බලලෝභී පාලකයන්ගෙන් රට බේරාගන්න යන්ත්‍ර මන්ත්‍ර කරන්න ඔ්නෑ..
December 31, 2018 at 6:30 am | lanka C news
බල ලෝභී පාලකයන් ඇතුලු ඇතැම් දේශපාලකයන් රටට කර ඇති විනාශකාරී ක්‍රියා නිසා පොදු ජනයාගේ දිවි පැවැත්ම මේ වන විට අවුල් වියවුල් වී ඇති බවත් එයින් අත් මිදීමට ජනතාවට ගුප්ත විද්‍යාවේ පිහිට පැතීමටද සිදු වී ඇති බවත් හිටපු ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු පිළිබද ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා පැවසීය .
බලයෙන් මත් වූ පාලකයන්ගේ ක්‍රියා කලාපය නිසා දුක් විදීමට සිදු වී ඇත්තේ සමස්ත ජනතාවට ම බව කී ඒ මහතා ,මෙයට විසදුම ඉක්මනින් දැහැමි පාලනයක් බිහි කර ගැනීම යැයි ද සදහන් කළේය .
හෙට්ටිගේ මහතා එසේ කිවේ හක්මන පොද්දෙනිය පොදු ක්‍රීඩාංගනයේ පැවති ශාන්ති කර්ම වැඩ සටහනේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි .
පොද්දෙනිය අශෝකාරාමාධිපති කෝන්ගහදෙනියේ සුමන හිමිගේ අනුශාසනා පරිදි ප්‍රදේශවාසීන් එක්ව පැරණි ශාන්ති කර්ම 12 කින් සමන්විතව මෙම වැඩ සටහන සංවිධානය කර තිබිණි.
එහිදී හෙට්ටිගේ මහතා මෙසේද කීය.
‘බල ලෝභී පාලකයන්ගේ හැසිරීම නිසා රටත් ජනතාවත් අවුලෙන් අවුලට පත් වෙලා .හැම ගමකම මිනිසුන් දුකට පත් වී සිටින්නෙ .පාලකයන් බොහෝ දෙනෙකුගේ අදහස් ධාර්මික නෑ .රටේ විපත්තිකාරී වට පිටාවක් නිර්මාණය වී තිබෙන්නේ ඒ නිසයි .ජනතාවට සෙතක් ශාන්තියක් නෑ .
රටේ සුබ සිද්ධිය වෙනුවෙන් නිසි දේ සිදු නොවන විට ජනතාව ශාන්ති කර්ම වැනි දේ ගැන හිතනවා එයින් හෝ වෙනත් ගුප්ත දේ මගින් හෝ සහනයක් ලබා ගත හැකි වෙයි කියා විවිධ ජන කොටස් විශ්වාස කරනවා .මේවා අපේ සංස්කෘතික උරුමයන් .බුදු දහම සමගත් බද්ධ වීමක් තිබෙනවා .
සමහර සූත්‍ර දේශනා වල ද නොපෙනෙන බල වේග ගැන සදහන් .මේවා ගුප්ත විද්‍යාව හැටියට දැන් සමාජ ගත වෙලා තිබෙන්නේ .නව පරපුරට මේ සම්බන්දව අවබෝධය දෙන්න ඕනෑ . අපේකම රැක ගත යුතුයි .
ශාන්ති කර්ම වලට තිබෙන්නෙ දිගු ඉතිහාසයක් .එය අපේ සංස්කෘතියේ කොටසක් .මේවා ගැන ලෝකයේ සමහර දියුණු රටවල්පර්යේෂණ කරන්නත් පටන් අරන් .
අමනුෂ්‍ය බලවේග මිනිස් සිත් තුළට ඇතුල් වී දූෂ්‍ය කරනවා .ඒ කියන්නේ සිතුවිලි නරක් වීමයි .අපේ රටේ පාලකයන්ටත් දැන් සිදු වී තිබෙන්නේ එවැන්නක් .වග කිව යුතු බොහෝ දෙනා තුළින් මනුස්සකම දැහැමිකම ගිලිහී ගිහින් .ඒනිසා රටට ලොකු කොඩි විනයක් සිදු වෙලා .එය කපා දැමීම ලෙහෙසි පහසුත් නෑ .ඒ වුනත් ඉක්මනින් එය කපා දමා රටට සෙත ශාන්තිය ගේන්න ඕනෑ .
We need ‘ Anagarika Dharmapala Thuma’ to be reborn.
Patriots, please follow his instructions.
මුලු රටම මහා අවුලක. ලංකාව දැන් තියෙන්නේ පිහිතුඩක් උඩ.එක සුළු වැරද්දකින් මුලු රටම විනාශ වෙන්න පුළුවන්. මේ ගෙවෙන්නේ කලි යුගයක අවසන් කාලයයි.
චන්ද්‍රිකාටයි සුමන්තිරන්ටයි…. හූනියමක් කළා නම් ඇතිවෙයි.
Dear Hettige….rather than taking nonsense..how about if we bring a law for all politicians and their relatives and local NGOs to declare assets and source of income and stop crossovers.
Unp ewunta ratta karapu winaseta dan huniuam wadila thiyenne
මේ රජයට නියම වස් කවි
මේ රට තුනුරුවන්ගේ යයි සිතීයන්
මේ කිරි ගසට මේ අවනඩු පෙනීයන්
මහ බඩ පැළෙන ලෙස හතරට පැළීයන්
තථාගත සම්බුද්ධ ශාසනයට, බෞද්ධ සිංහල කුලයට ,සිංහල රාජ්‍යයට පහර දෙන බලමුළු අතර යන්ත්‍ර- මන්ත්‍ර (ආණ්ඩුවත්),දෙවොල් -කෝවිල් (ආණ්ඩුවත්) මහත් විනාශයක් කරමින් සිටී. දේවානම්පියතිස්ස රජතුමා බුදු රජුන් සරණ ගිය පසු යන්ත්‍ර- මන්ත්‍ර ,දේවාල කෝවිල් සරණ ගියේ නැත. බුදු දහමට සිංහල ජාතියට වැරදුනේ මිත්‍යාදෘෂ්ටික අමනුෂ්‍ය (යක්ෂ ,ප්‍රේත,භූත ,අසුර) බලය බෞද්ධ සිද්ධස්ථානවලට බෞද්ධ කුලයට වැද්ද ගෙන මිසදිටු අමනුෂ්‍යයන්ගෙන් වැඩ ගැනීමය. ඒ තුලින් අමනුෂ්‍ය බලය රජ කරවීමය, දැන්වත් මේ මිත්‍යාදෘෂ්ටික වැඩ වලින් ඉවත් වී බුදු දහමට අනුව භික්ෂූන් වහන්සේලාත්,දේශපාලනය කරන ඇත්තනුත් බෞද්ධ රට වැසියාත් ක්‍රියා කළොත් මේ රට යහපත් කර ගැනීම අසීරු නැත.