බවුන්සර් පන්දුවට හුක් පහරක්.. පන්දු යවන්නා උඩින්ම ක‍්‍රීඩාගාරයේ.. ප‍්‍රචණ්ඩ පිතිකරුවා මහින්ද දේශප‍්‍රියයි..

November 30, 2017 at 10:00 am | lanka C news
බවුන්සර් පන්දුවට හුක් පහරක්.. පන්දු යවන්නා උඩින්ම ක‍්‍රීඩාගාරයේ.. ප‍්‍රචණ්ඩ පිතිකරුවා මහින්ද දේශප‍්‍රියයි..

ජාතික නිදහස් පෙරමුණේ වැඩ බලන ලේකම් නීතීඥ කපිල ගමගේ මහතා විසින් සිය ෆේස්බුක් පිටුවේ තබන ලද සටහනක් මෙහි දැක්වෙයි.

කාලීන වශයෙන් උචිත යයි සැලකිය හැකි බැවින් එය මෙසේ උපුටා දක්වමු.

මෑත කාලීන මැතිවරණ සහ අධිකරණ ඉතිහාසයේ බවුන්සර් පන්දුවකට එල්ල කළ අගනාම හුක් පහර එල්ල කර පන්දු යවන්නා ක්‍රීඩාගාරයට යවන්නට පියවර ගත් මහින්ද දේශප්‍රිය නම් ක්‍රීඩකයා අද දවසේ මගේ ප්‍රියතම ක්‍රීඩකයා ය.

චන්දය කල් දමාගන්නට අභියාචනාධිකරණයට ගිය කිසිවෙකු හෝ‌ මහින්ද දේශප්‍රියට මේ අනූතුන පෙනෙනු ඇ‌තැයි නො‌සිතෙන්නට ඇ‌ත.

නමුත් අංක එකේ ගො‌ඩ පෙරකදෝ‌රැවෙකු වන මහින්ද දේශප්‍රිය නඩුව අස්සෙන් අතදමා අනූතුන අල්ලා ගත්තේ ඉතා දක්ෂ ලෙසිනි.

ප්‍රශ්නයක් නැති අනූ තුනේ ඡන්ද අපි තියනවා කියන්නට ඒ‌ දක්ෂකම පමණක් ප්‍රමානවත් නො‌වේ. චන්ඩි මනසක් ද හෘදය සාක්ෂියේ ගැස්මක් ද අවශ්‍ය වේ. ඔහුගේ චන්ඩිකම නිතර ඉස්මතු නො‌වේ.

නමුත් අද දවසේ මේ දෙකම සමෝ‌ සමේ කැලතී ඉස්මතුවී ඇ‌ත. එය ඉදිරියටත් පවතීවා යන්න මගේ පැතුමයි.

– කපිල ගමගේ

19 views

5 Comments to “බවුන්සර් පන්දුවට හුක් පහරක්.. පන්දු යවන්නා උඩින්ම ක‍්‍රීඩාගාරයේ.. ප‍්‍රචණ්ඩ පිතිකරුවා මහින්ද දේශප‍්‍රියයි..”

  1. Sisira Siribaddana says:

    Ravateema – Sinhalese have a short memory

  2. Jee says:

    Kala dutu kala wala ihagena
    Madi tharakara ganilla….
    It’s a iceberg there is a big thing underneath…
    He is also a herald of yahapalanaya…
    Would you expect him to to something against this government..
    Now next step is obvious …
    They are going to steal the people’s will…
    For that they want to show that Election commissioner is a fair and brave one…
    People please don’t get caught to these things

  3. China says:

    ඕකත් එක උප්පරවැට්ටියක්. 93 කින් බලය උරග බඑලීමක්. ඔය 93 ආන්ඩුව පරාද උනොත් ත්වත් චන්ද නොලැබෙ.

  4. Upali says:

    ඔබතුමා ගහපු පාරෙ සැර කොහොමද කියනවානම් තුමෝ, අන්න අර චන්ද තියන්න බාර ඇමති ම කියනවා පැමිනිල්ල ඉල්ල අස්කර ගන්නවා කියලා.

Main News