බස්නාහිර නිල කාලය 21 අවසන්.. මහ ඇමති ඉසුර සමග සමූහ ඡයාරූපයට ඉන්නවත් බෑ කියා මන්ත‍්‍රීවරු යන්න යති…

April 11, 2019 at 2:10 pm | lanka C news
බස්නාහිර නිල කාලය 21 අවසන්.. මහ ඇමති ඉසුර සමග සමූහ ඡයාරූපයට ඉන්නවත් බෑ කියා මන්ත‍්‍රීවරු යන්න යති…

මේ මස 21 වෙනිදා නිල කාලය අවසන් වීමට නියමිතව බස්නාහිර පළාත් සභාවේ මහ ඇමති ඉසුර දේවප්‍රිය සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටීමට විපක්ෂ මන්ත්‍රීවරු ප්‍රතික්ෂේප කර තිබේ.

එසේ සිදුකර ඇත්තේ 2019 වසරේ දී තම නියමිත සංවර්ධන කටයුතුවලට ප්‍රතිපාදන වෙන්කිරීමට මහ ඇමතිවරයා කටයුතු නොකලේ යැයි විරෝධය පළකරමිනි.

සෑම වසරකම මන්ත්‍රීවරයෙකුට ලක්ෂ 25 බැගින් අයවැයෙන් වෙන් කරන ලද මෙම වසරට මුදල් වෙන් කරන බව ඇමතිවරයා පැවසූ එසේ නො ලැබුණු බව විපක්ෂ මන්ත්‍රීවරුන් සඳහන් කරති.

නමුත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකුට ලක්ෂ 200-250 ආදී ලෙස කෝටි ගණන් ප්‍රතිපාදන ලබාදී ඇති බවද ඔවුහු පවසති.

ඊට විරෝධය පළ කරමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් මහ ඇමතිවරයා සමඟ සමූහ ඡායාරූපයකට පෙනී නොසිටි බව විපක්ෂ මන්ත්‍රීවරුන් තව දුරටත් කියා සිටිති.

69 views

3 Comments to “බස්නාහිර නිල කාලය 21 අවසන්.. මහ ඇමති ඉසුර සමග සමූහ ඡයාරූපයට ඉන්නවත් බෑ කියා මන්ත‍්‍රීවරු යන්න යති…”

  1. sathil says:

    maha eka rata kewa
    muu gama kewa

    kotte kewa

  2. Lokka says:

    This donkey is finished at the next election. Not worth enough 5cents.

  3. මධුමාධව හෙළපණ්ඩිත says:

    බයවෙන්න එපා. මූ නැවත මෙි කපේදි මහ අැමතිවරයෙක් නමි වෙන්නේ නෑ.
    ගොනා උනත් මූට වඩා දහස් වාරයක් උපාලි කොඩිකාරය හොඳයි.

Main News