බස්නාහිර මහ ඇමති අමාරුවේ.. අයවැය ගැන තීරණයක් ගන්නා බව දන්වයි..
December 1, 2016 at 1:20 pm | lanka C news
2017 වසර සදහා බස්නාහිර පළාත් සභා අයවැයේදී කුමන හෝ වැය ශීර්ෂයක් පරාජය වුවහොත් මහ ඇමති ඉසුර දේවප්‍රිය සම්බන්ධයෙන් තීරණයක් ගන්නේ යයි බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ පවසයි.
මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ පළාත් සභාවේ අමාත්‍යවරුන් හතරදෙනාගේම වැය ශීර්ෂ සම්බන්ධව මහ ඇමතිවරයා සාමූහිකව කටයුුතු කළ යුතු බවත් එසේ නොවන්නේ නම් අයවැයට පක්ෂය ඡන්දය නොදෙන බව මහ ඇමතිවරයාට තමන් දැන්වූ බවත්ය.
පළාත් සභවේ 2017 වසරේ අධ්‍යාපන වැය ශීර්ෂය පරාජයට පත් කිරීමට දැනටමත් මන්ත්‍රීවරුන් පිරිසක් සූදානමින් සිටින බවද කී ඔහු මහ ඇමතිවරයා මැදිහත්ව එය වැළැක්විය යුතු යයිද කියා සිටියේය.