බස් පර්මිට් බැරියර් කඩාගෙන ලක්ෂ ගණනක ජන සන්නිපාතයක් කොළඹට

September 4, 2018 at 9:20 am | lanka C news
බස් පර්මිට් බැරියර් කඩාගෙන ලක්ෂ ගණනක ජන සන්නිපාතයක් කොළඹට

කුමන බාධක එල්ල වුවත් ඒවා මැඩගෙන ලක්ෂ සංඛ්‍යාත ජන ගඟක් කොළඹට රැගෙන ඒමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් බවත් ‘බස් පර්මිට් බැරියර්’ කඩාගෙන පෞද්ගලික වාහනවලින් ලක්ෂ ගණනින් කොළඹට ඒමට මේ මව් පොළොවට ආදරය කරන සියලු සජ්ජනයා සූදානම් බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ආණ්ඩුවට සිහිපත් කර සිටියේය.

‘ජනබලය කොළඹට’ ජනහමුමාලාවේ කොලොන්නාව සණස ශාලාවේ පැවති ජනහමුව අමතමින් ඒ මහතා මෙසේ සිහිපත් කර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

“දකුණේ දවසින් දවස විවිධ වූ චෝදනා එල්ල කරමින් භික්ෂූන්වහන්සේලා සිරගත කරනවා. නමුත් උතුරේ දෙමළ කිතුනු පූජකතුමන්ලා ‘උතුරේ සිංහලයෝ එකෙක්වත් පදිංචි කරන්න දෙන්නේ නැහැ’ කියාගෙන ප්‍රභාකරන්ගේ පින්තූරය අරගෙන පෙළපාලියේ යනවා. උසාවියේ උස් හඬින් කතා කළා, පොදු දේපළවලට හානි කළා, කියමින් භික්ෂූන්වහන්සේලා හිරේ දමමින් මේ රටේ උරුමයට ගහනවා. නමුත් ජාතික ආරක්ෂාවට බාධා වන ලෙස උතුරේ දී කටයුතු කරන පිරිස් ඉදිරියේ නීතිය නැමෙනවා.

එදා ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයකු වූ ප්‍රෙඞ්රික් නෝර්ත් පැවසුවා ‘මේ කහකඩ හමුදාව ඉන්නකම් මේ රට අපට උවමනා විදිහට පාලනය කරන්න බැහැ’ කියලා. එදා සුද්දාටත් බුද්ධ චීවරේ ප්‍රශ්නයක් වෙලා තිබුණා. තමන්ගේම නිෂ්පාදන රටාවකට උරුමකම් කියූ දියුණු මිනිසෙකු මේ පොළොවේ බිහි වුණේ බෞද්ධ සභ්‍යත්ව උරුමය නිසයි. ඒකයි බැලුවේ බුද්ධ චීවරයට ගහන්න. නමුත් ගහලා ඉවර කරන්න බැරි වුණා. නමුත් මේ පරගැති ආණ්ඩුව එදා සුද්දට බැරි වුණු වැඬේ පටන් අරගෙන තිබෙනවා. අද බුද්ධ චීවරයට පහර ගහනවා. මේ ගහන්නෙ බුද්ධ චීවරයට නොවෙයි මේ රටේ මුදුන් මුලට.

‘ගෙවී ගිය අවුරුදු තුනම කළේ විදේශිකයා පිනවීම‘

ස්වදේශිකයා ආරක්ෂා කිරීම වෙනුවෙන් මේ පරගැති ආණ්ඩුව කිසිදු පියවරක් ගෙන නැහැ. අවුරුදු තුන පුරා ගනු ලැබුවේ විදේශිකයා පිනවීම සඳහා වන පියවරයන්. අද ඉන්දියානු රජයේ ආධාර යටතේ උතුරේ ඉදිවන නිවාසවලින් 40%ක පදිංචි කරන්නේ දකුණු ඉන්දියානු දෙමළ ජනතාව. අපට කොලේ වැහුවාට අද ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ මාධ්‍ය සියල්ල අනාවරණය කර තිබෙනවා, ‘දෙසැම්බරයේ එට්කා ගිවිසුම අත්සන් කරනවා’ කියා. එට්කා ගිවිසුම අත්සන් කළාට පසුව මෙරට රැකියා වෙළදපොළ ඉන්දියානු ශ්‍රමිකයන්ට මුළුමනින්ම විවෘත වෙනවා.

‘අද අපත රැලක් ජාතියට මඟ කියන හැටි’

මේ ආණ්ඩුව හදන්න යන්නේ බුද්ධ චීවරයට, අපේ සභ්‍යත්වයට, රටේ ඉතිහාසයට ගරහන ජාතියක්. ඒ නිසා තමයි ‘ජිප්සීස් සුනිල් පෙරේරා’ වැනි ගොබ්බයන්, ජාතියට මඟ කියන්නවුන් ලෙස බෞතීස්ම කරන්නේ. රස්තියාදුකාර මානසිකත්වයෙන් පෙළෙන පරපුටු රැලක්, අද ජාතියට මඟ කියන විදග්ධයන් බවට පත් කරලා. ඩොලර්වලට, පවුම්වලට, යුරෝවලට ඕනෑම අපත වැඩක් කරන කනේ කරාබු දාගත්තු, කොණ්ඩ බැඳපු, රැවුල් වවාපු, ජාතියක්, ජම්මයක්, සභ්‍යත්වයක් නැති එන්ජිඕකාරයන් අද ආණ්ඩුවේ රූපවාහිනී නාලිකාවලට වෙලා ජාතියට බණ කියනවා. මේ විකෘතියට මේ විදිහට පවතින්න ඉඩ දෙන්න බැහැ. මේ තත්ත්වය මේ විදිහට පවත්වන්න ඉඩදී නිහඬව බලා සිටිනවා නම් අපි අපේ මුතුන්මිත්තන්ගේ පරම්පරාගත ජානමය උරුමය තිබෙන පිරිසක් වෙන්න බැහැ. ඒ නිසා සැප්තැම්බර් 05 වැනිදා ඉර උදාවෙන්නේ, ‘ඔබ ඒ ආදි පරම්පරාවන්ගෙන් පැවත එන සුජාත දරුවෙක් ද නැද්ද?’ කියන සම්මුඛ පරීක්ෂණයට. ප්‍රජාතන්ත්‍රවාදය සමඟ සෙල්ලම් කරමින්, ඡන්ද කල් දමන මේ වැඩබැරි, හිඟන හවුලට ‘බැහැපල්ලා එළියට. නුඹලා බැහැලා යනකම් අපි අඩියක් හෙල්ලෙන්නේ නැහැ’ කියා මුළු කොළඹම වටලන්න ඔබ සූදානම් ද? නැද්ද? කියන සම්මුඛ පරීක්ෂණයයි සැප්තැම්බර් පස්වැනිදා පැවැත්වෙන්නේ. එදා කොරියාවේ තරුණයන් සෝල් අගනුවරට ගිහින් වාඩිලාගෙන එරට අගමැති ගෙදර යනකම් නොසැලී සිටියා නම් දුටුගැමුණු පරපුරේ මේ රටේ සුජාත දූ දරුවන්ට ඒ දෙය කරන්න බැරිකමක් නැහැ. මහජනයාගේ බලයට වැඩි බලයක් මේ ලෝකේ නැහැ. ඔටුන්න රජාගෙ වුණාට මේ මව් පොළොව අපෙයි. ඒ නිසා අපට අයිතියක් තියෙනවා ගිහින් කියන්න, ‘ගලවපල්ලා ඔටුන්න. අපේ රට යළි අපට දීපල්ලා’ කියලා.

‘ආණ්ඩුව බය වෙලා තියෙන තරම’

දැන් මේ ආණ්ඩුව ප්‍රවාහනය විධිමත් කිරීමේ සතියක් ප්‍රකාශයට පත් කරලා පෞද්ගලික බස් රථ හිමියන්ට දැනුම්දෙනවා, ‘බලපත්‍ර හිමි මාර්ගයේ නියමිත කාලසටහනට අනුව ධාවන කටයුතුවල නිරත විය යුතුයි’ කියලා. ඒ වගේම තාවකාලික ධාවන බලපත්‍ර ලබා දීමත් මේ සතිය තුළ අත්හිටුවලා. ඒකෙන්ම පෙනෙනවා ආණ්ඩුව බය වෙලා තියෙන තරම. ජේ. ආර් ජයවර්ධන පාලන කාලයේවත් ජනතා විරෝධයක් මැඩ පවත්වන්න බස් රථවලට මෙවැනි නීති පැනවූයේ නැහැ. නමුත් සිරිසේන මහත්තයා සමග අත්වැල් බැඳගෙන කසාදය ගෙනයන මේ ජේ. ආර්.ගේ බෑණා පොඞ්ඩ ඒ වැඩෙත් කරලා තිබෙනවා.

‘චතුරගේ මගුල – අනුරට අවමගුලක්‘

කසාද කිව්වාම මට මතක් වුණේ පසුගියදා අරලියගහ මන්දිරයේ පැවති චතුර සේනාරත්නගේ මගුල. මම බලාගෙන හිටියේ රතු අලිපැටියා මේ ගැන කට උල් කරගෙන කතා කරන තුරු යි. නැහැ, එයා චතුර සේනාරත්නට විරුද්ධව කට අරින්නේ නැහැ. චතුරගේ මගුල අද අනුර දිසානායකට අවමඟුලක් වෙලා. චතුර සේනාරත්න, ‘ඩීල් අනුරගේ’ කට වහලා ඉවරයි. මේ රට, මේ වළට ඇද දැමීමට මේ දේශපාලන තක්කඩි වගකිව යුතුයි. නමුත් මේ මගුල නාමල් රාජපක්ෂගේ හෝ යෝෂිත රාජපක්ෂගේ වුණානම් රතු අලිපැටියාගේ කට උල් වෙලා, කට ඇරෙන හැටි බලාගන්න තිබුණා.

‘මෙහෙමත් හිඟන පාලකයෝ‘

මේ දේශපාලන තක්කඩි තමයි ජනතාව නොමඟ යැව්වේ. පොලිසිය ස්වාධීන කරන්න කොමිෂන් සභාවක් ගේනවා. කෝ අද පොලිසිය ස්වාධීන ද? අරලියගහ මන්දිරය චතුරගේ මඟුලට දුන්නාම ජනතා විරෝධය ආවා. දැන් ඒ ජනතා විරෝධය වහගන්න කියනවා, ‘අපි දැන් අරලියගහ මන්දිරය කුලියට දෙනවා’ කියලා. රටේ අගමැති නිල නිවසය කුලියට දීලා සල්ලි හොයන්න හදන මේ වගේ හිඟන පාලකයෝ රටකට මොකට ද?

ඒ නිසා අපි සැප්තැම්බර් 05 වැනිදා අපේ වගකීම ඉටු කරමු. ‘නුඹලාගේ බස් තියාගනිල්ලා’ කියලා සියලු පෞද්ගලික වාහනවලින් හැකි පමණ ජනතාව කොළඹට ගෙන එමු. සැප්තැම්බර් 5 වැනිදා සවස් වන විට අපි පෙන්වමු, ‘නුඹලාගේ බස් බැරියර් කඩාගෙන අපි ආවා’ කියලා. අද සිටම මේ සාමකාමී, ප්‍රහාරාත්මක උද්ඝෝෂණයකට ලෑස්ති වෙමු.”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

132 views

18 Comments to “බස් පර්මිට් බැරියර් කඩාගෙන ලක්ෂ ගණනක ජන සන්නිපාතයක් කොළඹට”

  1. NAK says:

    Sri lankan CFO testifying at PCoI has said that 33% of Sri Lankan losses were due to the cancelation of the Airbus deal which amounts to a staggering Rs.18 billion.
    Prabhakaran can’t even match the losses caused to country with what Ranil has caused in this three and a half years alone.

  2. සීගිරි says:

    රටේ අවශ්‍යතාවය ජනතාවට බලය හිමි වන “මහජන ශ්‍රී ලංකා සමූහාණ්ඩුවක්”
    හොර පවුල්, හොර හවුල් වල බලය මේ රටෙන් තුරන් කර බෙදුම්වාදය, විදේශ අත පෙවීම් නවතා දමා මේ රටේ ජනතාවට නියම නිදහස හා සමෘඳිය අත් කර දිය හැක්කේ පුළුල් ජනතා ව්‍යාපාරයකින් බිහි කරන වඩාත් නූතන, යුක්තිසහගත ,නිර්බීත “මහජන ශ්‍රී ලංකා සමූහාණ්ඩුවකට” පමණි.
    මේ රටේ සාරය උරා නිසරැ කරන්නට තරම් සමත් මහා මූලමණ්ඩල ඇති පවුල් ගස් එකක්වත් හෝ කූඨ ව්‍යාපාරික හවුල් එකක්වත් හෝ රට බෙදන්නට බලාගෙන ඉන්න කල්ලි එකක්වත් හෝ එකදු බටහිර බලවේගයකුද හෝ ජනතා බලවේගයකින් බිහිවන “මහජන ශ්‍රී ලංකා සමූහාණ්ඩුවකට” කැමති නොවෙනු ඇත.
    යමෙක් ,යම් පක්ෂයක් හෝ යම් සංවිධානක් පරීක්ෂා කර බලන්නට හොඳම ලිට්මස් පරීක්ෂාව මේ මොහොතේ “මහජන ශ්‍රී ලංකා සමූහාණ්ඩුවක්” සදහා ඇති ආකල්පය හා දක්වන සහයෝගය පිලිබඳ පරීක්ෂාවයි !!!!!!

    • Wijebahu says:

      ඔයා හොර පව්ල කියන්නෙ රාජපක්ස පවුලටනෙ?

      • ලාල් කනත්ත says:

        ඒ වුනාට අවුරුදු 3 1/2 ක් ගිහිල්ලත් හොරකම් කෙරුවයි කියන ශතයක්වත් තාම හොයාගන නෑ.

    • kate says:

      You tell these things to your dog at home. People will not listen you Gon Haraka.

    • Dubba says:

      මොනවාද බන් මු මෙහෙ දොඩවන්නෙ ?

  3. kalu thara says:

    මගුලට ගිහින් ඇවිත් මෙයා දැන් මගුලක් කතාකරනව
    මගුල නරකනම් නොයා ඉන්න තිබ්බනේ .

    • Analyst says:

      If the so called opposition leader is in the ruler’s pocket together with the JVP, you all the joint Opposition,who the people feel deserve to have had the leader of opposition post , have a bounden duty and responsibility to raise peoples’ voice against current ruler’s undemocratic attitudes ( postponing due provincial council elections etc.)and its anti national activities which would be a threat to the National security and sovereignity of the country , but they are doing them eyeing at minority votes.

    • bathiya says:

      කොල්ලනේ අපේ හොරකම් සියල්ල හෙලිවෙලා ඉවරයි. ආණ්ඩුව දැන් නඩු දැම්මොත් මෙච්චරකල් අපි පොරවගෙන හිටපු සිල් රෙදි ගැලවෙනවා. අපි පොරවගෙන හිටපු දේශප්රේනමි රෙදිත් ගැලවෙනවා. අපේ ඇත්ත හෙලිවුනොත් රටේ ජනතාව අපිට ආයෙත් ඡන්දෙ දෙන්නෙ නැහැ. ඒ නිසා අපි සියළු දෙනාම සිරගත වෙන්න කලින් මේ ආණ්ඩුව පෙරලලා ඉක්මණින්ම ආණ්ඩු බලය අරගෙන මේ උසාවි ටික වහලා දාලා නඩු වලින් බේරෙමු. ඒ හින්දා සැප්තැම්බර් 5 වෙනිදා කොළඹට වරෙල්ලා. කොළඹ ඇවිල්ලා අපි හිරේ යාමෙන් බේරාගනිල්ලා.

  4. ගලබොඩ අත්තේ චමින්ද says:

    මහත්තයෝ ඔහොම කියන්න එපා ඔයාගේ හොර පාස්පෝට් කේස් එක අදීයි. මැයි පළවෙනිදා කොළඹට සෙනග ආවයි කියලා මොනවද උනේ? මුකුත් නැනේ. මේ සැරේත් එච්චරයි. ඕනෙමනං අහිංසක මිනිස්සුන්ට ගුටි කන්න වෙයි. රජය පෙරලෙන්නෙත් නැහැ. ඔගොලන් නිවැරදි වෙන්නෙත් නැහැ. අපි හැබැයි මෝඩ වෙයි.

  5. ruwan says:

    janathawa gonata andawa gon athal ganaima

  6. Muhammadu thahir marikkar muhammadu anwer says:

    Heta thibena wirodhatawe photo Ada damala. Mehemath borukarayo.kawada me rawattanne.linguthtarayo

  7. bathiya says:

    අප්පල පුතාල සැට් එකම හිටු කියල ගැහුවා ලොක්ක ගහන්න දුන්නා එකනේ ඔච්ච්චර ආදරේ මේ ආණ්ඩුව ගෙදර යවල එන්න ඉන්න කට්ටිය මෙගොල්ලන්ම නේද කියලා දැනෙනකොට හිතට මහා පාළුවක් දැනෙනවා

  8. bathiya says:

    කොල්ලනේ අපේ හොරකම් සියල්ල හෙලිවෙලා ඉවරයි. ආණ්ඩුව දැන් නඩු දැම්මොත් මෙච්චරකල් අපි පොරවගෙන හිටපු සිල් රෙදි ගැලවෙනවා. අපි පොරවගෙන හිටපු දේශප්රේනමි රෙදිත් ගැලවෙනවා. අපේ ඇත්ත හෙලිවුනොත් රටේ ජනතාව අපිට ආයෙත් ඡන්දෙ දෙන්නෙ නැහැ. ඒ නිසා අපි සියළු දෙනාම සිරගත වෙන්න කලින් මේ ආණ්ඩුව පෙරලලා ඉක්මණින්ම ආණ්ඩු බලය අරගෙන මේ උසාවි ටික වහලා දාලා නඩු වලින් බේරෙමු. ඒ හින්දා සැප්තැම්බර් 5 වෙනිදා කොළඹට වරෙල්ලා. කොළඹ ඇවිල්ලා අපි හිරේ යාමෙන් බේරාගනිල්ලා.

    • ලාල් කනත්ත says:

      ඒ වුනාට අවුරුදු 3 1/2 ක් ගිහිල්ලත් හොරකම් කෙරුවයි කියන ශතයක්වත් තාම හොයාගන නෑ.

  9. ආවහම බලමුකෝ ගොරවන තරමටම වහීද කියලා.

Main News