බලෙන් වන්ද්‍යකරණයට කරවන වෛද්‍යවරුන්ට දැඩි දඩුවම් ඉල්ලයි..
March 7, 2017 at 12:40 pm | lanka C news
බලහත්කාරයෙන් වන්ද්‍යකරණයට ලක් කරන වෛද්‍යවරුන්ට දැඩි දඩුවම් ලබා දෙන ලෙස හෙල බොදු සවිය සංවිධානය රජයෙන් ඉල්ලා සිටී.
එම සංවිධානයේ ප්‍රධාන උපදේශක පූජ්‍ය ඕමල්පේ සෝපිත හිමියන් විසින් මෙසේ ඉල්ලා සිටිමින් ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති ලිපිය මෙහි දැක්වෙයි.
ගරු ජනාධිපතිතුමනි,
බලහත්කාරයෙන් වන්ද්‍යකරණයට ලක් කරන වෛද්‍යවරුන්ට දැඩි දඩුවම් ලබා දෙන්න
දඹුල්ල මූලික රෝහලේ ගැබිණි වාට්ටුවේ ප්‍රතිකාර ලබා ගන්නා ගැබිණි මාතාවන්ට දරු ප්‍රසූතියෙන් පසුව උපත් පාලන ක්රමයන් අනුගමනය කිරීමට බලහත්කාරකම් කරන බවට සදහන් ප්රවෘත්ති පළ විය. මෙය අහඹු සිද්ධියක් ලෙස අප නොදකින අතර මීට පෙර ද මෙවැනි සිදුවීම් වාර්තා වූ අයුරු අපගේ මතකයේ පවතී. වරෙක මුස්ලිම් ජාතිකයෙකු ව්‍යංජන රසවත් කිරීම සදහා භාවිතා කරන තුනපහ සදහා සතකුප්පා මිශ්‍ර කර විකුණු සිද්ධියක් ද, යුධ සමයේ දී ආබාධිත සෙබළුන්ට ප්‍රතිකාර කිරීමේදී අනවශ්‍ය ලෙස පාද ඉවත් කළ සිද්ධියක් පිළිබදව ද, කාසල් රෝහල ඇතුළු විවිධ රජයේ මෙන්ම පෞද්ගලික රෝහල්වල දරුවන් ලැබීමෙන් පසුව සිදුවන වන්ද්යාකරණයන් ගැන අපට නිරන්තර අසන්නට ලැබුණි.
උක්ත අවාසනාවන්ත සිද්ධින්ට මුහුණ පාන්නට සිදු වී ඇත්තේ සිංහල ජනතාවට වීම අතිශය කණගාටුදායක ය. රටේ මහජාතිය වශයෙන් සලකන සිංහල ජාතිය ජන හා සංඛ්‍යා ලේඛනවලට අනුව සීඝ්රයෙන් පහල බැසීමට උක්ත සිදුවීම් බලනොපෑවේ යැයි කාහට නම් කිව හැකි ද? 1960 දශකයේ පුංචි පවුල රත්තරං යැයි කියමින් ගෙන ගිය රාජ්‍ය ප්‍රචාරණය රාජ්‍ය නොවන සංවිධාන විසින් ඉතා ප්‍රවේගකාරීව සමාජගත කරමින් සිංහල ජන සංයුතිය වෙනස් කරන්නට කටයුතු කළ අන්දම ඔබතුමන් මෙන්ම අපද පිළිගන්නා කොමිෂන් සභා මගින් ද තහවුරු කරන ලද සිදුවීමකි.
මෙම ක්‍රියාදාමය තුළ සැගවී සිට කටයුතු කරන බලවේග ලෙස රාජ්‍ය නොවන සංවිධාන හා අන්තවාදී ආගම් කල්ලිවල නම් කියැවෙන්නේ නිරන්තරයෙනි. කොහොම නමුත් අද වන විට බරපතල අගාධයකට සිංහල ජාතිය ලක්ව ඇති බව නොරහසකි. සිංහල ජනතාවට ලොව ඇති එකම රට තුළත් මෙවැනි අභාග්‍ය සම්පන්න තත්වයකට පත්වීම දරාගත නොහැකි ඛේදනීය ඉරණමකි. මේ දුර්භාග්‍යයේ යටි අරමුණ වී ඇත්තේ මහජාතිය වන සිංහල ජාතිය විනාශ කිරීම ම පමණකි. පැවැති යුධමය වාතාවරණයෙන් වැඩි ම පිරිසක් මරණයට පත්වූයේ සිංහල උදවිය යි. දැන් පන්සලක පැවිදි වීමට තරම්වත් කෙනෙකු පවුලකින් සොයා ගැනීමට නොහැකි බරපතල තත්වයක් උදා වී ඇත.
එබැවින් ගරු ජනාධිපතිතුමනි,
මෙරට ඓතිහාසික ශිෂ්ටාචාරය නිර්මාණය කළ වසර දෙදහස් ගණනක් සම්බුදු සසුන රැකි සිංහල ජාතිය වදවීමට දී බලා සිටීමට ඔබතුමන්ට නොහැකිය. එම නිසා මේ සෝචනීය තත්වය මනාව තේරුම් ගෙන සිංහල ජාතිය රැකීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ඉහත සදහන් පරිදි ජාතිය වද කිරීමේ කුමන්ත්රණයේ නියුතු කිසියම් හෝ පුද්ගලයෙක් වේනම් දැඩි දඩුවම් ලබා දී නීතිය ක්‍රියාත්මක කරන ලෙස අප කාරුණිකව ඉල්ලා සිටිමු.
තෙරුවන් සරණයි!
සසුන්ලැදි,
ඕමල්පේ සෝභිත ස්ථවීර
ප්‍රධාන අනුශාසක
පිටපත් – ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා
මේකත් මහින්ද මහාතාට වල කැපු හොර ගණයෙකි
“මහින්ද මහතාට” නෙවෙයි හලෝ රටට!
ඇත්තටම හලෝ ,මූ ඔබටයි මටයි, මහින්ද මහතාටයි මුලු සිහල ජාතියටම වල කැපු අසමජ්ජාති හොර ගණයෙක්.දැන් හොර පූසා වගේ අනන් මනන් දොඩවනවා.සිවුරු ගලවා විසිවෙන දිනය ඇතක නොවේ
අනේ බොල ඕමල්පයෝ ලූප් දාන්නෙ ව්ඳ කරන්න නෙවේ. බල්ලො බලල්ලු වගේ එක පිට වදනවට. කිසියම් පරතරයක් ඇතුව ළමයි හදන්න. පින් බත් ගිල ගිල ගොන් කතා නොකිය තොලොන්චිවෙලා පල.
ලූප් දාපිය උබලගේ කුරුස ගෑනුන්ට. සිංහල අපේ ගෑනුන්ට ඕනේ නෑ.
හොර ගණය ….මුන් බිලියන ගණන් බැදුම්කර හොරකන් කරනවා…..කෘෂිකර්මය විනාශ කරනවා , හාල් පට්ට ගණන් මිනිස්සු හාමතේ…..වි ගොඩනැගිලි පිටින් හොරකන් කරනවා රට විනාශ කරනවා …..මුන් මීක් ගැවද ? නෑ මුන් මීක් ගෑවේ නෑ
බොරු දේශප්‍රේමයක් ගහගෙන එනවා මෙතන මිනිස්සු රවට්ටන්න….. මුන්ගේ සටන්වල ට දැන් සටන් පාට නෑ ..කාලකන්නි
මූවත් අල්ලල කප්පාදු කරමු.
“ජාතිය වද කිරීමේ කුමන්ත්රණයේ නියුතු කිසියම් හෝ පුද්ගලයෙක් වේනම්…”
මෙන්න හාමුදුරුවනේ ජාතිය වඳ කරන උන් ටික දෙනෙක්.
රනිල් වික්කම සිංහ
රාජිත සේනාරත්න
බදුරුදීන්
හකීම්
අතුරළියේ රතන හිමි
පා.ච. රනවක
ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ දේශනාවන්
තියා ගනිල්ලා කවදා හරි සුද්දෝ මේ රට දාලා යනවා.
උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ විසි තිස් දාහක් බෝකලාට පස්සෙයි.
ඊට පස්සේ මේ අපේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දෝ.
උන් උඹලගේ දරුවන්ට උගන්නාවි ජාති ආගම් යන බේදයක් එපා කියලා.
දෙමලත් මරක්කලයත්, හම්බයත් කොච්චියත්, බෝරා කාරයත් එකයි කියලා.
උන් කියාවි මේ රට උන් ඔක්කොමටම අයිති කියලා.
එහෙම කියලා උන් ඉංග්‍රීසියම රජ කරාවි.
පන්සල් වටේ පල්ලි කෝවිල් හදාවි.
උඹලා උඹලා වෙනුවෙන් දියසෙන් කුමාරයා ඉපදෙන තුරු බලා ඉන්නවා. උපදින්න ඉන්න දියසේන ලා තිඹිරි ගෙයිම මරා දමන්න
මේ කළු සුද්දන්ට පුළුවන් බව මතක තියා ගනිල්ලා.