බස් රථයකට යටවී දෙදරු මවක් ජීවිතක්‍ෂයට…

January 10, 2022 at 6:20 pm | lanka C news
බස් රථයකට යටවී දෙදරු මවක් ජීවිතක්‍ෂයට…

නාවලපිටිය බස් නැවතුම්පොල හරහා මාරු විමට ගිය දෙදරු මවක් ලංගම බස් රථයකට යට වි (10) දින පස්වරු 2.30 ට පමණ ජිවිතක්ෂයට පත් වි ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය.

මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ ගිනිගත්හේන පේරගහමුල ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්.එම්.දයාවති නැමති (56) හැවිරිදි දෙදරු මවකි.

දෙදරු මව නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ සායන කටයුතු සදහා පැමිණ ආපසු නිවස කරා යාමට බස් නැවතුම්පොල වෙත ගමන් කරන අතරතුර බස් නැවතුම්පොල හරහා ධාවනය වු ලංගම බස් රථයේ පසුපස රෝදයට යට වි බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව තුවාලකාරිනිය ජිවිතක්ෂයට පත් වි ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන නාවලපිටිය පොලිසිය කියා සිටියේ.

ලංගම බස් රථයේ රියදුරා නාවලපිටිය පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර , සැකකාර රියදුරා නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව නාවලපිටිය පොලිසිය පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

8,676 views

Leave a Comment

Main News