බල්ලෙක් බේරන්න ගොස් ලොරියක් හා මොටර් රථයක් එකිනෙක හැපේ…

April 29, 2019 at 5:30 pm | lanka C news
බල්ලෙක් බේරන්න ගොස් ලොරියක් හා මොටර් රථයක් එකිනෙක හැපේ…

එකම දිශාවට  ගමන් ගත් ලොරි රථයක් සහ මොටර් රථයක් එකිනෙකට ගැටිමෙන් අනතුරක් සිදු  වි ඇති බව හැටන් පොලිසිය පැවසිය.

අද එම අනතුර සිදු වි ඇත්තේ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ හැටන් කුඩාගම ප්‍රදේශයේදිය.

හැටන් සිට කොටගල දක්වා ධාවනය වු මොටර් රථයට සුනඛයෙකු ගැටිමට යාම නිසා  මොටර් රථයේ රියදුරු මොටර් රථය නතර කරනවාත් සමග එම දිශාවටම පිටු පසින් අධික වේගයෙන් ධාවනය ලොරි රථය  මොටර් රථයේ පිටුපස වැදි මෙම අනතුර සිදු වි ඇත.

අනතුරෙන් කිසිවෙකුටත් තුවාල සිදු වි නොමැති අතර අනතුරෙන් මොටර් රථයට දැඩි අලාභ හානි සිදු වි තිබේ.

අනතුර සිදු වන අකාරය අසල තිබු ආරක්ෂක කැමරාවක සටහන්වි තිබුණි.

අනතුර පිලිබදව හැටන් පොලිසියේ රථ වාහන අංශය පරික්ෂණ පවත්වයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

25 views

3 Comments to “බල්ලෙක් බේරන්න ගොස් ලොරියක් හා මොටර් රථයක් එකිනෙක හැපේ…”

  1. Radeep says:

    The truck driver is careless not to maintain the required distance.

  2. ජසයා says:

    මිනිස්සු මරාගන්න වලිකන ලෝකයේ, බල්ලෙක් බේරාගන්න රියැදුරෙක් දැරූ උත්සාහය…. ප්‍රශංසනීයයි….

Main News