බසයෙන් බැස්ස මගියා එම බසයටම යටවී මිය යයි…

August 12, 2020 at 6:48 pm | lanka C news
බසයෙන් බැස්ස මගියා එම බසයටම යටවී මිය යයි…

වව්නියාව නව බස්නැවතුම්පලෙී ලංගම් බස් පර්යන්තය තුලදී මගියෙකු බස් රථයකට යටවීමෙන් මිය ගොස් ඇති බවට වව්නියාව පොලීසිය පවසයි.

අදාල මගියා කුරුනෑගල සිට වව්නියාවට ලංගම බස් රථයකින් පැමිණ ඇති අතර එහිදී බස් රථය බස්නැවතුම්පලේදී නැවත්වීමෙන් අනතුරුව මගියා විසින් බස් රථයෙන් බැසි බස් රථයට ඉදිරියෙන් අනෙක් පසට ගමන් කිරීමට ගත් උත්සහයකදී බස් රථයේ රියදුරුට මගියා නොපෙනී බස් රථය ඉදිරියට ධාවනය කිරීමේදී මගියා බස්රථයට යටවීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට මූලික පොලිස් පරික්ෂණ වලදී හෙලි වී ඇත.

අනතුරුව බරපතල තුවාල ලැබූ මගියා වව්නියාව මහරෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ගොස් ඇති අතර බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බවට වව්නියාව පොලීසිය පවසයි.

අනතුරින් මිය ගොස් ඇත්තේ වව්නියා බෝගස්වැ ප්‍රදේශයේ පදිංචි 77 හැවිරිදි වයෝවෘද්ද අයෙකු බවට පරික්සණ සිදු කරන වව්නියා පොලීසිය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

24,343 views

One Comment to “බසයෙන් බැස්ස මගියා එම බසයටම යටවී මිය යයි…”

  1. Dilshan says:

    It’s very dangerous to walk in front of tall vehicles. Even when crossing the roads in yellow crossing one must remember this

Main News