බලාගාරයෙන් යෝද කොමිස් කුට්ටියක් ඉල්ලු ඇමති හෙලිවෙයි..

February 22, 2020 at 3:00 pm | lanka C news
බලාගාරයෙන් යෝද කොමිස් කුට්ටියක් ඉල්ලු ඇමති හෙලිවෙයි..

කෙරවලපිටිය එල්. එන්. ජී. විදුලි බලාගාරයේ දෙවන අදියරේ වැඩ 2016 වන විට නිම කිරීමට නොහැකි වී ඇත්තේ පසුගිය ආණ්ඩුවේ විදුලිබල ඇමැතිවරයකු 3%ක කොමිස් මුදලක් ඉල්ලා තිබීම නිසා බවට හෙළිවී ඇත.

මෙම බලාගාරයේ ඉදිකිරීම් කටයුතු සිදුකිරීමට නියමිතව තිබූ එම සමාගමේ නිලධාරීන් ගෙන්වා කළ සාකච්ඡුාවක් අතරතුර දී කටයුතු ප‍්‍රමාද වීම පිළිබඳව වත්මන් විදුලිබල ඇමැති මහින්ද අමරවීර මහතා විසින් විමසන ලද අවස්ථාවේ එම සමාගම විසින් මේ බව සඳහන් කර ඇත.

අදාළ කොමිස් මුදල ලබා නොදීම නිසා එම විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු නතර කිරීමට එවකට විදුලි ඇමැතිවරයා කටයුතු කිරීම නිසා අධිකරණයේ නඩු පැවරීමටද තම සමාගම කටයුතු කළ බව මෙහිදී එම සමාගම විසින් සඳහන් කළ බව අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියෙක් සඳහන් කළේය.

ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව කැබිනට් මණ්ඩලයේද අනුමැතිය මත ආණ්ඩුව කෙලවරපිටිය විදුලි බලාගාරයේ වැඩ ආරම්භ කිරීමට මේ වන විට එම සමාගමට දැනුම් දී ඇති අතර ඒ අනුව සමාගමද අධිකරණයේ පවරා ඇති නඩුව ඉල්ලා අස්කර ගැනීමට එකඟ වී ඇති බව ද එම නිලධාරියා පැවැසීය.

මෙම සාකච්ඡුාව සඳහා අමාත්‍යාංශ ඉහළ නිලධාරීන් සහභාගි වී ඇත.

– divaina

36,605 Viewers

10 Comments to “බලාගාරයෙන් යෝද කොමිස් කුට්ටියක් ඉල්ලු ඇමති හෙලිවෙයි..”

  1. වරදට දඬුවම නියතයි says:

    කවුද ඇමතියා? (1) රංජිත් සියඹලාපිටියද ? (2) රවී කරුණානායකද ? රාජ්‍ය ඇමති (3) චම්පික රණවකද? නිවැරදි නම සඳහන්කර තෑගි දිනාගන්න.

    • Eiffel says:

      උත්තර වැරදි. මෙතුමා හරිම කූල් ඇමති කෙනෙක්..බල්ලගෙ වැඩේ කරන්න හදනවා නිතරම..

  2. Sanka says:

    Name the minister…

    If have enough evidence, expose his name to public.

    Why every time and every issue, hiding their names?

  3. Aurora says:

    නිවැරදිව එම ගරු අමාත්‍ය තුමාගේ නම ප්‍රසිද්ධ කරන්න සුදුසුම වෙලාව තමයි මේ. මොකද ළඟ එන පාර්ලිමේන්තු චන්දෙදි මනාප ලකුණුකරනකොට එම ගරු අමාත්‍ය තුමාගේ නමට අදාල අංකය මඟ හැරයන්න චන්ද දයකයන්ට නම හරිම වැදගත්.
    නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ එතුමා පරදී කියල. අපේ හොරා අපිට හොඳා කියල පෙළපාලි යන ප්‍රබුද්ධ චන්ද දායකයන් ඉන්න රටක් තමයි ශ්‍රී ලංකාව.

  4. Raterala says:

    මහ බැංකු හොරා……

  5. kkuruwita says:

    හා පුළුවන්නම් කියමු බලන්න රනිල්ගෙ ආණ්ඩුවෙ කොයි එකා විදුලි ඇමතියා වෙලා හිටියද කියල ?

  6. Appaya says:

    Me me Ranjith siyambalapitiyada, Raviyada….,.

  7. ගමරාළ says:

    කරැපයියා ද ???? මගෙ චුට්පැට්යා ඉපදුනේම හොරකම ට අහිංසකයා .

  8. 77 UNP says:

    කවුද ඇමතියා? (1) රංජිත් සියඹලාපිටියද ? (2) රවී කරුණානායකද ? රාජ්‍ය ඇමති (3) චම්පික රණවකද? නිවැරදි නම සඳහන්කර තෑගි දිනාගන්න.

  9. David Milli-banda says:

    Who else………………… Karuppaiya……………