බලාපොරොත්තු නැති ලෙස ආසාදිතයන් හමුවෙනවා.. කොරෝනා පැතිරීම කොතනින් අවසන් වේදැයි කියන්න බෑ..

December 6, 2020 at 3:29 am | lanka C news
බලාපොරොත්තු නැති ලෙස ආසාදිතයන් හමුවෙනවා.. කොරෝනා පැතිරීම කොතනින් අවසන් වේදැයි කියන්න බෑ..

කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා අටළුගම වැනි ප්‍රදේශවලදී ලැබෙන ජනතා සහාය ඉතා අවම බව පෙනී යන්නේ යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එවන් ප‍්‍රදේශ හුදෙකලා කිරීමෙන් ඔබ්බට ගොස් පොලිස් ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කළ යුතු බවද සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.

එසේ කළහොත් ආවේක්ෂණ ක්‍රියාවලිය කිරීමට සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට පහසු වන බව ද ඔහු සඳහන් කළේ ය.

එසේ නොකරන්නේ නම් වෛරසය කොතැනින් අවසන් වී දැයි කිව නොහැකි බවද ඒ මහතා අවරධාරණය කරයි.

බලාපොරොත්තු නොවූ ලෙස වෙනත් දිස්ත‍්‍රික්කවලින්ද ආසාදිතයන් වාර්තා වීම ඉහල ගොස් ඇති බවද ඒ මහතා තව දුරටත් කියා සිටියේය.

22,334 views

18 Comments to “බලාපොරොත්තු නැති ලෙස ආසාදිතයන් හමුවෙනවා.. කොරෝනා පැතිරීම කොතනින් අවසන් වේදැයි කියන්න බෑ..”

  1. සමන්ත says:

    කොරන්ටී චිත්‍රපටියේ වගේ අටලුගම වටේටම වැටක් ගහලා තියන්න. කාන්‍යාවියන් ලගට යන එකෙක්ට යන්න දෙන්න. ඕක ඔච්චරටම හිතන්න දෙයක් තිටෙනවාද?

  2. බන්ඩා says:

    බේත් දෙන එක පැත්තක තියල ගොමාලා තමන් නොදන්න සංඛ්‍යා ලේකන වැඩ බාර අරන්.

  3. චන්දමානි says:

    හොඳ වෙලාවට තවම සමාජගතවෙලා නැත්තෙ.

  4. SL says:

    උඹල උපාදි කාරයෝ වෙන්න පුළුවන් හැබැයි අමු කුහකයෝ . පාරම්පරික වෙද්දු කීදෙනෙක් නම් මේකට පිළියම් කීවද (මතක තියාගනිල්ලා ඔවුන් තමන්ගේ පරම්පාරවෙන් ඉගෙන ගෙන හෝ ලෙඩ හොඳ කරපු ,ප්‍රමාණික දැනුමක් තියෙන වෙද්දු ).
    එක බෙහෙතක් උත්සහ කරලා බලන්න සහය දුන්නද.දැන් තොපේ බෙහෙත තවම ආවද, බටහිරත් තවම අඳුරේ අතපත ගාද්දී.
    ගොඩ වෙද්දු කියා කියා දෙයක් කරන්න පුළුවන් කියපු වෙද්දුත් සතේට දාල කතා කරා.

    දැන් වත් ඒ මිනිස්සු කියන බෙහෙතක් උත්සහ කරලා බලපල්ලා .

    බටහිරින් බෙහෙතක් පෙනෙන නැති මානේ , අපේ රටේ මිනිස්සුන්ගෙන් වත් වැඩක් ගනිල්ලා.

    මම මේ කියන්නේ නිකන් නෙවෙයි, බටහිර දොස්තර වරුන්ට බෑ කියපු ලෙඩ ක් සිංහල වෙදකමෙන් හොඳ කරගත්තු කෙනෙක් විදියට.

    • ක්‍රිමිනල් says:

      ගොං බෛයො ! මැලේරියා රෝගය ඉතා පැරණි රෝගයක්.වසර 1935 දී පමණ 80,000ක් මැලේරියා වසංගතයෙන් මිය ගියා.ශ්‍රි ලංකාවට මැලෙරියා රෝගය වසංගතයක් ලෙස බලපෑවා. අද ශ්‍රී ලංකාව වසර 2012 සිට පිට පිටම මැලේරියා රෝගයෙන් තොර ශ්‍රී ලංකාවක් බවට පත් කිරීමට හැකිව තිබෙනවා. ඝර්ම කාලාපීය රටක් ලෙස ප්‍රථම රට විදියට ශ්‍රී ලංකාව පත්වී තිබෙනවා.ශ්‍රී ලංකාවේ වසර හතරක් තුළ කිසිදු මැලේරියා රෝගියෙක් වර්තා වී නෑ.ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාවට මැලේරියාවෙන් තොර රටක් ලෙස සහතිකයක් ලබාදීම සඳහා කටයුතු කරමින් සිටිනවා. තොපේ හෙල වෙද්දූ කියාගන්න එවුන්ට මැලෙරියාව නසන්න බැරි උනා ,80,000 කට අධික පිරිසක් මිය ගියා ,දැන් නවීන විද්‍යාවත් එක්ක මෙම රොගයෙන් මැරෙන ප්‍රතිශතය බින්දුව මට්ටමේ. 80,000 ක් මැරෙනකං තොපේ හෙළ හොර වෙද්දූ පොල් ගැවද ?

      • වයි දිස් කොලවෙරි says:

        අනේ යකෝ…… මැලේරියා රෝගයට හදපු පෙත්තේ තියෙන්නේ හයිඩ්රෝක්සික්ලොරෝකුයිනින්.
        කුයිනින් කියන ශාකයේ යුෂයෙන්මැ ලේරියාවට බෙහෙත හොයාගත්තේ ගමක ගැමියෙක්.
        පස්සේ කුයිනින් ශාකයේ රසායන සංයෝගය කෘතිමව නිපදවලා මැලේරියා පෙත්ත හැදුවේ. පවු ජෙප්පා….

  5. basnayake says:

    Your Employer is government. Tell them. Do not do pada shows.

  6. ගමරාළ says:

    උදෙත් අඩනවා, දවලටත් අඩනවා, රෑට බැලුවත් අඩනවා යකො මුන්ට ඉස්පිරිතාල වල ලෙඩෙක්ට බෙහෙතක් කරන්න වෙලාවක් ඇත්තෙම නැතුව ඇති මෙ ජනමාධ්‍ය ඉස්සරහට වෙලා අඩ අඩා ඉන්න එක ඇරෙන්න.

    පුළුවන් මහත්තෙයෝ රටට ජනතාව ට පල ප්‍රයොජනයක් තියෙන දෙයක් කරන්න නැතිනම් අපරාදේ ඔයාට උගන්වන්න වියදන් කල අපේ බදු මුදල්.

Main News