බලය ලැබෙන්න කලින් ධර්මාශෝකලා.. බලය ලැබුණු පසු චණ්ඩාශෝකලා.. මහින්ද බලය මදි කියා එදා 18 සංශෝධනය ගෙනාවා..- ජනපති

October 1, 2019 at 8:02 am | lanka C news
බලය ලැබෙන්න කලින් ධර්මාශෝකලා.. බලය ලැබුණු පසු චණ්ඩාශෝකලා.. මහින්ද බලය මදි කියා එදා 18 සංශෝධනය ගෙනාවා..- ජනපති

බලයට එන්න කලින් සියළුදෙනා ධර්මාශෝකලා බවත් බලයට පැමිණි පසු චණ්ඩාශෝක ලා වෙන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපි ධුරයේ සිටියදී 18 වන සංශෝධනය ගෙනාවේ පැවති ජනාධිපති ධුරයේ බලතල මදි නිසා බව එකල පැවසූ බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

තමන් මෙරට රාජ්‍ය නායකයා වූ පසු ගිය වසර පහක කාලයේ දී මෙරට ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස් ලබා දුන් බවත් සියළු දෙනාගේ අත්වල ඇති ජංගම දුරකතන ඊට සාක්‍ෂි දරනු ඇති බවත් ඔහු පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් බල මණ්ඩලය අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

60 views

33 Comments to “බලය ලැබෙන්න කලින් ධර්මාශෝකලා.. බලය ලැබුණු පසු චණ්ඩාශෝකලා.. මහින්ද බලය මදි කියා එදා 18 සංශෝධනය ගෙනාවා..- ජනපති”

  1. chandapala says:

    19 ගෙනල්ල්ල බලය නැතිකරගෙන දැන් 19 වැරදි කියල කියපු සිරිසේනගේ කතා කව්ද පිළිගන්නේ.

  2. Gayantha says:

    ඉතින් ඕයි තමුසේ ආවේ මහින්ද මෙහෙම කරා අරම කරා කියලානේ. දැන් ආයෙත් ඒකමනේ කියන්නේ.
    පිස්සෙක් වූ පලමු නායකයා !

  3. hitan says:

    rata palanaya karannath baha, pakse palanaya karannath baha.

  4. gamarala says:

    තමන්ගැන තමන්ම කියන එක ලොකු ආඩම්බරයක්

  5. ලෙබ්බේ says:

    බලය ලැබෙන්න ඉස්සෙලා ධර්මශෝකලා බලය ලැබුනට පස්සේ මම වගේ අන්දරේලා කිවුව නම් තමයි ගැල පෙන්නේ,

  6. gadol says:

    “මම ආයෙත් ජනාධිපති ධුරයට තරග කරන්නේ නෑ.” ජනාධිපතිකම ගන්න විට ඔහු කීවේ එහෙමය. එහෙත් ඒ පුටුවේ ඉඳගත් හැමෝටම වාගේ ඔහු තුළත් ඊට කෑදර කමක් ඇති වුනේය. යළිත් වරක් ජනාධිපති වී රට කොල්ල කෑමේ ආශාව ඇති වුනේය. එහෙත් යළිත් තමාට පොදු අපේක්ෂකකම නොලැබෙන බව වැටහුණු විට අර තාත්තා “ටොක්ක ඇන්න වෙලේ” ආවේශ වුනු යක්ෂයා ඔහුට යළිත් ආවේශ විය. ඔහු දැන් ශ්‍රී ලංකාව නමැති සරු, සුන්දර කුඹුරු යායම තමාගේ සරුවාංගයේ ඇවිලෙන ගින්නෙන් රිසිසේ ගිණි තබමින් සිටියි. හිත් පිත් නොමැතිව ගිණි තබමින් සිටියි.

    (බලලෝභී, කෑදර දේශපාලු නඩයක් සහ කෑදර, මෝඩ මාධ්‍ය වහල්ලු කල්ලියක් ද ඔහුට ඒ සඳහා පිදුරු, පෙට්‍රල්, බූමිතෙල් වැනි විවිධාකාර ඉන්ධන සපයමින් සිටිති

Main News