බස් නැවතුම්පලේ සැක සහිත බෑගයක්… ජනතාව නොසන්සුන්.. හමුදාව කැදවයි..

April 30, 2019 at 5:30 pm | lanka C news
බස් නැවතුම්පලේ සැක සහිත බෑගයක්… ජනතාව නොසන්සුන්.. හමුදාව කැදවයි..

වව්නියාව මහනුවර ඒ-9 ප්‍රධාන මාර්ගයේ ශාන්තසෝලෙයි ප්‍රදේශයේ පිහිටි බස්නැවතුම්පලක දමා ගොස් තිබූ සැක සහිත බෑගයක් හේතුවෙන් ප්‍රදේශවාසීන් තුල ඇතිවූ නොසන්සුන් තාවය යුද හමුදාව විසින් පාලනය කරනු ලැබීය.

ශාන්තසෝලෙයි ප්‍රදේශයේ පිහිටි බස්නැවතුම්පලක් තුල කලු පැහැති බෑගයක් තිබීම හේතුවෙන් ඒ බව වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයට දැනුම් දීමෙන් පසුව යුද හමුදා නිලධාරීන් පිරිසක් අදාල ස්ථානයේ සිමාන්‍ය වැසියන් ඉවත් කොට පරික්ෂා කිරීම සිදු කොරුණි.

එහිදී අදාල බෑගය තුල ඇඳුම් පමණක් තිබී ඇති අතර පසුව ඇඳුම් බෑගය අමතක වී ඕමන්ත දක්වා ගමන් කොට ඇති මගියෙක් නැවත අදාල ස්ථානයට පැමිණ ඇඳුම් බෑගයේ අනන්‍යතාවය තහවුරු කොට ගෙන ඇත.

කෙසේ වෙතත් ප්‍රසිද්ධ ස්ථානයන්හි මෙවැනි බෑග් දමා නොයන ලෙසටද යුද හමුදාව විසින් මහජනතාවට උපදෙස් ලබා දී ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

10 views

One Comment to “බස් නැවතුම්පලේ සැක සහිත බෑගයක්… ජනතාව නොසන්සුන්.. හමුදාව කැදවයි..”

  1. Nalin says:

    දෙමළ ජනතාවතටත් පාර්සල් බෝම්බ භය දැනුනා එහෙනම්, කොහොමද දන්නේ නෑ නේ?

Main News