බලය ලත් පලමු දිනයේම උතුරු ආණ්ඩුකාර සැර වෙයි..
October 26, 2018 at 5:30 pm | lanka C news
මහජන දිනය යෙදෙන සෑම බදාදා දිනයකම උතුරේ සියලුම රජයේ නිලධාරීන් කාර්යාල වල රැඳී සිටිය යුතු බවටත් මහජන හිත සුව පිණිස කටයුතු කළ යුතු බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පැවසීය.
උතුරු ආණ්ඩුකාර වරයා මේ බව පැවසුවේ උතුරු පලාතේ සියලුම අමාත්‍යංශ ලේකම් වරුන් හා ආයතන ප්‍රධානීන් සමග උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලයේදී ඊයේ (25) දින පැවති සාකච්ඡාකදීය.
උතුරු පළාත් සභාවේ නිල කාලය පසුගිය 24 වනදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වූ අතර ඒ අනුව උතුරු පළාත් සභාවේ පරිපාලන බලය උතුරු ආණ්ඩුකාරවරයා වෙත පැවරිණි.
එහිදී උතුරු ආණ්ඩුකාර තුමන් විසින් අදාල නිලධාරීන් වෙත දැනුම් දී සිටියේ,
‘මධ්‍යම රජය විසින් පළාත් සභා වලට නිකුත් කර ඇති චක්‍රලේඛ හා අනිකුත් නිත්‍ය අණ පනත් භාවිතා කරමින් තම තමන්ගේ කාර්යාල වල කටයුතු කිරීමේ දී මහජනතාවගේ හිත සුව පිණිස මහජනතාවට දැනෙන සුළු ආකාරයෙන් කළ යුතු බවත් සෑම බදාදා දිනයකම මහජනයා මුණ ගැසීම සඳහා කාර්යාල තුළ රැඳී සිටිය යුතු බවත් එසේ තමන්ට රැඳී සිටිය නොහැකි අවස්ථාවන් වල තමන්ගේ දෙවන නිලධාරියෙකු අනිවාර්යයෙන්ම කාර්යාලය තුළ රැඳී සිටිය යුතු බවටත් උපදෙස් ලබා දෙන ලෙස සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත මෙහිදී ආණ්ඩුකාරවරයා විසින් උපදෙස් ලබා දෙන ලදී.
වැඩිදුරටත් කරුණු පැහැදිලි කර උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතා කියා සිටියේ.
“උතුරු පළාත් ආණ්ඩුකාරවරයා හැටියට සිටින මගේ ඥාති මිත්‍රාදීන්, හිතවතුන්, යහළුවන් මෙහි නැති නිසා මහජන සේවය කරන ඔබ සැමට මගේ කිසිදු බලපෑමක් ඇති නොවන බව අවධාරණයෙන් මතක් කර සිටිනවා. ආයතන රෙගුලාසි, මුදල් රෙගුලාසි, නිසි පරිපාලන උපදෙස් අනුව කටයතු කරන ඔබට මගෙන් කිසිදු බාධාවක් ඇති වන්නේ නැහැ. ඉදිරි සතිය තුළ මම සියලුම අමාත්‍යාංශ මට්ටමින් අදාල අමාත්‍යාංශ වලට ගොස් ප්‍රගති සමාලෝචන රැස්වීම් පැවැත්විමට දින හා වෙලාවන් මේ වනවිටත් වෙන් කර ඔබ සැමට දැනුම් දී ඇති බවද සිහිපත් කළ යුතුයි. පළාත් ප්‍රධාන ලේකම් එ්. පතිනාදන් මහතා හට 2018 වර්ෂය සඳහා උතුරු පළාතේ සියලුම අමාත්‍යාංශ වෙත වෙන් කර ඇති මුදල් ප්‍රතිපාදන පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද උපදෙස් ලබා දුන්නා.” යනුවෙනි
– වන්නි රොමේෂ් මධුෂංඛ
උතුරේ දෙමළ, මුස්ලිම් අයිතිය ගැන කඳුළු සලන අය සිංහලයන් ගැන නිහඬයි
“ඔබේ රට ශ්‍රීලංකාව නොව එය සිංහලේ රාජ්‍යයි” .
Send all tamil Indian parasites back to Tamil Nadu
මෙයා කතෝලිකයෙක් නිසා උතුරේ පන්සල් හදන්න වැඩි කැමැත්තක් දෙන එකක් නැහැ කලුසුද්දෙක් නිසා
උතුරේ අහිංසක හින්දු තරුණයන් දකුණේ සිංහල ජනතාවට එරෙහිව අවුලවා, ලක්ෂ ගණනාවක් හින්දු දමිළ සිංහල තරුණ ජීවිත විනාශ කිරීම සදහා මග පෑදූවේ සැමුවෙල් ජේම්ස් චෙල්වනායගම් වැනි ක්‍රිස්තියානි මූලධර්මවාදී දමිළ දේශපාලකයන් බවත් ඔහුගේ බෙදුම්වාදී දේශපාලනය ඇන්ටන් බාලසිංහම් වැනි පල්ලියේ අනුග්‍රහය ලැබූ න්‍යායාචාරීන් විසින් ත්රස්ථවාදයකට පරිවර්ථනය කළ බවත්, රාජයප්පු ජෝශප්, එම්මානුවෙල් ඇතුළු පූජකයන් සන්නද්ධ ත්රස්තවාදයට මතවාදීමය අනුග්‍රහය දක්වමින් අද දක්වා ක්‍රියාත්මකව සිටින බවත් හින්දු සම්මේලනය පෙන්වා දෙනවා.
රට දෙකඩ කරන ක්‍රිස්තියානි මූලධර්මවාදී මෙහෙයුම ගැන හින්දු සම්මේලනය කතා කරයි
https://www.elakiri.com/forum/showthread.php?p=21098164