බස් ගාස්තු පහල දැමේ.. ත්‍රීවීල් හා පාසැල් ප්‍රවාහන ගාස්තුත් පහලට…
December 24, 2018 at 5:30 pm | lanka C news
විසි හයවැනිදා මධ්‍යම රාත්‍රියේ සිට බස්ගාස්තු අඩු කරන බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද (24) නිවේදනය කළේය. ඒ බස්හිමියන් සමඟ සිය අමාත්‍යාංශයේදී සිදුකළ සාකච්ඡාවකින් පසුව මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමිනි. එහිදී අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් පැවසුවේ ඉන්ධන මිල අඩු කිරීමට සමාන්තරව සියයට හතරකින් (4 %) එම බස් ගාස්තු අඩු කිරීම සිදු කරන බවයි.
“බස් ගාස්තු ගණනය කිරීමේදී සලකා බැලෙන පිරිවැය කාණ්ඩ දොළහක් තියෙනවා. එයින් එකක් තමයි ඉන්ධන මිල කියන්නේ. ඉන්ධන මිල මේ වන විට රුපියල් 15කින් අඩු වී තිබෙනවා. නමුත් බස් ගාස්තුව ගණනය කිරීම සඳහා සලකා බැලෙන සෙසු පිරිවැය කාණ්ඩ එකොළොහෙම මිලෙහි අඩුවීමක් සිදුව නැහැ. ඒ නිසා සමස්ත බස් ගාස්තුව සියයට හතරකින් අඩු කළත් අවම ගාස්තුවේ වෙනසක් නොකිරීමට සාමූහික තීරණයකට එළැඹුණා…”යිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.
බස්ගාස්තු අඩු කිරීමට සමගාමීව ත්‍රීවිල් ගාස්තු අඩු කිරීමටද අද තීරණය කෙරිණ. සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ හා හිමිකරුවන්ගේ සංගමයේ නියෝජිතයින් අද අමාත්‍යවරයා හමුවේ ප්‍රකාශ කළේ ත්‍රීරෝද මගී ප්‍රවාහනයේදී මුල් කිලෝමීටරයට අය කරන රුපියල් 60ක ගාස්තුව රුපියල් 50 දක්වා රුපියල් 10කින් අඩු කරන බවයි. සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයද පාසල් ළමුන් ප්‍රවාහනයේදී අය කරන ගාස්තුව සියයට 3කින් අඩු කරන බවද ප්‍රකාශ කළේය. මෙම ගාස්තු අඩු කිරීම්ද 26වැනිදා මධ්‍ය රාත්‍රියේ සිට සිදු කෙරෙනු ඇති.
මහජනතාවට උපරිම සහන ලබා දීම නව රජයේ අපේක්ෂාවයි. ඒ මත ප්‍රවාහන සේවය ලාභ ලබන අංශයකට වඩා මහජනතාවට සහන ලබා දෙන සේවාවක් ලෙස ප්‍රවර්ධනය කිරීම තම අරමුණ බවද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය. ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීමෙන් මහජනතාවට සහනයක් ලබා දෙනවා සේම ඊට සමාන්තරව බස් ගාස්තු සංශෝධනයෙන්ද මහජනතාවට සහනයක් ලබා දීමට ඉදිරියටත් කටයුතු කරන බවද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය. මෙම මාධ්‍ය සාකච්ඡාවට අමාත්‍යාංශයේ ලේකම් එල්. පී. ජයම්පති මහතා ඇතුළුව බස් සංගම් නියෝජිතයෝ රැසක් එක් වූහ. හඩපටය මේ සමඟ අමුණා ඇත.
– තමිර මංජු
4% da yako adu karanne?
බස් සෙවය දියුණු කිරීමට , තනි අයිති කරුවන් වෙනුවට බස් සමාගම් වෙත පැවරිය යුතුය. ටෙන්ඩර් මට්ටමේදිම රාත්‍රි ගමන් වාර , ආදිය එකග විය යුතුය.
ජන්ද අත ලග නිසා බස් සංගම් වල අසාධාරණ ඉල්ලීම් ඉදිරියේ ජනතාව වෙනුවෙන් නිවැරදි තීරණයක් ගන්න බැරිවෙලා . කවදත් මේ රටේ පුද්ගලික බස සේවය සමාජය තුල අප්‍රසන්නම වී ඇත.