බස් දෙකක් හැපේ… හතර දෙනෙක් රෝහලේ..

May 20, 2018 at 5:30 pm | lanka C news
බස් දෙකක් හැපේ… හතර දෙනෙක් රෝහලේ..

යාපනය මහනුවර ඒ-9 ප්‍රධාන මාර්ගයේ ඕමන්ත සහ පුලියන්කුලම් අතර බස් රථ දෙකක්  අනතුරට ලක් වීමෙන් මගීහු සිව් දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කල බවට ඕමන්ත පොලීසිය කියා සිටියේය.

ඒ 9 මාර්ගයේ ගමන්ගත් පෞද්ගලික බස් රථයක් ඕමන්ත හා පුලියන්කුලම් අතර මාර්ගයේදී එක වරම නවතා ඇති අතර පසුපසින් පැමිණි ලංගම බස් රථයක වේගය පාලනය කර ගැනීමට නොහැකිව පෞද්ගලික බස් රථයේ පිටුපස වැදීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට මූලික පොලිස් පරක්ෂණ වලදී හෙලි වී ඇත.

අනතුරින් පසුව තුවාල ලැබූ රෝගීන් වව්නියාව මහරෝහලට ඇතුලත් කොට ඇති අතර සිද්දිය සම්බන්ධයෙන් ඕමන්ත පොලීසිය වැඩි දුර පරික්ෂණ ආරම්භ කොට ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

20 views
Main News