බස් ගාස්තුව 6.5%කින් ඉහල දැමේ.. විරෝදය පා රට පුරා බස් වර්ජනයක් වහා කැදවයි..

May 15, 2018 at 1:20 pm | lanka C news
බස් ගාස්තුව 6.5%කින් ඉහල දැමේ.. විරෝදය පා රට පුරා බස් වර්ජනයක් වහා කැදවයි..

බස් ගාස්තුව 6.5%කින් ඉහල දැමීමට අද පැවති කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.

අවම බස් ගාස්තුව ඉහල දැමීමකට අවසර දී නැතැයි ඇමති රංජිත් මද්දුම බණ්ඩාර මහතා සදහන් කරයි.

මෙම ගාස්තු සංශෝධනය හෙට දිනයේ සිට ක‍්‍රියාත්මකය.

ඉන්ධන මිල ඉහල දැමීමත් සමග බස් ගාස්තු ඉහල දැමිය යුතු යයි බස් සංගම් ගණනාවක් රජයට දන්වා තිබින.

මෙම තීරණයට විරෝදය පල කරමින් හෙට මධ්‍යම රාත‍්‍රියේ සිට රට පුරා වර්ජනයක් කැදවන බව අන්තර් පලාත් පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සහ ලංකා පුද්ගලික බස් හිමියන්ගේ සංගමය සදහන් කරයි.

15-20% අතර ප‍්‍රමාණයකින් බස් ගාස්තු වැඩි කල යුතු බවට කරන ලද ඉල්ලීම නොතකා රජය ගත් තීරණයට විරෝධය පල කරන බවද සංගමය පවසයි.

25 views
Main News