බල පෙරළියක්.. රුවන් අර්ජුනට එක්වෙයි… කොළපාටින් ඉදිරියට..

September 2, 2019 at 1:20 pm | lanka C news
බල පෙරළියක්.. රුවන් අර්ජුනට එක්වෙයි… කොළපාටින් ඉදිරියට..

ගම්පහ දේශපාලනයේ බල පෙරළියක් ඇති කරමින් රුවන් රණතුංග මහතා අර්ජුන රණතුංග මහතාගේ දේශපාලන ව්‍යාපාරය සමඟ එක්ව ඇත.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන රුවන් රණතුංග මහතා ගම්පහ මිනුවන්ගොඩ ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ආසන සංවිධායකවරයායි.

කෙසේ නමුත් පසුගිය කාලය පුරාම ඔහු දේශපාලනික වශයෙන් නිහඩ සිටි අතර එම නිහඩතාව බිඳ දමමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සමුගෙන දැන් ඔහු එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධව සිටියි.

ඒ අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ දේශපාලන ව්‍යාපාරය සමඟ එක් වෙමිනි.

එය පෙන්නුම් කරමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතාත් රුවන් රණතුංග මහතාතත් සහභාගි වූ මහජන රැස්වීමක් ඊයේ දින මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වුණි.

එම මහජන රැස්වීම සංවිධානය කර තිබුණේ ගම්පෙරළිය කඩිනම් ව්‍යාපෘතිය යටතේ නිවාස අලුත්වැඩියා කිරීමට ආධාර ලැබූවන්ට චෙක්පත් ප්‍රදානය කිරීමේ සහ ප්‍රවාහන අමාත්‍යාංශයේ රැකියා පත්වීම් ප්‍රදානය කිරීම වෙනුවෙනි.

ඒ සඳහා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සහ රුවන් රණතුංග මහතා එක් වූ අතර දෙදෙනා එකම වේදිකාවක සිට දේශපාලන කටයුතුවල නිරත වූ පළමු අවස්ථාව එය විය.

එය දේශපාලන පෙරළියක නිමිත්තක් බවත් බොහෝ විට රුවන් රණතුංග ඉදිරියේදී එක්සත් ජාතික පෙරමුණින් සිය දේශපාලන කටයුතු සිදු කරනු ඇතැයිද වාර්තා වෙයි.

අර්ජුන රණතුංග සහ රුවන් රණතුංග සහෝදරයින්ග ඔවුන්ගේ තවත් සහෝදරයකු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙනින් මහින්ද රාජපක්ෂ මහතාට සහාය දක්වයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

89,256 Viewers

13 Comments to “බල පෙරළියක්.. රුවන් අර්ජුනට එක්වෙයි… කොළපාටින් ඉදිරියට..”

  1. Saradiel says:

    රට හොද අනාගතයකට ගෙනයන්න නම් හොදම පිළියම මහින්ද සමග එකතුවී ගොටාබයට සහාය දීමයි

    • Kamal says:

      අර්ජුන කියන්නේ කිසිම චන්ද පදනමක් නැති හොරා කන්ඩම උපන් පුද්ගලයෙක්. ලබන මැතිවරනයේදී අබ සරන තමා.

      • Gamarala says:

        ගමිපහ දුමිරිය ස්ථානයට ආසන්නයෙන් පර්චස් 10 ක් අර්ජුන රණතුංග පදනමටත් තවත් පර්චස් 10 ක් නිශාන්ත රණතුංගටත් බදු දීමට පිඔුරැපත් සකස්කොට අවසන්ය.

  2. vishnu says:

    මොක්කුද ඕයි මුන්

  3. Karuna says:

    Only utter foolish will join the sinking ship

  4. Kauru unat akatu una pattha anuwama hithaa gatha haki akatu uney ratata arrrdarenda ,thamuntama arrrdarenda kiyalla

  5. Raterala says:

    මියගිය තාත්තාටත් අපහාස කරනවා මෙි පුත්තු .

  6. pradeep says:

    රුවන් රණතුංග කොහොමත් සිටියේ අර්ජුන සමගය මිනුවන්ගොඩ ශ්‍රී ල නි ප සංවිධායකවරයා වුවද වැඩ කලේ අර්ජුනගේ වුවමනාවට යු එන පි යටය රුවන් මිනුවන්ගොඩ ඒ ජා ප සංවිධායක ධුරය රුවනට හිමි වන බව පැවසේ මෙය කිසිසේත්ම දේශපාලන පෙරලියක් නොවේ රුවන්ට හෝ අර්ජුනට මිනුවන්ගොඩ චන්ද නැත මේ අයට මිනුවන්ගොඩ මිනිසුන් හදුන්වන්නේ තාත්තා පාවා දුන් අය ලෙසය

    • කොට මොඩල් ලග පිකප් says:

      මුන් දෙන්නම තාත්ත වගෙම පල් හොරුන්

  7. MD says:

    Dennama ekatuwela bulath atak aragena Prasanna Malli lagata ennalu inne.Anagate Hodak dakinna nam ehema karanna.

  8. Ajith Weerasingh says:

    I will never log in to this news page, you are so cheep, and garbage.

    • RATA WESIYO says:

      Even after observing what a damage the present U.N.P. rulers have done to our Motherland over the last four and a half years,if they still try to hang around them, their patriotism to the motherland got be tested.

  9. Kamal says:

    Two useless fellows!

Main News