බලහත්කාරෙන් සිටි වැල්ලවත්ත යයි.. රක්‍ෂණ සංස්ථාවේ අලුත් සභාපති වැඩ බාර ගනී..

August 1, 2021 at 8:40 am | lanka C news
බලහත්කාරෙන් සිටි වැල්ලවත්ත යයි.. රක්‍ෂණ සංස්ථාවේ අලුත් සභාපති වැඩ බාර ගනී..

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා වශයෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති විජිත හේරත් මහතා පත් කර තිබේ.

ඒ අනුව ඒ මහතා එළඹෙන අඟහරුවාදා දිනයේ එහි රාජකාරි ආරම්භ කිරීමට නියමිතය.

පසුගිය 19 දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම තනතුරු සඳහා ඔහු පත් කරන ලද්දේ විදුලි බල මණ්ඩලයේ සභාපති ධුරයෙන් ඉවත් කරමිනි.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති ධුරයෙන් ඉවත් කරන ලද ජගත් වැල්ලවත්ත මහතා බලහත්කාරයෙන් එම තනතුරේ මාසයකට ආසන්න කාලයක් තිස්සේ රැඳී සිටියේය.

එම රැඳී සිටීම සම්බන්ධයෙන් මහා භාණ්ඩාගාර නියෝජිතයන් දැඩි විරෝධය පළ කර තිබිණි.

එමෙන්ම ආයතනයේ ඉහළ නිලධාරීන් පවා මහත් අර්බුදයකට මුහුණ දී ඇත්තේ ඉවත් කරන ලද සභාපතිවරයෙකුගේ නියෝග පිළිපැදීම නීත්‍යානුකූල ගැටලු මතුකරන තත්ත්වයක් ඇති වී තිබූ නිසාය.

26,139 views

One Comment to “බලහත්කාරෙන් සිටි වැල්ලවත්ත යයි.. රක්‍ෂණ සංස්ථාවේ අලුත් සභාපති වැඩ බාර ගනී..”

  1. Kumbaandaya says:

    Balayata athi perethakama, kaadarakama saha thanhaawa!