බලය රැකගන්න ආණ්ඩුව ව්‍යවස්ථා ගැටයක් ගහන්න යන්නේ…- මෛත්‍රී
February 2, 2022 at 11:20 am | lanka C news
ව්‍යවස්තා ගැටයක් ගැසීමට වත්මන් ආණ්ඩුව සූදානම් වන්නේ යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවට එක්වෙමින් ඔහු මෙසේ අදහස් පල කලේය.
‘ජනාධිපති ඡන්දයට අඩු වශයෙන් අවුරුදු දෙක හමාරක් තියෙනවා. දැන් ආණ්ඩුව අලුතින් ව්‍යයවස්ථා සංශෝධනයක් ගේනවා කියලා පත්තරවල තිබුණා. මට පේන විදිහට ඊළඟ බලය සදහා ව්‍යවස්ථා ගැටයක් ගහන්න හදන්නේ කියලා මට පේනවා. ඒ නිසා අපිට ඉදිරියේදී එන ජාතික මැතිවරණය බොහෝ විට පාර්ලිමේන්තු මැතිවරණයක් කියලයි මම හිතන්නේ’
උනුත් එකයි මුනුත් එකයි එක වල්ලේ පොල්
අපේ සිරා හිටං නම් දෙවෙනි වාරය එපාම කිව්වා. 🤩
පුහ්… මැක්කෙක් ගිය උඩ……
Ane pala pala
Rata nathi karapu paraya