බලෙන් අපේක්‍ෂකත්වය ගන්න එන්න එපා.. මේක ගම්සභාවක් පාලනය කරන්න නොවෙයි.. සජිත් පිල පට්ටා ගසමින් රාජිත අරලිය මැදුරේ…

August 30, 2019 at 10:40 am | lanka C news
බලෙන් අපේක්‍ෂකත්වය ගන්න එන්න එපා.. මේක ගම්සභාවක් පාලනය කරන්න නොවෙයි.. සජිත් පිල පට්ටා ගසමින් රාජිත අරලිය මැදුරේ…

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානත්වයෙන් ගොඩනැගෙන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය එළඹෙන සැප්තැම්බර් මාසයේදී ගොඩනගන බව ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි.

එම සන්ධානය ගොඩනැඟීමෙන් පසු එහි ප්‍රතිපත්ති අනුව ජනාධිපති අපේක්ෂකයා නම් කරන බව ද ඔහු සඳහන් කළේ ය.

කොළඹ අරලියගහ මන්දිරයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා මේ බව පැවසීය.

සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලමින් රට පුරා සිදුකරන විරෝධතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක රාජිත සේනාරත්න මහතා එහිදී අදහස් පළ කළේය.

සජිත් ප්‍රේමදාස මහතාට ගම් මට්ටමේ බිම් මට්ටමේ බහුතරයක් කැමති වුවද එය රටේ බහුතරය නොවන බවද කී ඔහු නාගරික මට්ටම, මධ්‍යම පාන්තිකයන්, බුද්ධිමතුන්, උතුරු නැගෙනහිර පළාත්, සුළුජාතීන් යන සියළු සාධක සලකා බලා තීන්දුවක් ගත යුතු බවද පැවසීය.

සජිත් ප්‍රේමදාස මහතාට මන්ත‍්‍රී කණ්ඩායමෙන් තුනෙන් දෙකක් කැමති බවට මංගල සමරවීර මහතා කරන ලද ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් ඔහු කියා සිටියේ තමන්ද එම පාර්ලිමේන්තු කණ්ඩායමේ සිටින බවත් තමන් එවන් තත්ත්වයක් නොදන්නා බවත්ය.

පක්ෂ නායකත්වය හෝ ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගත යුත්තේ පක්ෂය තුළ සාකච්ඡා කරමින් මිස හන්දි ගානේ කෑකෝ ගසමින් නොවන බවද කී ඔහු පක්ෂ ඉතිහාසයේ කිසිදිනක පක්ෂ නායකත්වය බිත්තියට හේත්තු කර නායකත්වය ගැනීමේ ක්‍රමයක් නොතිබූ බවද සඳහන් කළේය.

මෙවර අපේක්ෂකයා ඉල්ලන්නේ ගම්සභාවක් පාලනය කිරීමට නොව වට ජනාධිපතිවරයා වීමට බවද ජනාධිපති අපේක්ෂකයන් හන්දි ගානේ හැඳීමට නොහැකි බවද සඳහන් කළේය.

8 views

9 Comments to “බලෙන් අපේක්‍ෂකත්වය ගන්න එන්න එපා.. මේක ගම්සභාවක් පාලනය කරන්න නොවෙයි.. සජිත් පිල පට්ටා ගසමින් රාජිත අරලිය මැදුරේ…”

  1. Sun says:

    These fellows are not good to run the country definitely they will ruin it. Most of them have very undeveloped brains and thinking abilities as people can see. They do not know any politics even to run a village council as they have corrupted heads. From the happenings round the country we can see the difference of behaviour of people now and some years ago. Now all are running after money and forgotten about old way of human qualities. Most of the leaders have no difference. They all want to make money. They do not know the principle of politics and happenings round the country. All are running after money like dogs running for a bone. Heads are not working well to think.

  2. sw says:

    යනඑන මං නැති ලැට් කටාගේ කාලය අවසන්වීගෙන යන කාලයයි .

  3. 77 UNP says:

    “පක්ෂ ඉතිහාසයේ කිසිදිනක පක්ෂ නායකත්වය බිත්තියට හේත්තු කර නායකත්වය ගැනීමේ ක්‍රමයක් නොතිබූ” වගේ බොරු කියන්න එපා දත් දොස්තර මහත්තයෝ. ඒක වලංගු නැහැ, විශේෂයෙන් UNP එකට. මොකද මුගේ පියා වන මරුපියා හෙවත් ම-රණසිංහ ප්‍රේමදාස JR බිත්තියට හේත්තුකරලා තර්ජනය කලා. ඌ තමයි “JR මරමු” කියල රටපුරා පෝස්ටර් ගැහුවේ. JR පක්ෂව හිටිය බලවත් පක්ෂයේ නායකයෝ කී දෙනෙක් ම-රණසිංහ ප්‍රේමදාසගේ ඕනෑකමට මැරුවද? මොංගල් සජිත් නිකම්ම නිකමෙක් නිසා මිසක් මරුපියාගේ පාරේ නොයන්නේ සීලෙකට නොවෙයි.

  4. CHAMINDA -SADA STF says:

    ONNA KANU KATA KUNU DATHA HONDA KATHAWAK KALA….. Thank you.

  5. SLFP එකට කහින්නෙත් ඒකෙ මිනිහෙක් නෙමේ…UNP එකට කහින්නෙත් ඒකෙ මිනිහෙක් නෙමේ…..වෙනස මාරනෙ…..

  6. G says:

    Ammo
    Gadaaaà..
    KANU kato
    Kata vaganu.

  7. UNP GAL IBBA says:

    කුණු පඩික්කන් කටා මෙදාපාරා ඇපත් නැති සක්කිලියා??????

    • The Citizens says:

      Yes,Yes ,people are impatiently waiting to express their anger to these unpatriotic,incapable rulers who have ruined the national interests of the motherland and also have not been able to provide the safety to its citizens.

  8. ඇටදුන්පියා says:

    අනේ බොලව් ! බොලාට ඔච්චරම මිනිහෙක් නැද්ද UNP එකේ ඔය පඟරනැට්ටා උඩ තියාගෙන ඉන්නේ. මට කෙළෙව්වෙත් ඕකගෙ අප්පා පුෂ්පකුමාර ඔය විදියටමයි.