බස් ගාස්තුව 50%කින් වැඩි කරන්න යෝජනා.. අවම බස් ගාස්තුව 20ක්..
November 7, 2020 at 8:40 am | lanka C news
දැනට බලපා ඇති කොරෝනා වසංගතය අවසන් වන තෙක් සාමාන්‍ය බස් ගාස්තුව මෙන් එක හමාරක ගුණයකින් බස් ගාස්තුව වැඩි කළ යුතු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරන්නේ ඒ සමගම අවම බස් ගාස්තුව රුපියල් විස්සක් දක්වා ඉහල දැමිය යුතු බවයි.
මෙම බස් ගාස්තු ඉහළ නැංවීම කොරෝනා වසංගතය අවසන් වන තෙක් සිදුවිය යුතු බවත් එම කාලය තුළ බස් කර්මාන්තයේ සිදු කල යුතු තාවකාලික වෙනස්කම් සම්බන්ධයෙන් සංගමයේ යෝජනාවලියක් බාරදී ඇති බවත් ඔහු සඳහන් කළේය.
එම යෝජනාවලිය යටතේ එක් මගියෙකුට එක් ආසනයක් හිමිවන ලෙස සෞඛ්යාරක්ෂිත වැඩපිළිවෙලක් යෝජනා කළ බව ඔහු පැවසීය.
අර්ධ සුභෝපභෝගී බස් ගාස්තු වල වෙනසක් සිදු නොකළ යුතු බවත් අධි සුඛෝපභෝගි බස් ගාස්තුව සාමාන්‍ය ගාස්තු මෙන් 1.25 ක ඉහළ දැමීමක් යෝජනා කර ඇති බවත් ඔහු කියා සිටියේය.
පවිත්‍රාව මුහුදට දමා බස් මාෆියාවෙන් රට මුදවා ගනිමු !!!
බසයෙන් යන්න හොඳ මාස්ක් අවශ්‍යයි (මුව වැස්මක් අනිවාර්යයි, නැත්නම් සොරිම තමයි) මේ දිනවට බොහේ විට මුව වැසුම් විකුණන තැන්වල KN 95 නමින් මුව වැසුම් විකුණනවා මේක ඇත්තටම N 95 ද? අනිත් මාස්ක් වලට සාපේක්ෂව මිල අධිකයි. ප්‍රමිතිය ගැන හොයා බලන්න බලධාරීන් නැද්ද? මේ ගැන මාධ්‍ය මගින් ජනතාව දැනුවත් කලොත් හොඳ නැද්ද? නැත්නම් ජනතාව ආරක්ෂාකාරීයි සිතා ප්‍රමිතියෙන් බාල මිළදී ගැනීම් වැඩිමිලට කර ලෙඩ බෝකගනීවි. සමහර ඒවා වල චින අකුරු විතරයි. මේක හොදන්න පුළුන්ද? නැත්නම් උණුවතුරෙහි බවා නැවත පාචිච්චි කල හැකිද? අවධානය පිණිසයි. කෙරෝනාව වසන්තයක් කරගත් වෙළඳාම සදාචාර සම්පන්නද?
N95 masks are the US standards for respirator masks; KN95 masks are the Chinese standards for masks. N95 and KN95 respirator masks are the same. Both masks are rated to capture 95% of tiny particles..
හැම කෙනාම තම තමන්ට වෙචිචි පාඩුව නැතිකරන්න අහිංසක මිනිසුන්ගේ බෙල්ල මිරිකන එකයි වෙන්නේ මෙි විදියට තව කොචිචර දුර යාහැකිද
ගැමුණු හැමදාම කලේ මගින් බිල්ලට දීලා මඩිය තර කරගත්ත එක විතරයි. වැඩි කරාම හරියට සීට් ගානෙම ගෙනියයි මෙයාලා.
වැඩ කරන අපේ විරුවා… ඕයේ… 😂
අර්ධ සුඛෝපභෝගී බස් අයින් කරනවා කියල එක දේශපාලුවෙක් කිව්වා නේද?