බස්නාහිර පළාත සහ පුත්තලම් දිස්ත්‍රික් සියලුම හමුදා හා පොලිස් වසම් වහා ක්‍රියාත්මක වන පරිදි කොළඹ ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානය යටතට..

April 29, 2019 at 8:00 pm | lanka C news
බස්නාහිර පළාත සහ පුත්තලම් දිස්ත්‍රික් සියලුම හමුදා හා පොලිස් වසම් වහා ක්‍රියාත්මක වන පරිදි කොළඹ ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානය යටතට..

බස්නාහිර පළාත් සහ පුත්තලම් දිස්ත්‍රික්කයේ සියලුම යුද්ධ හමුදා, නාවික, ගුවන් හමුදා සහ පොලීස් වසම් වහා ක්‍රියාත්මක වන පරිදි අවශ්‍ය ක්‍රියාන්විතයන් සඳහා ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානය – කොළඹ යටතට පත්කර ඇති බව සඳුදා (29) පස්වරුවේ යුද්ධ හමුදා මූලස්ථානය නිවේදනය කර ඇත.

බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ මෙම ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයේ අණදෙන නිලධාරී වශයෙන් පත්කර ඇත.

නාවික හමුදාවේ රියර් අද්මිරාල් ඩබ්.ඒ.එස්.එස් පෙරේරා, ගුවන් හමුදාවේ එයාර් වයිස් මාර්ෂල් ඩබ්.එල්.ආර්.පී රුද්‍රිගු සහ පොලිස් අධිකාරී එල්.කේ.ඩී අනිල් ප්‍රියන්ත යන නිලධාරීන් අදාළ සේවාවන්හි සහ පොලීසියේ සම්බන්ධීකරණ නිලධාරීන් ලෙස මෙම මූලස්ථානයට පත්කර ඇත.

මෙම කොළඹ පිහිටි ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානය, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී යටතේ වහා ක්‍රියාත්මක වන ලෙස පිහිටුවා ඇති බව යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා විසින් ආරක්‍ෂක අමාත්‍යංශයට දන්වා ඇත.

– Army Media

21 views

3 Comments to “බස්නාහිර පළාත සහ පුත්තලම් දිස්ත්‍රික් සියලුම හමුදා හා පොලිස් වසම් වහා ක්‍රියාත්මක වන පරිදි කොළඹ ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානය යටතට..”

  1. මහනුවර අක්‍රම් says:

    ලප කුමාරගේ 20 ගෙනත් පොලීසිය 10ට කඩලා තිබ්බනම් සැප කොහොමද?

  2. Citizen says:

    First thing, first! Give priority to clean up Wilpaththu, use bulldozers and replant trees at the earliest.

  3. කෝ අර වහසිබස් දොඩවන ලපකුමාර පාවාදෙන්නා මුගේ 20 ගෙනාවා නම් කෙලවිලා හමාරයි සක්කිලියෝ මුදලට අම්මයි අප්පයි දෙන්නම උගස්කොරාවී???

Main News