බලෙන් පාලමක් විවෘත කරන්න හැදු කරූට හූ කියා පන්නා දමයි..

March 1, 2020 at 3:50 pm | lanka C news
බලෙන් පාලමක් විවෘත කරන්න හැදු කරූට හූ කියා පන්නා දමයි..

ඇඹිලිපිටිය ප්‍රදේශයේ පාලමක් විවෘත කිරීමට පැමිණි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණ විතාන මහතාට ජනතාවගෙන් ලැබුනු විරෝධතාවය හේතුවෙන් ඉක්මනින් එම ස්ථානයෙන් පිටත් වීමට සිදු විය.

ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පනාමුර බණ්ඩොක්කයාය හුලංදා ඔය හරහා පාලම ඉදිකර මේ වන විට අවසාන අධියරේ පවතී. මෙම පාලම පනාමුර මිද්දෙනිය යාකෙරෙන කෙටි මාර්ගයක් බව ප්‍රදේශවාසීන් පවසයි. පසුගිය ආණ්ඩු සමයේ මෙම පාලමේ වැඩ කටයුතු ආරම්බ කර මේ වන විට නිම වෙමින් පවතී. ඒ අතර තුර මෙම පාලම විවෘත කිරීම සදහා පසුගිය 28 දා පෙරවරු 10.30ට පමණ රත්නපුර දිස්ත්‍රික්  එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කරු පරණ විතාන මහතා පැමිනෙන ලදී. මන්ත්‍රීවරයා සමග කොළොන්න ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක හිටපු පලාත් සභා මන්ත්‍රී බී.ආරියවංශ මහතා ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී විමලශීල යන මහත්වරුද පැමිනෙන ලදී.

පනාමුර ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂයේ ආධාර කරුවන් කිහිප දෙනෙකු පමණ පාලම විවෘත කරන ස්ථානයේ සිටිනු දක්නට හැකි විය. මන්ත්‍රීවරය පැමිණීමට පෙරම ගම්මුන් විරෝධය දක්වා ප්‍රදේශයේ කුලු කොඩි ඔසවා තිබෙනු දක්නට හැකි විය.

මන්ත්‍රීවරයා පැමිණ පාලමේ එක් කෙළවරක සිට අනෙක් කෙළවරට ගොස් දැන් පාලම විවෘත කලායයි කීමත් සමග එම ස්ථානයේ සිටි පිරිස මන්ත්‍රීවරයාට විරෝධය දක්වන්නට විය. ඇඹිලිපිටිය ප්‍රාදේශීය සබාවේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ආරිය රත්න මහතා පැමිණ මන්ත්‍රීවරයාට කියා සිටියේ විවෘත කලාට කමක් නැහැ හැබැයි තාමත් වැඩ ඉවර නැහැ. මේ පාලමේ වැඩ ඉවර කරල ඇවිත් විවෘත කරන්න අපිත් එයට සහයෝගය දෙනව කියායි.පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඔවුන් සමග සුහදව කතාකල අතර මන්ත්‍රීවරයා සමග පැමිණි පිරිස සමග එම ස්ථානයේ සිටි ගම්වාසීන් උණුසුම් තත්වයක් හට ගන්නා ලදී. ගම්වාසීන් විසින් ඔවුන්ට අසභ්‍ය වචනයෙන්  දොස් පවරණ ආකාරය අපට දක්නට හැකි විය. මෙම අවස්ථාවට පනාමුර පොලීසිය විසින් පොලිස් නිළධාරීන් කිහිප දෙනෙක් යොදවා සිටි අතර මන්ත්‍රී ආරක්ෂක නිළධාරීන් විසින් මන්ත්‍රීවරයා පැමිණි වාහනයට  ඉක්මනින් නංවා ගන්නා ලදී.

ඉන් පසුවද මන්ත්‍රීවරයා සමග පැමිණි පිරිස අතර බහින් බස් වීමක් පැවැති අතර ගම්වාසීන් විසින් ඔවුන්ට සංගුහ කලේ හූ හඩිනි.

මෙම පාලම මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේදී පාලම් දහස යටතේ වෙන්වන ලද එකක් බවත් පසුගිය ආණ්ඩුව මගින් එය සෑදීම ආරම්බ කල බවත් ගම්වාසීන් කීය.

කෙසේ වෙතත් අපටද දක්නට ලැබුනේ විවෘත කිරීමට තරම් සුදුසු මට්ටමේ පාලම නොමැති බවයි.ඊට දින දෙකකට පමන පෙර පාලමේ  පිවිසුම් ස්ථාක කොන්ක්‍රීට් අතුරා ඇති බවත්,තවමත් කොන්ත්‍රාක් කරුවන් විසින් ඉදිකිරීම් කටයුතු සිදු කරන බවද දක්නට විය. මෙසේ විවෘත කර බරවාහන මෙම පාලම මතින් ධාවනය උවහොත් විශාල හානියක් සිදුවිය හැකි බව ප්‍රදේශවාසීන් පවසයි. ඊට අමතරව ගංවතුර තත්වයක් ඇතිවුවහොත් පාලමේ දෙපස හරියාකාරව මේදක්වා වැඩ නිම කර නොමැති බැවින් ඒ තුලින්ද හානියක් සිදු විය හැකි බව එම සිථානයේ සිටි බොහෝ දෙනාගේ අදහස විය.

– ඇඹිලිපිටිය ප්‍රගීත් ජනක

76 views

3 Comments to “බලෙන් පාලමක් විවෘත කරන්න හැදු කරූට හූ කියා පන්නා දමයි..”

  1. sajitha says:

    owa yuthukam. pidiyayuththa pidiya yuthui hoowen unath.

    • nalin says:

      Sajith oba hariyatama hari. boothal kupaadi pachayage goolainta janathaawa asuchi gahala
      elawanawa, mun danne hirunikar wage wettpaasiyange back gana witharai.
      banku horaa ekka ratama hingamanata daala dan enawa ,,koolam pakaala. opan karanta.

    • Amda says:

      හොඳ වැඩේ..කාලකන්නියට

      මූ කිව්ව අලි ගහණය සහ වඳුරු ගහණය වැඩියි
      අලි එක්ස්පෝට් කරන්න ඕනෙ …වඳුරු මස් කන්න ඕනෙ කියල

      මූව තමයි මසට එක්ස්පෝට් කරන්න ඕනෙ