බස් දෙකක් මුහුණුට මුහුණ හැපේ.. 18ක් රෝහලේ…

August 30, 2020 at 4:40 pm | lanka C news
බස් දෙකක් මුහුණුට මුහුණ හැපේ.. 18ක් රෝහලේ…

ගාල්ල, දඩල්ල ප්‍රදේශයේදී බස්රථ දෙකක් අද (30) මුහුණට මුහුණ ගැටිමෙන් සිදු වූ අනතුරින් 18 දෙනෙකු තුවාල ලබා ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබේ.

මාතර සිට පොලොන්නරුව බලා ධාවනය වෙමින් තිබූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් සහ අම්බලන්ගොඩ සිට ගාල්ල දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් මෙසේ මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

දඩල්ල පොදු සුසාන භූමියට මදක් ගාල්ල දෙසට වන්නට සිදු වූ මෙම අනතුරින් තුවාල ලැබූ 18 දෙනාගෙන් 17 දෙනෙකුගේ තත්ත්වය එතරම් බරපතල නොවන බවත් පෞද්ගලික බස් රථයේ රියදුරු පමණක් බරපතල තුවාල ලබා තිබෙන බවත් ගාල්ල පොලීසියේ රථ වාහන අංශයේ ප්‍රකාශකයෙක් සදහන් කළේය. සුළු තුවාල ලැබූ 17 දෙනා තුවාල වලට බෙහෙත් දමාගෙන වෛද්‍ය පරීක්ෂණද කර ගැනීමෙන් අනතුරුව අද (30) දිනයේදීම රෝහලින් නික්ම යෑමට නියමිතව තිබූ බවද රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

අනතුරින් බරපතල තුවාල ලබා රෝහල් ගතකර ඇත්තේ ගිනිමැල්ලගහ, බද්දේගම පදිංචි කමල් පුෂ්ප කුමාර (35) නැමැති අයයි. මොහුගේ පාද වලට බරපතල හානි සිදුව තිබෙන බව රෝහල් ආරංචි මාරග සදහන් කරයි.

අම්බලන්ගොඩ සිට ගාල්ල දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථය තවත් වාහනයකට ඉස්සර කිරීමට මාර්ගයේ දකුණු පසින් ගමන් කිරීමේදී ඊට ඉදිරියෙන් පැමිණි ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයේ ගැටී තිබෙන බව පොලිස් පරීක්ෂණ වලදි තහවුරු වී තිබේ. මෙහිදී පෞද්ගලික බස් රථය මාර්ග නීති කඩකර තිබෙන බව බැලූ බැල්මටම පෙනෙන්නේ යැයි ගාල් පොලීසියේ රථ වාහන අංශයේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

අනතුරට පත් බස්රථ දෙකම මේ වන විට ගාල්ල පොලීසිය බාරයට ගෙන ඇති අතර පෞද්ගලික බස් රථයේ රියදුරු ගාල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

ගාල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක එස් කේ ඩී ද සිල්වා මහතාගේ මෙහෙයවීම මත ගාල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එච් එල් ජගත් මහතා ඇතුළු පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

– ජයකාන්ත ලියනගේ

15,110 views

4 Comments to “බස් දෙකක් මුහුණුට මුහුණ හැපේ.. 18ක් රෝහලේ…”

  1. වයි දිස් කොලවෙරි says:

    බස් සේවය හදන්න නම් පවුද්ගලික බස් කොම්පැනි ඇති කරලා, එක් එක් මාර්ග වල බස් ධාවනය ඒ ඒ කොම්පැනියට බදු දෙන්න ඕනේ.
    ආන්ඩුව කියන වේලාවන් වලට බස් දුවන බවට ගිවිසුම් ගසා, ගිවිසුම් කැඩුවොත් දඩ ගහන්න ඕනේ.

    එතකොට එකම කොම්ප්පැනියේ බස් අතර තරගයක් ඇති වෙන්නෙ නෑ.

  2. ලංකාවේ 'පියාඹන' මරුගේ වාහනය.. says:

    වරද කාගෙද..?? ඒක හරියට ඇක්සිඩන්ට් එකක් උනාම ශ්‍රී ලංකා පොලීසිය 60ට හැටේ වේගයෙන් නලා පිඹගෙන සද්දේ දාගෙන හැමෝගෙම අවධානය ගන්නට එතනට ඇවිල්ලා ට්‍රැෆික් බ්ලොක් කරලා ඇම්බියුලන්ස් එකට කතා කරනවා වගේ වැඩක්..! අන්තිමයට ඇම්බියුලන්ස් එකට වැඩ බාර දෙනවා මිනිය ගෙනියන්න..!! ඊට පස්සේ මනිනවා පාරේ ලකුණු දාමින් යනඑන අයට පේන්නම.. අනතුරක් වෙන්න ඉස්සෙල්ලා ඒවා නීතියානුකූලව පදවනවාද කියලා බලන පොලීසියක් නොවේ අපේ රටේ තියෙන්නේ.!! රටේ ආවේගශීලීව මත්කුඩ්ඩෙන් දුවන බස් තමයි පෞද්ගලික බස්…! මුන් තේ කඩයක් ලඟ නවත්තනවා මඟීන්ට තේ බොන්න කියලා … ඊට පස්සේ ඩ්‍රයිවර් කඩේ මුදලාලියට හොඳට ඔතපු ලොකු පාර්සලයක් දෙනවා ‘අහවලා’ මේක දෙන්න කිව්වා කියලා…. දැන් ඒ දෙන පාර්සල් මොනවාද කියලා රටම හෙලිවෙලා ඉවරයි…. හැබැයි ඒ කාලේ ‘නාකොටි’ පොලීසිය හැර…!! ඊට පස්සේ ඩ්‍රයිවර් ටොයිලට් යනවා කියලා ඒක අස්සට ගිහිල්ලා සූස්තියක් හොඳට ඇදලා මත්කුඩුත් නහයට උරලා ඇවිල්ලා ඩ්‍රයිවින් සීට් එකේ ඉඳගෙන ඩ්‍රයිව් කරන්නේ පියාඹනවා වගේ… මඟීන් හැමෝටම ඒ වෙනස තේරෙනවා ඒත් මඟීන් අසරනයි…කාට කියන්නද… ?
    පුද්ගලික බස් ඩ්‍රයිවර් කියන්නේ ” මරුවා” සමඟ ‘ගමන’ කියලා… නීතිය කඩන ඩ්‍රයිවර්ලා එලවන හැටි පාරේ දැක දැකත් අපේ පොලීසිය ඒ වාහනය නවත්වන්නේ නැහැ. උන්ට පියාඹන්න දීලා අඩ නින්දේ ඉන්නවා…
    ‘කරුම’ හැටන් නගරය කියන්නේ මරණ සහතිකය ලියවගන්න ‘උරුම’ තැනක්….!!!
    .

  3. රජරට බයියා says:

    මේ බස්, ටිපර් හා ත්‍රිවීල චන්ඩි ටිකත් මට්ටු කලයුතුයි. ජනාධිපති තුමාගේ ඉක්මන් අවධානය යොමුවේවා.

  4. Love nature says:

    බස් රියදුරු පුහුණු කිරීම් මිට වඩා දියුණු කල යුතුය,

Main News