බවුසරයක තෙල් කළු ගගට මිශ්ර වේ.. ප්රදේශ ගණනාවක ජලය කපයි…
September 1, 2017 at 12:40 pm | lanka C news
තෙල් ප්රවාහනය කරමින් තිබූ බවුසරයක් පෙරලී ගොස් එමි තිබූ තෙල් කළු ගගට මිශ්ර වීම නිසා හොරණ කදන ජල පවිත්රාගාරයේ කටයුතු තාවකාලිකව අත්හිටපූ බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
මෙම පෙට්රල් බවුසරය පෙරලී ගොස් ඇත්තේ කිරිඇල්ල, මඩල ප්රදේශයේදීය. බවුසරයක් පෙරළී යාමෙන් එහි පෙට්රල් කළු ගඟට මිශ්ර වී තිබේ.
පානදුර, බණ්ඩාරගම, හොරණ, මොරටුව, නල්ලුරුව, කිරිබේරිය, රයිගම, කෙසෙල්වත්ත, කුඹුක, මොරොන්තුඩුව, මිල්ලනිය, කහතුඩුව, පිළියන්දල, බොරලැස්ගමුව, කැස්බෑව ඇතුළු ප්රදේශවල මේ නිසා ජල සැපයුම අත්හිටුවා ඇතැයිද මණ්ඩලය සදහන් කරයි.