බස්නාහිරින් පසුව කොරෝනා එන්නත් කරන දිස්ත‍්‍රික්ක මෙන්න..

May 14, 2021 at 6:31 pm | lanka C news
බස්නාහිරින් පසුව කොරෝනා එන්නත් කරන දිස්ත‍්‍රික්ක මෙන්න..

කොවිඩ් මර්දනය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කර ඇති එන්නත්කරණ වැඩසටහන මේ වන විට බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්ක වල ක්‍රියාත්මක කර ඇති බවත්. ඉන් අනතුරුව මහනුවර, කුරුණෑගල සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ආසාදිතයන් බහුල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ප්‍රදේශ තෝරා ගනිමින් ලබාදෙන බවත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (14) පස්වරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියාය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය – “අපි දැනට එන්නත්කරණය සිදු කරනු ලබන්නේ බස්නාහිර පළාතේ පමණයි. බස්නාහිර පළාතේ ලක්ෂ 11 ක ජනතාවක් අපි සම්පූර්ණ එන්නත්කරණයට භාජනය කර තිබෙනවා. කොවිඩ් රෝගය වැළැක්වීමට මුළු රටේම එන්නත්කරණය සිදු කිරීමට බලාපොරොත්තු වන්නේ මිලියන 13 ක පමණ ජනතාවකට. මෙහිදී අවුරුදු 60 ට වැඩි මේ රටේ ජනගහනය වන මිලියන 2.3 කටත්, අවුරුදු 40-50 අතර ජනගහනය වන මිලියන 5.3 කටත්, අවුරුදු 30-40 ත් අතර මිලියන 3.3 ක් ජනගහනය ඉන්නවා. අවුරුදු 30 ඉහළ අයටයි එන්නත්කරණය සිදු කරනු ලබන්නේ.”

“බස්නාහිර පළාතේ එන්නත්කරණය අවසන් වුණාම නුවර, කුරුණෑගල, රත්නපුර දිස්ත්‍රික්කය වැනි දිස්ත්‍රික්ක වල එන්නත්කරණය පටන් ගැනීමටත්, ඊට සමගාමීව අනෙක් දිස්ත්‍රික්කවලත් එන්නත් ලැබෙන ආකාරය අනුව එන්නත්කරණය සිදු කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා.”

– විරාජ් අබේසිංහ

40,323 views

8 Comments to “බස්නාහිරින් පසුව කොරෝනා එන්නත් කරන දිස්ත‍්‍රික්ක මෙන්න..”

  1. ගමේ මනුස්සයා says:

    මහා පිරිසක් එන්නත් අවසන් වීම නිසා හැරී යනවා.ඔවුන් මහත් පීඩාවකට පීඩනයට පත් වෙනවා.ඒ ගැන සොයා බලා යමක් කරන්න

  2. Heki nam chanda madyasthana siyallama ennath madyasthana kara polim adu karanna

  3. බූරු පුතාණෝ සජියා says:

    අපෙ පැත්තෙ එන්නත දුන්නෙ ග්‍රාම නිලධාරි කොට්ඨාශ අනුව පිලිවෙලට නිසා කිසිම තදබදයක් නැතුව හැමෝම එන්නත් කරගත්තා.

  4. ලප කුමාර ටොම් පචයා says:

    ඕක ප්ලේන් එකක දාලා අහසින් ඉහින්න බැරි මෝඩ ආණ් ඩුවක්.

  5. වෙබ් බුවා says:

    60 පැනපු අයට එන්නත් නොදෙන්නෙ ඒය මැරෙන්න දීල පෙන්ෂන් ගෙවන්න තියෙන මුදල් ඉතිරි කරගන්න අදහසින් වෙන්න ඇති.එහෙම නං පාර්ලිමේන්තුවේ ඉන්න හැට පැනපු එකෙකුටවත් එන්නත දෙන්න එපා

  6. Hesh says:

    මුහුද හත් ගව්වක් තියලා අමුඩ ගහනවා වගේ. තාම එන්නත් තියෙන්නේ ලක්ශය 10ක් විතර. බස්නාහිර ගහලා ඉවර වෙද්දී ජූලි විතර වෙයි. ඒ වෙද්දී අනිත් දිස්ත්‍රික්ක වල තත්වේ දන්නේ කවුද

  7. කොළඹ අපි says:

    අනේ පව් දකුණෙ හම්බන්තො

    ට උන්

  8. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    පක්ස විපක්ස මන්ත්‍රිවරුන්ට ඔවුන්ගේ නෑසියන්ට අන්තේවාසිකයින්ට දීල ඊට පස්සෙ උන්ට සල්ලි වියදම් කරන ධන කුවේරයින්ට දීල ඊටත් පහු පෝට්ටුවෙ කටු කන උන්ට දීල් ඉතුරු උනොත් සාමාන්‍ය මහජනතාවටත් දෙන්න

Main News