බලු බද්දක් පනවයි…

September 2, 2021 at 11:20 am | lanka C news
බලු බද්දක් පනවයි…

එළඹෙන 2022 වසරේ සිට දඹුල්ල මහ නගර සභා සීමාවේ ග්‍රාම සේවා වසම් 13 තුළ ජීවත්වෙන සියලුම නිවෙස් වල ඇති කරනු ලබන සුරතල් බල්ලන් සහ බැල්ලියන් සඳහා බදු මුදලක් අය කර එය ජනවාරි 31 දා සිට අනිවාර්යෙන් ගෙවිය යුතු බවට යෝජනාවක් ගෙන එන බව වාර්තා වෙයි.

දඹුල්ල මහනගර සභාවේ මහා සභා රැස්වීමදී එම යෝජනාවක් සිදු කිරීමට අදහස් කරන බව දඹුල්ල මහ නගර සභාවේ නගරාධිපති ජාලිය ඕපාත මහතා විසින් නාගරික මන්ත්‍රීවරුන් වෙත පත්‍රිකාවක් මගින් දන්වා ඇත.

නගර සභාවේ නගරාධිපති වරයා වශයෙන් ඔහු වෙත ඇති බලතල යටතේ නාගරික බදු ගෙවන්නන් හට බදු මුදල් වැඩි කිරීමක් ද මේ යටතේ සිදු කරන්න නියමිතය . වාර්තා වන අන්දමට බදු මුදල 50% සිට 100% දක්වා වැඩිවීමක් ද සිද්ධ වන අතර සියලුම ව්‍යාපාරිකයන්ට සඳහා අයිතමයන් 150 ක් යටතේ බදු මුදල් වැඩි කිරීමට කටයුතු කරයි.

බදු මුදල වැඩි කිරීමේදී වාර්ෂික ආදායම ඒකක 6ක් යටතේ දී බදු මුදල් අයකර ගැනීමට යෝජනා ඉදිරිපත්කිරිමට නියමිතය.

– මහින්ද දඹුල්ල

97,727 views

38 Comments to “බලු බද්දක් පනවයි…”

  1. Saman says:

    Pissu porak

  2. sudarshana says:

    munge appage ratak meka

  3. සම්පත් says:

    හොදයිනේ. සමහර මිනිස්සු බල්ලෝ හදනවා, හරියට බලන්නෙත් නෑ, සමහර උන් පාරේත් යනවා, බල්ලොන්ට කන්න, බොන්න, බෙහෙත් දෙන්නේ නෑ, ඊට පස්සේ පැටව් හැදුනම හැම තැනම ගෙනත් දානවා. වයසට ගියාම කොහේට හරි ගිහින් අත හරිනවා. බද්දක් ගැහුවම බල්ලන්ට ඇත්තටම ආදරේ මිනිස්සු විතරක් හදයි.

  4. aru says:

    Me apathyage gon veden veedi sunakayan vedivenawa. Paare dekkath minissu ballek gedara geniyanne ne. Ko me Bahuddha Ratae karunaawa, maithriya? Hebeta. moota gahanna vena baddak thibunema nedda? Minissu paarata ballo genath demmama e ballanta badu gevanne kawda? Moo 8 vath pass vechicha ekekda?

  5. බල්ලෙක් කතා කරයි says:

    සිරුරේ තරබාරු බවට අනුව බලු බද්ද පැනවුනොත්, කෝට්ටේ මහනගර සභාවට පුළුවන් ලංකාවටම කන්න දෙන්න!

    • Thilanka says:

      මිනිස්සුන්ගේ එකල තිබුනු දයාව කරුණාව ගිලිහෙමින් පවතින මෙම කාලයේ මෙවැනි දේ කලාම අහිංසක සතෙකුවත් ඇති දැඩි කරන්න මනුෂ්‍යයෙකු පෙළඹවේවිද ? අප සමාජ ජාලා මාධ්‍ය වලින් දකින සත්ව කරුණාව ඉදිරියේදී එම සත්වයන්ට ලැබෙයිද ? ගන්නා සෑම තීරණයකටම එහෙයි කියලා තීරණගැනීම කොතෙක් දුරකට සාධාරන ද යන්න හිතලා බලන්න. මොකද මේ කියන මටද ඉදිරියේදී සුනඛයෙකු ඇති දැඩි කිරීමට දෙවරක් සිතිය යුතු වන්නේය. එමගින් අතීතයේ සිට පැමිණි මනුෂ්‍යා හා සුනඛයා අතර බැදීම තවදුරටත් පවතීද? මේ කාලයේ මනුෂ්‍යන් වන අපටත් කන්න නැති කාලයක සතෙකුටත් කන්න දීමත් ඉතා දුෂ්කර ක්‍රියාවක් නොවන්නේද ? මෙම ගන්නා තීරනවලට පිලිතුරු වශයෙන් මෙම අසරන සත්වයන් මනුෂයන් විසින් සුරතල් සතුන් ලෙස ඇති කරාවිද ?

  6. Lawrence Goonetilleke says:

    May Moda Wadey kaloth thawath minissu balanwa parey dala yai. Pua Wadey.

Main News