බල පෙරලියට පෙර උතුරුමැද සන්ධාන මන්ත්රීන් 17ක් මහින්ද හමුවේ.. ශ්රීලනිප මෛත්රී පිලට මහ ඇමති සමග මන්ත්රීන් තුනයි..
May 12, 2017 at 3:00 pm | lanka C news
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ උතුරු මැද පළාත් සභා මන්ත්රීවරුන් පිරිසක් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් පැවැත්වීමට අද නියමිතය.
මන්ත්රී අසුන් 33ක් සහිත පළාත් සභාවේ සන්ධාන මන්ත්රීවරුන් 21 දෙනාගෙන් 17 දෙනෙකු පමණ එම හමුවට සහභාගී වීමට නියමිත බව එම සභිවේ හිටපු ඇමති කේ.එච්. නන්දසේන මහතා පවසයි.
මෙම 17 දෙනාම ඒකාබද්ද විපක්ෂයට සහයෝගය ලබා දීමට තීරණය කර ඇතැයිද ඔහු සදහන් කරයි.
මේ තත්වය මත ශ්රීලනිපයේ මෛත්රී පාර්ශවය නියෝජනය කරමින් පළාත් සභාවේ සිටින්නේ මහ ඇමතිවරයා හා තවත් මන්ත්රීවරුන් දෙදෙනෙක් පමණක් බවත් තවත් එක් මන්ත්රිවරයෙක් ඉදිරියේදී ඒකාබද්දය හා එක්වනු ඇති බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.