බස් රථයකට යාපනයේදී ගල් ප්රහාරයක්…
September 5, 2018 at 8:02 am | lanka C news
ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයකට යාපනය අච්චුවේලි ප්රදේශයේදී (04) ගල් ප්රහාරයක් එල්ල වී ඇති බවට අච්චුවේලි පොලීසිය කියා සිටියේය.
උතුරු පලාත පුරා ලං.ග.ම බස් රථ ධාවනයෙන් ඉවත්ව වැඩ වර්ජනයක නිරත වන අවස්ථාවේදී යාපනය පේදුරුතුඩුව ඩිපෝවේ සිට අච්චුවේලි ධක්වා එක් බස් රථයක් ධාවනය වී ඇති අතර එහිදී ධාවනය වූ බස් රථයට අච්චුවේලි ප්රධාන මාර්ගයේදී කැලෑ බද ප්රදේශයක සිට කිසියම් පුද්ගලයෙකු ගල් ප්රහාරයක් එල්ල කොට පලා ගොස් ඇති බවට අච්චුවේලි පොලීසියට තොරතුරු ලැබී ඇත.
අදාල ගල් ප්රහාරය එල්ල වීමෙන් බස් රථයේ වීදුරු කිහිපයක් බිඳී ගොස් ඇති අතර බස් රථය තුල සිටි කිසිවෙකුටත් හානියන් නොමැති අතරම ගල් ප්රහාරය එල්ල කල පුද්ගලයා පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරනය වී නොමැති අතරම එම පුද්ගලයින් සොයා පරික්ෂණයක් ආරම්භ කල බවටද අච්චුවේලි පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
මගේ පුතා ත්රස්තයෙක් නොවෙයි.. ඕස්ටේ්රලියාවට වැරදිලා..- ඇමති ෆයිසර්
AUSTRALIA WA TA
WARADINNA NAHA
LANKAWE POLICE WAGE
NEETHIYA NAWANA, POLICE KOLAMA
WAGE AYA AUSTRALIYA WE NAHA