බල අරගලයෙන් එක්සත් ජාතික පෙරමුණ ඈවරයි.. අගමැති කැදවූ හමුවට හකීම් පමණයි.. අන් සියල්ල වර්ජනයේ..

September 20, 2019 at 1:20 pm | lanka C news
බල අරගලයෙන් එක්සත් ජාතික පෙරමුණ ඈවරයි.. අගමැති කැදවූ හමුවට හකීම් පමණයි.. අන් සියල්ල වර්ජනයේ..

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ කොළඹ අරලියගහ මන්දිරයේ දී පැවැත්වුණු එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන්ගේ හමුව සඳහා ඇමැති රවුෆ් හකීම් මහතා හැර සෙසු පක්ෂ නායකයන් සහභාගි වී නැත.

රිෂාද් බදුර්දීන්, පාඨලී චම්පික රණවක, මනෝ ගනේෂන්, රාජිත සේනාරත්න, පලනි දිගම්බරම් යන පක්‍ෂ නායකයන් ඊයේ පැවති සාකච්ඡාවට සහභාගි නොවී ඇති බව වාර්තා වෙයි.

රවුෆ් හකීම් ඇමැතිවරයා සහභාගි වී සඳහන් කර ඇත්තේ ජනප්‍රිය අපේක්ෂකයා මේ වනවිට සජිත් ප්‍රේමදාස මහතා බැවින් ජනාධිපතිවරණයෙන් ජය ගැනීමට නම් ඔහුට අපේක්ෂකත්වය ලබා දිය යුතු බවයි.

මේ අතර ඊයේ දිනයේ පැවති පක්ෂ නායක රැස්වීම සඳහා සහභාගී නොවීම ගැන අදහස් පළ කරමින් ඇමති මනෝ ගනේෂන් සඳහන් කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂය සාකච්ඡා කර තම ජනාධිපති අපේක්ෂකයා දැනුම් දෙන තුරු පක්ෂ නායක රැස්වීම්වලට සහභාගි වී පලක් නැති බවකි.

53,373 Viewers

7 Comments to “බල අරගලයෙන් එක්සත් ජාතික පෙරමුණ ඈවරයි.. අගමැති කැදවූ හමුවට හකීම් පමණයි.. අන් සියල්ල වර්ජනයේ..”

  1. Dev says:

    පචයා මෙච්චර කල් හිටියේ රනිල් පිලේ, කරූ අපේක්ශකයා කරන්න කිය කියා. එක පාරට සජිත් පිලට පැනලා.

  2. chandapala says:

    අහෝ ! යහ පාලන ගුබබැයමට වෙච්ච විපතක තරම . කල කල දේ පල පල දේ කියන්නෙ කට කහනවට නෙමෙයිනෙ ආයුබොවන් .

  3. Lal says:

    TNA එක සජිත්ට කැමති නෑ. අනිත් ජාතිවාදී පක්ශ ටික කරූට කැමති නෑ. සින්හල මිනිස්සු අමතක කරලා සුලු ජාතික පක්ශ වල සහයෙන් දිනන්න හිතාගෙන හිටපු යූන්පී එකට හොදම වැඩේ. සින්හල මිනිස්සු කවුරුත් ඕකුන්ට චන්දෙ දෙන්න එපා.

  4. හෙලයා says:

    ගිය සැරේ ප්‍රතිපත්තියක් නැති සිරිසේන ඉස්සරහට දමල පච වපුරලා රටේ ආරක්ෂාවත් ආර්ථිකයත් දෙකම විනාස කලා. අදත් පරගැති හංස නඩේට ඇත්තේ සජියා ඉස්සහට දමල වහබියන්ට බටහිරයන්ට කඩේ යෑමය්.

  5. රන්බණ්ඩා says:

    මුළු රටටම මහත් විනාශයක් කළ යහපාලන ගෙරියන්ට කාල සර්ප යෝගය දැන් උදා වෙලා බොලව්.
    රටේ මුළුමහත් ජනතාවම රවටා, අන්ත බදු බරකින් පීඩිත කර, උදේ හවස මැරීගෙන වෙහෙසෙන අහිංසක මිනිසුන්ගේ සුළු වරදටත් පොලිස් නීතියෙන් අනන්තවූ දඩ කෙළපු, අවසානයේ රාජ්‍ය භාණ්ඩාගාරය තුට්ටුව දක්වාම හොරා කාපු කාලකණ්නි යහපාලන පරබල්ලන් රැළම සොබාදහමේ නීතියෙන් හැඳිගෑවිලා යන විදිය දැන් හොඳාකාරවම අපේ මිනිස්සුන්ට බලාගත හැකියි බොලව්.

  6. Rata Wenuwen says:

    තව ඉතිරිව ඇත්තේ තොපිලා වෙනුවෙන් හූව වඉතරයි බොල

  7. Sun says:

    This is the last round of Ranil’s politics. He cannot survive beyond this point of politics as they all know the character of the leader. Professionals cannot tolerate this type of dirty politics and hide and play games. People are very experienced and cannot tolerate people like this as leader. They all know the path and I do not think that he can survive beyond this point.

Main News