බස් රිය පදවද්දී රියැදුරු අසුනේම මියගිය රියැදුරා ජීවිත 38ක් බේරාගනී…
December 1, 2017 at 3:50 pm | lanka C news
බස් රථය ධාවනය කරමින් සිටියදී හදිසි හෘදයාබාධයක් වැළඳී බසයේ ගමන් කළ මගීන්ට කිසිදු අනතුරක් නොවන ලෙස මියගිය රියැදුරකු පිළිබඳ පුවතක් චාවාකච්චේරියෙන් වාර්ථා වේ.
යාපනයේ චාවාකච්චෙරි ප්‍රදේශයේ විවාහ මංගල්ලයක් සදහා පුද්ගලයින් 38 දෙනෙකු රැගෙන මෙම රියැදුරා බස් රථය පදවාගෙන ගොස් අත්තේ ඉකුත් 29 වැනිදායි.
ඔහුට හදිසියේම හෘදයාබාධයක් වැළදී ඇතත් ඔහු ඉතාම අසීරුවෙන් බස් රථය පාරේ අයින් කොට නවතා රියැදුරු අසුන තුළම මියගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ යාපනයේ චාවාකච්චේරියේ පදිංචි ගෝමරසාමී නවරත්නම් නැමති 69 හැවිරිදි අයෙකි.
බස් රථය නවත්වා ස්වල්ප වේලාවක් ගත වුවත් එය ආපසු ගමන් අරඹන්නේ නැත්තේ මන්දැයි බස් රථයේ සිටි අයෙකු විපරම් කොට බලන විට රියැදුරුට රියැදුරු අසුනේම නින්ද ගොස් ඇති අයුරු දැකගන්නට ලැබී තිබේ.
ඔහුට කතා කළත් ඔහු කතා නොකරණ නිසා ඔහු ළගට යනවිට ඔහුගේ නාසයෙන් රුධිරය ගලන බව දැක වහාම ඔහුව ත්‍රී රෝද රථයක නංවාගෙන චාවාකච්චෙරිය රෝහල වෙත රැගෙන ගොස් ඇතත් ඔහු රෝහලට ගෙන යන විටත් මියගොස් සිට තිබේ.
වෛද්‍ය පරීක්ෂණ වලදී හෙළි වී ඇත්තේ ඔහු හෘදයාබාධයකින් මියගොස් ඇති බවයි.
මියගිය අයගේ මලසිරුර පරීක්ෂණ කටයුතු වලින් පසුව 30 දා ඔහුගේ ඥාතීන් වෙත බාරදී තිබේ.
– adaderana.lk
මොන හදිස්සි වැඩේ තිබ්බත් වෙලාව ආවහම යන්න ඕනේ… අරන් යන්න දෙන්නේ කල පින් පවු විතරයි…
කාටත් කරදරයක් නැතුව මෙහෙම යන මිනිස්සු ටිකයි ඉන්නේ…
Respect you Sir.
May he rest in peace! May others who are trying to make a mess by dragging the innocent people to the street to get them into power also rest in peace as soon as possible!
great
respect you