බලාගාරවල තෙල් ඉවරයි.. අද තෙල් ගැහුවොත් හෙට විදුලිය දෙනවා.. නැතොත් කපනවා..- ලංවිම
January 26, 2022 at 8:40 am | lanka C news
විදුලි උත්පාදනයට අවශ්‍ය ඩීසල් හා දැවි තෙල් තොග ඇත්තේ අද දිනයට පමණක් යයි ලංකා විදුලි බල මණ්ඩලය කියා සිටී.
කැලණිතිස්ස බලාගාරයට ලබාදුන් ඩීසල් අද අවසන් වන බව මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමුනි මහතා පැවසීය.
සපුගස්කන්ද හා කොළඹ වරායේ පාවෙන බලාගාරයට දැවි තෙල් ඇත්තේ අද දිනය සදහා පමණක් යයිද ඔහු පැවසීය.
මේ පිලිබදව දැනටමත් තෙල් නීතිගත සංස්ථාව දැනුවත් කර ඇති බවත් ඒ අනුව අද දිනයේ ඩීසල් හා දැවි තෙල් නොලැබුණහොත් විදුලිය කප්පාදුවක් කිරීමට සිදුවන බවත් හෙතෙම කියා සිටී.
අපේ රට දුවන්නේ අමාරුවෙන්. කොවිඩ් වසංගතයෙන් අපේ ආර්ථිකය අඩියටම වැටිලා. නමුත් එන්නත්කරනය නිසා මිනිස්සු වේලක් හැර වේලක් කන්න හරි ජීවත් වෙන්න පින් කරලා තියනවා. මේ වෙලාවේ මාධ්‍ය කාරයෝ කරන්නේ රටේ මිනිස්සුන්ගේ ධෛර්යය ශක්තිය වැඩි කරන එක වෙනුවට මානසිකව වට්ටන්න උත්සාහ කරන එක.
මිනිස්සු කල ගුන අමතක කරන්නෙ නෑ මොනව වුනත්. ජනතාව ජනපතිතුමා සමග
මේ වෙලාවේ ඡන්දයක් තිබ්බත් ආණ්ඩුවට ගෙදර යන්න වෙනවා.. මහජනතාව මහපාරට ඇවිත් හර්තාලයක් කලත් ආණ්ඩුවට ගෙදර යන්න වෙනවා..
නමුත් ඒ දෙකම දැනට රාජපක්ෂලා වලකාගෙන සිටින්නේ විපක්ෂයේ පිහිටෙනි. (පළාත්සභා ඡන්දය කල් තැබුවේ ප්‍රධාන ධාරාවේ සියලුම පක්ෂ නායකයන් සහ පක්ෂවල පූර්ණ එකඟතාවයෙනි. ජනතාව ස්වභාවිකව සහ ස්වාධීනව විරෝධතා වලට, සටනට, අරගලයට අවතීර්ණ වීම හැම විටම “ලියාපදිංචි පක්ෂ” හා ඒවායේ උපාංග වන පටු ආත්මාර්ථකාමී වෘත්තීය සමිති විසින් හයිජැක් කර වැරදි දිශාවන්ට යොමුකර අතරමං කරමින් දුර්දාන්ත රාජ්‍යයේ පාලනය තව දුරටත් පැවතීමට ඉඩ සලසයි).
ජනතාව වෙනුවෙන් ජනතාව තුළින්ම නව “දේශපාලන ව්‍යාපාරයක්” බිහිවී ඒ තුලින් සිදුවන පොදු අරගලයකින් සමස්තය පෙරලා දමන තුරු රටට සහ ජනතාවට විනාශයෙන් ගැලවීමේ මගක් නැත.