බලු පණු බෙහෙතෙන් කොරෝනා සනීපයි.. ලංකාවේ නිෂ්පාදිතයි..- පේරාදෙනිය මහාචාර්ය හෙලි කරයි..

August 25, 2021 at 9:20 am | lanka C news
බලු පණු බෙහෙතෙන් කොරෝනා සනීපයි.. ලංකාවේ නිෂ්පාදිතයි..- පේරාදෙනිය මහාචාර්ය හෙලි කරයි..

සුරතල් සතුන්ගේ පණු අමාරුව සඳහා භාවිතා කරන ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ඖෂධයකින් කොරෝනා රෝගීන් සුවපත් කිරීම සඳහා වඩාත් සුදුසු යැයි ඉතා වගකීමෙන් ප්‍රකාශ කරන්නේ ඇයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දංගල්ල මහතා කියා සිටියිත.

මේ සම්බන්ධයෙන් තවදුරටත් පර්යේෂණ සිදුකර එම බෙහෙත කොරෝනා ආසාදිතයනට ලබාදීමට පියවර ගන්නයි තමා අදාළ සෞඛ්‍ය බලධාරීන් ගෙන් ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.

1975දී පමණ නිෂ්පාදනය ආරම්භ කර තිබෙන මෙම ඖෂධය සතුන්ගේ පණු අමාරුවට අමතරව මිනිසුන්ට වැළඳෙන වෛරස් රෝග සුවපත් කිරීම සඳහා ඇමරිකාව, බංග්ලාදේශය හා අප්‍රිකානු රටවල වසර ගත් 10ක පමණ කාලයක් තිස්සේ භාවිතා කරන බව ද ඔහු කියා සිටී.

දැනටමත් ඇතැම් වෛද්‍යවරුන් විසින් මෙම ඖෂධය කොරෝනා රෝගීන් සඳහා සුදුසු බව ලිපි මගින් පෙන්වා දී ඇති බව ද ඔහු පැවසීය.

ivermectin නම් මෙම බෙහෙත් පෙත්තක මිල රුපියල් සියයක් පමණ වන බවත් කොරෝනා වෛරසය මෙරටට පැමිණීමට පෙර මාසයකට මෙවැනි පෙති 1000ක් පමණ අලෙවි වුවද අද වන විට එම 30000ක් පමණ මාසයකට අලවි වන බව ද ඔහු කියා සිටී.

කොරෝනා ආසාදිත පුද්ගලයෙකු වූ මෙම පෙති තුනක් එක් දිනකට ගැනීමෙන් රෝගය සුවපත් වන බවත් දැඩි සත්කාර ඒකක වෙත ඇතුළු කිරීමේ ප්‍රවණතාවය ස්ථිර වශයෙන්ම අඩුවන බවත් ඇමරිකාවේ විශේෂඥයන් විසින් පර්යේෂණ කර සොයාගෙන ඇතැයි ද ඔහු තව දුරටත් කියා සිටියේය.

197,515 views

59 Comments to “බලු පණු බෙහෙතෙන් කොරෝනා සනීපයි.. ලංකාවේ නිෂ්පාදිතයි..- පේරාදෙනිය මහාචාර්ය හෙලි කරයි..”

  1. බලු දොස්තර says:

    Ivermectin වලින් පෙනහලු වල ජීවත් වෙන කුඩා පණුවන් වර්ගයක් විනාශ කරනවා. නමුත් මේකේ වයිරස් වලට තියෙන බලපෑම් මොනවාද කියලා සොයා බලන්න වෙනවා.

  2. Silva says:

    ලංකාවෙ සිංහල බෙහෙතක්වත් බොන්න එපා. දැන් බලු බෙහෙත් බීපියව්.

  3. Man says:

    මේ බෙහෙත මගේ යාළුවෙක් ටෙස්ට් කරා කතාව ඇත්ත. කොරෝනා හොඳ උනා. හැබැයි පොඩි අප්සෙට් එකකට තියෙන්නෙ මිනිහට ඊට පස්සෙ චූ කරනකොට කකුලක් උස්සන්න ඕනමයිලු.

  4. Janu says:

    ඕක මුලින්ම හොයාගත්තෙ ගායක ප්‍රෙඩී සිල්වා අවුරුදු 35 කට විතර කලින්. ඒකට සින්දුවකුත් ලිව්වා තිරික්කලේ කියලා. බොරු නම් අහලම බලන්න. ගොනාගේ බෙහෙත මිනිහා බොන හැටි.

  5. Dp says:

    ඔය බෙහෙතේ නම සජියට එහෙමත් පෙන්නනවා නෙමෙයි කවුරුත්.

  6. බලු බෙහෙත් ගැලපෙන අය තමය් ඉන්නෙ.නොගැලපෙන්න නම් විදියක් ඇත්තෙම නෑ

  7. Oba says:

    Ivermevtin is drug given to animals well as humans. Widely used in African countries to treat people infected filarial infections. Many doctors bought this drug during first second waves and some used it as prophylactic treatment. Drug could not be found in pharmacies in view of this.

  8. සිරිපාල says:

    කොහොමත් ඔය හැටනම ලක්ෂෙට හරි යන්නේ බලු බෙහෙත් තමා..

  9. කටමැත දොඩන බලූ දොස්තරට පිස්සූ.... says:

    ඇමෙරිකාවෙත් මේ බෙහෙත් ඇතහදෑ බැලීම තහනම් කලා බලූ දොස්තරයො. මූදූණා වෙන්න බලූ කථා නොකිය හිටිය නම් අගෙයි.

    • CAT says:

      ඇමරිකාවේ බලු බෙහෙත් සහ හරක්ට දෙන බෙහෙත් බි දැන් ගොඩක් මිනිස්සු රෝහල්වල ප්‍රතිකාර කරනවාලු …වෙනත් ලෙඩ හදා ගැනීමට අවශ්‍ය නම් බලු බෙහෙත් බීපල්ලා

  10. NIk says:

    COVID-19 මිනිසුන්ට ප්‍රතිකාර කිරීමේදී හෝ වැළැක්වීම සඳහා භාවිතා කිරීම සඳහා FDA විසින් ivermectin අනුමත කර නොමැtha. COVID-19 රෝගීන් සඳහා අයිවර්මෙක්ටින් භාවිතය පිළිබඳ සසම්භාවී අත්හදා බැලීම් සහ පසුකාලීනව සිදු කරන ලද අධ්‍යයන කිහිපයක් ප්‍රකාශයට පත් කර ඇත, කෙසේ වෙතත්, මෙම අධ්‍යයනයන්ගෙන් බොහෝමයක් අසම්පූර්ණ තොරතුරු සහ සැලකිය යුතු ක්‍රමවත් සීමාවන් atha.

Main News