බස් නැවතුමක් විවෘත කරන්න උත්සවයක්.. නොමිලේ WiFi, TV, Mobile Charging, CCTV,
March 26, 2021 at 4:40 pm | lanka C news
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පූර්ණ ආශිර්වාදය මත සුහුරු බස් නැවතුමපලවල් 3000ක් රටපුරා ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය යටතේ පළමු බස් නැවතුම්පල 03.25 වන දින මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමාගේ සුරතින් රාජගිරිය HSBC බැංකුව අසලින් විවෘත කෙරිණි.
මෙහි සුවිශේෂීත්වය වන්නේ එහි සිටින මගීන්ට රුපියල් ලක්ෂ 10ක රක්ෂණ ආවරණයක්, නොමිලේ වයිෆයි පහසුකම්, ජංගම දුරකථන බැටරි ආරෝපණය කර ගැනීමේ පහසුකම්, එස්.බී.එස් රූපවාහිනී විකාශන, පරිසර හිතකාමී ප්රචාරක පුවරු ප්‍රදර්ශනය හා පැය 24 පුරා සී.සි.ටී.වී ආරක්ෂාව ඇතුළු තවත් පහසුකම් රැසකින් මෙම සුහුරු බස් නැවතුම්පොල සමන්විත වේ.
මෙම ව්‍යාපෘතිය මහාමාර්ග අමාත්‍යාංශය, මාර්ග සංවර්ධන අධිකාරිය හා එක්ව අධිවේගී මාර්ග ප්‍රවාහන පෞද්ගලික සමාගම විසින් මෙයෙවනු ලබයි.
මෙම අවස්ථාවට කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මදුර විතානගේ, අධිවේගී මාර්ග ප්‍රවාහන පෞද්ගලික සමාගමේ සභාපති කැලුම් ජයසුමන එහි සාමාන්‍යාධිකාරී අභීත එදිසිරිසිංහ ඇතුළු පිරිසක් සහභාගී වූහ.
මාධ්‍ය ඒකකය
මහාමාර්ග අමාත්‍යාංශය
අපේ ඇත්තො කොච්චර දවසක් ඕක ඔය තත්වයෙන් තියා ගනීද්දන්නෑ . මේක සිරි ලංකාව .
මොන ආණ්ඩුවෙන් කලත් මේව හොද වැඩ පොදු ප්‍රවාහනය දියුණු නොකර වාහන ගෙන්වීම් සීමා කිරීම වගේ දූපත් ආතල් අරන් වැඩක් නෑ.එකම දේ තියෙන්නෙ මේ එකක් හදන්න කීයක් වියදම් ගියාද කියලත් කිව්ව නම් තමා හොද .අනික් පැත්තෙන් ඉතින් මේවා පරිස්සමට පරිහරණය කරන්න තරම් විනයක් තියෙන ජනතාවක් අපිට ඉන්නවද කියලත් සැකයි
මෝඩ රන්වල යෝ…🤬
බලපන් උඹේ අතේ තියෙන්නේ මොන මොබයිල් එකක්ද කියලා!
උඹේ කෙල්ල අහනවද ඩාලිං ඕකට ඔයා කීයක් වියදම් කරලද මට
පේනනම ඕක අතේ තියාගෙන ඉන්නේ කියලා..!
ඔබතුමාට රිදුනෙ ඔබතුමාත් බස් වල සීට් ඉරන බස් හෝල්ට් වල කෙල ගහන සීට් උඩ කකුල් කරේ තියන් යන ජාතියේ ඩෑල් එකක් නිසා නේද ?අඩුගානේ දරුවෙක්ටවත් විනයක් පුරුදු කරන්න
me ranwala kiyana ekatane ban dupat manasikatwayak tiyanne mu hitanne anik minissut muwage kiyala
මේක බස් නැවතුමක් විවෘත කරන උත්සවයක් නෙවෙයි.. බස් නැවතුම්පලවල් 3000ක් සාදන ජාතික වැඩසටහනක සංකේතාත්ත්මක ආරම්භයක්..
අලි ගහල මැරෙන රටක අඩුවකට තිබුනේ ඔච්චරයි!
ali. koti. hamba antha waadiyo, palliwalata gahala.400. pamana maruna neda.
Maha marga departhamenthuwayi, marga sanwardhana adhikariyayi, parata wetena galuth ayin karala marga,wahana bhawithayata sudusu wena paridi katayuthuth kala nam hondayi neda?
මීට ඉස්සර රාජගිරිය කෙසෙල් කොළේ බස් නැවතුම් පොළට ලක්ෂ තිස් දෙකක් වියදම් කපා මතකද.එක බස් නැවතුම් පොළකට ලකෂය ගාන්නෙ ගැහුවොත් ලක්ෂ තුන්දාහක්.ඕක බැදුම්කරේටත් වැඩිය වංචාවක් වෙයිද?
ඕකෙ ඉඳන් ලොරියක් උඩ තියෙන ලේලන්ඩ් බස් එකක් එනකම් බලන් ඉදලා නැගල යනකොට කොහොමද
අපේ උන් මේවායේ කැලි ගලවාගෙන යයි ටික දවසකින්