බස්නාහිර පාසල්වල ඩෙංගු පරික්ෂාවෙන් මදුරු කීටයින් සහිත පරිශ්‍ර 298 ක්.. 106 කට නඩු..

May 4, 2017 at 2:05 am | lanka C news
බස්නාහිර පාසල්වල ඩෙංගු පරික්ෂාවෙන් මදුරු කීටයින් සහිත පරිශ්‍ර 298 ක්.. 106 කට නඩු..

පාසල් වාරය පසුගිය (26) ආරම්භ කිරීමෙන් පසු ඩෙංගු මදුරු මර්දනය සදහා පවිත්‍රතා සිදු කර ඇති අයුරු පරීක්ෂාවට ලක්කර වාර්තාවක් ලබාදෙන මෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ජාතික ඩෙංගු මර්දන ඒකකයට දැනුම් දෙන ලදි.

එමෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදෙස් මත පසුගිය දිනවල දෙමාපියන් සහ ආචාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් පාසල් පවිත්‍රතා කිරීම් ද සිදු කරන ලදි.

රෝගීන් සහ මදුරු කීටයින් පිළිබද ආෙවික්ෂණ දත්ත වලට අනුව අවදානම් දිස්ත්‍රික්ක 12 ක් හදුනාගෙන ඇත. එම දිස්ත්‍රික්කවල සමස්තයක් ලෙස පාසල් පද්ධතිය තුල ඩෙංගු බෝවන ස්ථාන වැඩි වශයෙන් හදුනා ගෙන ඇත. 2017 වසරේ පළමු මදුරු මර්දන සතිය සහ විශේෂ මදුරු මර්දන වැඩසටහන් තුළ මදුරුවන් බෝවන ස්ථාන සහිත පාසල් 763 ක් සහ මදුරු කීටයින් හමු වූ පාසල් 121 ක් සොයාගෙන තිබෙි.

ඒ අනුව පසුගිය (26) දින නව පාසල්වාරය ආරම්භ කිරීමෙන් පසු සෞඛ්‍ය නිලධාරීන්, පොලීසිය හා ත්‍රිවිධ හමුදාව ඒකාබද්ධව පසුගිය 28 සහ 29 යන දෙදින පාසල් පරීක්ෂා කිරීමට කටයුතු කෙරිනි.

එම පරික්ෂා කිරීම් වලට අනුව බස්නාහිර පළාතේ කොළඹ, කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්ක වල පාසල් පරිශ්‍ර 10,089 ක් පරීක්ෂාවට ලක්කර, මදුරු කීටයින් සහිත පරිශ්‍ර සහිත පාසල් 298 ක් සොයා ගන්නා ලදි. එහිදී පරිශ්‍ර 2091 ක් නිවැරදි කිරීමටත්, 630 කට නිෙවිදන නිකුත් කිරීමටත්, 106 කට නඩු පැවැරීමටත් කටයුතු කොට ඇත.

එම පරීක්ෂා කිරීමෙි දී මදුරු කීටයින් බෝවන අයුරින් පැවැති පාසල් සදහා එම ස්ථාන ඉවත් කිරීමට මාසයක කාලයක් ලබාදීමට නියමිතය. එම මාසයක කාලයෙන් අනතුරුව මදුරු කීටයින් බෝවන ස්ථාන කිසියම් පාසලක හමු වුවහොත් පාසලේ විදුහල්පතිවරයාට එරෙහිව නඩු පවරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇත.

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

8 views
Main News