බස්-ත‍්‍රිරෝද ගැටුමක්.. හයක් මරුට.. 44ක් රෝහලේ…

November 6, 2017 at 12:40 pm | lanka C news
බස්-ත‍්‍රිරෝද ගැටුමක්.. හයක් මරුට.. 44ක් රෝහලේ…

අද පෙරවරුවේ පුත්තලම-කොළඹ පාරේ මුන්දලම, මදුරන්කුලියේදී සිදුව ඇති රිය අනතුරකින් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් ඇත.

තවත් 44 දෙනෙකු තුවාල ලබා පුත්තලම හා මුන්දලම රෝහල්වලට ඇතුළු කර සිටී.

මෙම අනතුර සිදුව ඇත්තේ යාපනය බලා ගිය බස් රථයක් ත්‍රිරෝද රථයක් පසු කර යාමට උත්සාහ ගත් අවස්ථාාවේ එහි ගැටී පෙරළී යාම නිසාය.

21 views
Main News