බස්නාහිර පලාතෙන් වතුකරයට ගොස් සැගවුනු පිරිසක් අල්ලාගනී.. එතැනම නිරෝධානයට…

November 1, 2020 at 8:40 am | lanka C news
බස්නාහිර පලාතෙන් වතුකරයට ගොස් සැගවුනු පිරිසක් අල්ලාගනී.. එතැනම නිරෝධානයට…

බස්නාහිර පලාත තුල සේවය කර වතුකරයේ තම නිවාස වලට පැමිණ සිටි පස් දෙනෙකු සහ ඔහුන්ගේ පවුලේ සමාජිකයන් (31) දින ස්වයං නිරෝධානයට යොමු කල බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍යය පරික්ෂක ආර්.ආර්.එස්.මැදවෙල මහතා පැවසිය.

වැල්ලවත්ත ,මට්ටකුලිය යන ප්‍රදේශවල රැකියා වල නිතරව සිට (30) දින මෙම පිරිස හැටන් දික්ඔය , නොර්වුඩ් සහ හැටන් කොටගල යන ප්‍රදේශවලට පැමිණ ඒ පිලිබදව හැටන් පොලිසියේ නිලධාරින්ට හෝ නගර සභාවේ සෞඛ්‍යය අංශ වෙත දැනුම් දිමකින් තොරව සැගවි සිටියදි ප්‍රදේශවාසින්ගෙන් ලද තොරතුරක් මත මෙම පිරිස සොයාගැනිමට හැකි වු බවයි මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා කියා සිටියේ.

තම බලප්‍රදේශයෙන් පිටත වතුකරයට පැමිණ සැගවි සිටින පිරිස සම්බන්ධයෙන් ඔහුන් පදිංචිව සිටින බලප්‍රදේශයේ පොලිසියට දැනුම් දිමට කටයුතු කරන බව මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

17,300 views

3 Comments to “බස්නාහිර පලාතෙන් වතුකරයට ගොස් සැගවුනු පිරිසක් අල්ලාගනී.. එතැනම නිරෝධානයට…”

  1. නාරද says:

    බස්නාහිරින් වෙනත් පළාත් වලට පැනීම කෙසේ වෙතත්, බස්නාහිර බහුතර රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ගැන නිසි පරීක්ෂාවක් කරන්න. නිරෝධානය නීති සංදර්ශනයට සහ ප්‍රශ්ණයක් ඇති වුවහොත් බේරෙන්න උපක්‍රමයක් පමණයි. සේවකයින් එකි නෙකා අතර මුහු නොවීමට විද්‍යාත්මක ක්‍රමයකට සේවා මුරු සකසන්නේ නැහැ. මේ වාගේ දේවල් ලියනකොට කොමෙන්ට් වලවත් පලවෙන්නේ නැහැ. මේ ලියන හතරවෙනි වතාව. බලමු. ආර්ථිකය ගොඩ නගන්න නම් රට ඇරලා තිබිය යුතුයි. ඒ සඳහා සංදර්ශන කාරයන් වැඩක් නැහැ.

  2. පොහටිටු කාරයන්ගේ පස්ස පැත්තේ පොහොට්ටු අඳින කෙනෙක් says:

    කඩයක වැඩකරපු අහිංසක දෙමළ මිනිස්සු ටිකක් වෙන්න ඇති. අනේ ගෝඨාභයගේ එක රටක් එක නීතියක්. තුඃ නොදකින්.

  3. bua says:

    may thondas wedding guests.

Main News