බලාගාර ජල ධාරිතාව 15%ට වැටේ.. රටටම නොරොච්චෝලේ සරණ පමණයි..
December 30, 2016 at 6:48 pm | lanka C news
බලාගාර ආශ්රිත ප්රදේශවලට ප්රමාණවත් පරිදි වැසි නොලැබීම නිසා ඒවායේ ජල මට්ටම 15% දක්වා පහළ බැස ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
මේ තත්වය මත ජල විදුලිය නිපදවීම විදුලි ඉල්ලූම උපරිම වන රාත්රියේදී පමණක් සිදු කිරීමට මණඩලය තීරණය කර ඇත.
මේ වන විට ජාතික පද්ධතියට ලබා දෙන විදුලිධාරිතාවයෙන් 85%ක් නිපදවුන ලබන්නේ නොරොච්චෝලේ ඇතුළු තාප බලාගාරවලින් බවද මණ්ඩලයේ විදුලි ඉංජිනේරුවන්ගේ සංගමය පවසයි.
එහෙත් නොරොච්චෝලේ බලාගාරයේ එක් ජනන යන්ත්රයක් අක්රිය වී තිබීම නිසා මෙගාවොට් 300ක් අහිමිව ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.