බස් රථයකට යට වි පොලිස් නිලධාරියෙක් මිය යයි…

February 21, 2020 at 2:12 am | lanka C news
බස් රථයකට යට වි පොලිස් නිලධාරියෙක් මිය යයි…

පෞද්ගලික බස් රථයකට යට වි පොලිස් කොස්තාපල්වරයෙක් ජිවිතක්ෂයට පත් වි ඇති බව මස්කෙලිය පොලිසිය පැවසිය.

මෙම අනතුර සිදු වි ඇත්තේ මස්කෙලිය නල්ලතන්නිය ප්‍රධාන මාර්ගයේ මවුස්සාකැලේ පොලිස් මුරපොල අසලදිය.

මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ පොලිස් ජිවිත ආරක්ෂක බලකායේ සේවයේ නියුතු පොකො (40014) අජිත් විරසිංහ(40) හැවිරිදි නැමති තිදරු පියෙකි.

මිය ගිය පොලිස් කොස්තාපල්වරයා කැබතිගොල්ලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත්, මැදවච්චිය පොලිසියේ රාජකාරියේ නිරතව සිට ශ්‍රි පාද විශේෂ රාජකාරි සදහා (20) දින මස්කෙලිය පොලිසිය වෙත වාර්තා කර රාත්‍රි රාජකාරි සදහා මවුස්සාකැලේ පොලිස් මුරපොල වෙත මස්කෙලිය සිට නල්ලතන්නිය දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයකින් ගමන් කර පොලිස් මුරපොල අසලදි බස් රථය නතර කල අවස්තාවේ පොලිස් කොස්තාපල්වරයා බස් රථයෙන් බැස පොලිස් මුරපොල වෙත ගමන් කරන අවස්තාවේ ඔහු පිට පසින් අධික වේගයෙන් පැමිණි ඔහු පැමිණි බස් රථයටම යට වි ජිවිතක්ෂයට පත් වි ඇති බවයි මස්කෙලිය පොලිසිය පැවසුවේ.

පෞද්ගලික බස් රථයේ රියදුරා පොලිස් මුරපොල අසලදි මගින්ව බස්සවා බස් රථය අධික වේගයෙන් පොලිස් මුරපොල පසු කර නතර කිරිමට උත්සහ කිරිමේදි මාර්ගයේ ගමන් කරමින් පොලිස් කොස්තාපල්වරයා යට කරගෙන බස් රථය ඉදිරියට ධාවනය කර ඇති බවයි මස්කෙලිය පොලිසිය පැවසුවේ.

බස් රථයට යට වු පොලිස් කොස්තාපල්වරයා එම ස්ථානයේදිම ජිවිතක්ෂයට පත් වි ඇති අතර මිය ගිය පොලිස් කොස්තාපල්වරයාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා මස්කෙලිය ප්‍රදේශිය රෝහලේ තැන්පත් කර ඇත.

බස් රථයේ රියදුරාව පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මස්කෙලිය පොලිසිය පරික්ෂණ පවත්වයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

6,554 Viewers