බස්නාහිර පලාත වසා දැමේ.. කිසිවෙකුට පිටවීම තහනම්…

November 11, 2020 at 9:38 pm | lanka C news
බස්නාහිර පලාත වසා දැමේ.. කිසිවෙකුට පිටවීම තහනම්…

බස්නාහිර පළාතේ සිටින සියලුම පුද්ගලයන්ට වෙනත් පළාත් සඳහා පිටවීම තහනම් කර තිබේ.

මෙම තහනම ලබන 15 දින මධ්‍යම රාත්‍රී 12 දක්වා ක්‍රියාත්මක බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

බස්නාහිර පලාතෙන් කොරෝනා ආසාදිතයන් වැඩි පිරිසක් හදුනා ගැනීම හේතුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ සඳහා ලබා දුන් උපදෙස් මත මෙම පියවර ගෙන ඇත.

ඒ බව සඳහන් කරමින් ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

බෝ නොවන රෝගවලින් පෙලෙන්නන් කොවිඩ් ආසාදනයෙන් බේරා ගැනීම සඳහා විශේෂ අවධානය යොමු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.

සෙසු රටවලින් මෙන්ම මෙරටින්ද වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාවෙන් 93% කට හේතුව බෝ නොවන රෝග වැළඳුණු අයට වෛරසය ආසාදනය වීම බව වෛද්‍යවරු පෙන්වා දෙති. හෘද, දියවැඩියා, වකුගඩු සහ පිළිකා ආශ්‍රිත රෝගීහූ ඉතා වේගයෙන් කොවිඩ් ආසාදනයට ලක් වෙති. බොහෝ දෙනෙකු රෝග ලක්ෂණ නොපෙන්වා මරණයට පත්ව ඇත. පසුව කළ PCR පරීක්ෂණවලදී ඔවුන් කොවිඩ් අසාදිතයන් බවට තහවුරු වී තිබේ.

මේ පිළිබඳව විශේෂ අවධානය යොමු කොට බෝ නොවන රෝගවලින් පෙළෙන්නන් ආරක්ෂා කර ගැනීමට සහ කොවිඩ් ආසාදනයෙන් වැළකී සිටීමට අදාළ උපදෙස්දීම හා දැනුවත් කිරීම් වහාම සිදු කරන්නැයි ජනාධිපතිතුමා උපදෙස් දෙයි.

ජනාධිපති කාර්යාලයේ දී දෛනිකව හමුවන කොවිඩ් කාර්ය සාධක බලකාය අද (11) පෙරවරුවේ රැස් වූ අවස්ථාවේ දී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය. අද රැස්වීමේ දී කොවිඩ් ව්‍යාප්තිය සහ පාලනය පිළිබඳ වත්මන් තත්ත්වය මෙන්ම අනාගතයේ දී මතුවිය හැකි වෛරස ආශ්‍රිත රෝග පාලනය සහ ජනතාවගේ සෞඛ්‍ය සුරක්ෂිතතාව තහවුරු කරනු පිණිස ගත යුතු ක්‍රියාමාර්ග සහ අධ්‍යයනය කළයුතු ක්ෂේත්‍ර ගැන ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ.

ප්‍රධාන රෝහල් වෙත පැමිණීමට ජනතාවට ඇති දුෂ්කරතා හඳුනාගෙන කලක් රට පුරා සාර්ථකව ක්‍රියාත්මක වූ ප්‍රාදේශීය බෙහෙත් ශාලා (ඩිස්පෙන්සරි) කඩිනමින් පූර්ණ සක්‍රීයත්වයට පත් කළයුතු යැයි ද රාජපක්ෂ මැතිතුමා අවධාරණය කළේය. ඒවාට අවශ්‍ය වෛද්‍ය, හෙද, වින්නඹු සහ සෙසු කාර්ය මණ්ඩලය කඩිනමින් අනුයුක්ත කළ යුතු බව ද ජනාධිපතිතුමා පැවසීය.

හුදකලා කර ඇති ප්‍රදේශ වෙත භාණ්ඩ බෙදා හැරීමට සම්බන්ධ වන පාර්ශ්ව නිවැරදි ක්‍රමවේද අනුගමනය කරන්නේ ද යන්න අඛණ්ඩව නිරීක්ෂණය කළ යුතුය. එම ප්‍රදේශවලින් ඉවතට පැමිණීමට හෝ ඊට ඇතුළුවීමට හෝ කිසිවෙකුට ඉඩ නොතබන්නැයි ජනාධිපතිතුමා කියා සිටියේය.

බන්ධනාගාරය ආශ්‍රිත තත්ත්වය සහ ව්‍යාප්තිය වැළැක්විමට ගෙන ඇති ක්‍රියාමාර්ග විමසුමට ලක් විය.

කොවිඩ් ආසාදිතයන් වැඩි සංඛ්‍යාවක් හඳුනා ගෙන ඇති බස්නාහිර පළාතේ සිට සෙසු පළාත්වලට කරන සංචරණය වළක්වාලීමට පියවර ගන්නා ලෙස ද ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

සෞඛ්‍ය ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රේමනාත් සී දොලවත්ත, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලීත් වීරතුංග යන මහත්වරු සහ කොවිඩ් කාර්ය සාධක බලකායේ සාමාජිකයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

91,610 views

10 Comments to “බස්නාහිර පලාත වසා දැමේ.. කිසිවෙකුට පිටවීම තහනම්…”

  1. SL says:

    ඇත්තටම ආණ්ඩුවට මේකට ප්ලෑන් එකක් හිතාගන්න බැරිව ඉන්න බව තමයි පෙනෙන්නේ.දවස් තුනක් මොන රේ**ටද .
    කොළඹ මිනිස්සු වැඩ කරන තැන් වලට ගිහින් බලන්න එක බ*ලෙක් නැහැ.
    සයිට් වල ඉන්න මිනිස්සු එක ගොඩේ ඉන්නේ ,එහෙම ඉන්නවනම්, එහෙම වැඩ කරන්නත් දෙනවා නම්.එතෙන්ට කොවිඩ් නොඑන්න වැඩ පිළිවෙලක් තියෙන්න ඕනේ .

    පළාත 15ව වෙනකල් වහල බලාපොරොත්තු වෙන විශේෂ ප්‍රතිපලේ මොකක් ද ???

  2. දක්ෂිණ ලංකා says:

    හොඳ වැඩේ බස්නාහිර සොම්බියන්ට.
    මුංට කොච්චර කිව්වත් අහන්නේ නෑ..රට වටේ යනවා ල‌ෙඩ බෝකරකර.දකූණු ලකට මේ ජරා යක්කුග‌ෙන් තමා ල‌ෙඩේ බෝවුනොත්.

    • පුහ් says:

      තමුසෙට පුදුම හීනමානයක්නෙ තියෙන්නෙ. බෙහෙත් ගන්නව ඔය මොලේ අමාරුවට. දකුණේ මිනිස්සු ඔහොම පටු අදහස් තියෙන මෝඩයො නෙවෙයි. තමුසෙට පිස්සු!

  3. kdtv says:

    පසුව හෝ තත්වය දෙල් වෙද්දී හෝ මේ පියවර ගත්ත ඒක හොදයි
    නැත්තම් ආර්ථික ය කෙසේ වෙතත් ඊටවඩා වික්ෂිප් ත බවකට රටම සහ ආණ්ඩුවට මුණ දෙන වෙයි.
    ගම්පහ පොලිස් බල ප්‍රදේශ, පොලිස් වස ම් ගගා විජ්ජා නොදා, කෙලින්ම විශේෂ ඥ යින් ගේ රෙකමන්ඩ්ඩේ ශන් මොනවද බලල වැඩ කරානම් හරි.
    ප්‍රශ්නයක් තියනවා ඇත්ත රටවහල මිනිස්සුන්ට කන්න දෙන්න සල්ලි නැ, යු ඇන්පී හිටියත් එම මයි.
    එත් ඉගුරු දීල කොච්චි ගේන්නත් බැ .
    ඒ නිසා ටිකක් අමාරු තීරණ ගන්න වෙයි, පස්සේ හොදින් රටතියෙන්න ඕනිනම්.
    නමුත් මටත් කියන්න පුළුවන්, එත් අර මුඩුක්කුවේ ඩේ ලි ජොබ් කරන මනුස්සය ඇහුවොත් උදේ ඉදලා මුන්ට කන්ඩ නැ තෝද දවල්ට දෙන්නේ?
    මේ වටත් පිළිතුරු නැ.
    එත් රට වෙනුවෙන්, ඉස්සර වෙනුවෙන් කියනවා ඇරෙන්න

  4. prasanna says:

    mahara kadawatha pradesayata vegitable, coconut visal higayak etha, methak kal kisima bhandayak ragath wahana awe netha, apita salli deela gannath baduneha,kolombata kiri apita kekiri tama

  5. nimalsiri says:

    anang manang kathaakoranna epaa yako. videsha ratakin ventilator ekak geneema sandahaa lankaawata thegi
    dunnu eupiyal laksha 80ka mudala, ara cabinett inna pohottuwe emathiyek aragena, horaakaapu thawath sallith
    daala, koti 15kata mercedes benz ekak aragena padinavaalu.munta monawage hena gahanda oneda kiyaapan.

  6. බකට් හැරී says:

    ” පොඩි මල්ලිට අනුව ආර්ථිකේ හදන්න යන ගමන් කොරෝනා නැති කරන්න හැදුවා වගෙයි “

  7. බූරු පුතානෝ සජීයා says:

    ඉතා හොඳ තීරනයක් ආඩම්බරයි ජනපතිතුමා ගැන

  8. Urgently Local Traditional Medicine system to be implemented with Western Medicine system. Covid can cure only from the Local Traditional Medicine system only.

  9. PD says:

    Be safe people. Now it definitely looks like “community transmission” in Colombo. Only way to slow it down is to wear good masks (surgical mask or above) all the time, keep 10 feet distance from others and just stay home as much as possible. Also stay positive, drink kothamalli and get 15 mins sunshine between 11am to 1pm every day (3000 IU D3 per day).x