බස් රථයකට ගොඩවූ ඇමති බන්දුලට මගීන්ගෙන් දැඩි විරෝධය.. (Video)

August 19, 2022 at 10:22 pm | lanka C news
බස් රථයකට ගොඩවූ ඇමති බන්දුලට මගීන්ගෙන් දැඩි විරෝධය.. (Video)

ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට අද බස් රථයකදී එල්ල වූ විරෝධයක් හේතුවෙන් ඔහු බස් රථය තුළ අපහසුතාවයට පත් වී ඇත.

ජාතික ගමනාගමන කොමිසන් සභාව විසින් විසින් හඳුන්වා දුන් ‘ඊ ටිකට්’ සංකල්පය යටතේ ඉලෙක්ට්‍රොනික කාඩ් පතක් සඳහා හඳුන්වාදීමේ නියමු ව්‍යාපෘතියකට අමාත්‍යවරයා මෙසේ සම්බන්ධ වූයේ දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ ගාල්ල දෙසට ධාවනය වූ බස් රථයක ටයි.

අමාත්‍යවරයා බස් රථයට ගොඩ වීම හේතුවෙන් එහි සිටි වියපත් යුවලක් බස්රථයෙන් බැස්සවූ බවට මගීන් අමාත්‍යවරයාට දැඩි විරෝධය එල්ල කළහ.

ඇමතිවරයාගේ එම ක්‍රියාකලාපය හේතුවෙන් තමන් අපහසුතාවයට පත්වූ බව මගීහු චෝදනා කළහ.

47,222 views

14 Comments to “බස් රථයකට ගොඩවූ ඇමති බන්දුලට මගීන්ගෙන් දැඩි විරෝධය.. (Video)”

  1. Chan says:

    ඇමති කෙනෙකුට වැඩක් හදුන්වා දෙද්දී රගපාන ගොන් පොරවල් වෙන්න යන මුන්ව හිරේ දාන්න ඕන . රාජකාරියට බාදා කිරීම යටතේ

    • fass says:

      ගොඩක් එවුන් දැන් බොරු වීරකම් පෙන්නලා video දාලා පොරවල් වෙන්න යන්නේ. මම දැක්ක ඇමති කෙනෙක් දිහා බලන්නේ නැතුව බස් එකක ඉඳගෙන ගිය එකෙක්වත් ජාතික වීරයෙක් කරලා තියනවා.

  2. User Name says:

    සිස්ටම් එක චේන්ජ් වෙලා
    ඉස්සර මිනිස්සු මූ වගේ එකෙක් ගොඩවුනහම දෙකට නැමිල පිලිගත්තෙ
    තෑන්ක්ස් ගෝට for changing the system ♥

  3. aniwa says:

    why do they call him ‘sir’ ?

Main News