළා.  ඒ සියළුදෙනාට මම නැවත නැවතත් ස්තූතිවන්ත වෙනවා. අපි මීළඟට පවත්වන ජනපති නිලමෙහෙවර අද මමයෝජනා කරනවා යාපනයේ පැවැත්විය යුතුයි කියලා. ඒ නිසා ඒ වැඩසටහනත් අපි සාර්ථක කරමු. ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම මේ වැඩසටහන මේ විදිහට අපි කෙරීගෙන යනවා. ඔබ සියළු දෙනාට සුභ අනාගතයක් වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරමින් මගේ කතාව අවසන් කරනවා සියළු දෙනාටම ස්තූතියි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

112 views

31 Comments to “බලය බෙදීමට විරුද්ද නම් ඊට විකල්ප යෝජනාව කුමක්ද..- ජනපති අසයි..”

  1. Mahasona says:

    Scrap Provincial Councils imposed on Sri Lanka by Hindian bastards. Hindia or Tamil Nadu should not be allowed to determine what is good for Sri Lanka. Illegal immigrants also should not be allowed to decide how Sri Lanka should be ruled. If they do not like the way we do things they can pack their bags and go back to the place where their ancestors came.

  2. Vijitha says:

    The solution is to develop the country. Then all problems will vanish.
    Schools of equal standard. low disparity and income earning opportunities for all. Stop corruption and wasting money by politicians.

  3. Rohitha says:

    tho saha raniya gedara palayaw. deshapalanayen iwath weyaw. ehemakirima avashyayi thopikala vinaasayen passe athiwee thiyana thathwaya niwaeradi karanne. eka karanta deshapremiyo innawa.

  4. Saumya says:

    When I read this comments I realized how many mentally disable people are living in this country.

    • asaranaya says:

      Including you Saumya, Fk you go to hell

    • Boo says:

      පිස්සන් කොටුවේ පිස්සෝ හිතන්නේ අනිත් උන්ට පිස්සු කියල, කන්නාඩිය ඉස්සරහට ගිහින් බැලුවනං මානසික රෝගියා හොයා ගන්න තිබුනා, බොහොම සෞම්‍ය විදිහට.