බස් රථයක් උඩුකුරුව පෙරලේ.. විශාල පිරිසක් රෝහලට.. [Photo]

August 12, 2021 at 10:40 am | lanka C news
බස් රථයක් උඩුකුරුව පෙරලේ.. විශාල පිරිසක් රෝහලට.. [Photo]

යාපනය මාණිප්පායි පොලිස් වසමේ කල්ලුණ්ඩායි ප්‍රදේශයේදී අද (12) උදෑසන ලංගම බස්රථයක් පෙරලී යාම හේතුවෙන් 24 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකල බවට පොලීසිය පවසයි.

යාපනය කරෙයිනගර් ප්‍රදේශයේ සිට අද උදෑසන 7.30 පමණ යාපනයට වඩුක්කොඩ්ඩෙය් මාර්ගයේදී ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් මෙලෙස මාර්ගයෙන් ඉවතට පැන පෙරලී ගොස් ඇති අතර එහිදී බස්ථ රථයේ ගමන් කරමින් සිටි මගීන් 24 දෙනෙකු තුවාල ලබා මෙලෙස රෝහල්ගත කොට ඇත.

බස් රථය පෙරලී යාමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති අතර පැවති වැසි සහිත කාලගුනය හේතුවෙන් බස් රථයේ වේගය පාලනය කරගැනීමට නොහැකිව මෙම අනතුර සිදුවන්නට ඇති බවටත් බස් රථය සම්පූරණයෙන්ම පෙරලී ගොස් ඇති අතර බස් රථයටද දැඩි හානි සිදුව ඇති බවටද පොලීසිය පවසයි.

බස් රථය පෙරලී යාමෙන් තුවාල ලැබූවන් එම අවස්ථාවේදීම යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇති අතර මගීන් කිහිප දෙනෙකු බරපතල තත්වයේ සිටින බවටද යාපනය රෝහල් වෛද්‍ය වරුන් වැඩිදුරටත් පැවසීය.

අනතුර සිදු වූ ස්ථානයට මාණිප්පායි පොලීසිය ගොස් වැඩිදුර පරික්ෂණයක් ආරම්භ කොට ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

53,042 views

2 Comments to “බස් රථයක් උඩුකුරුව පෙරලේ.. විශාල පිරිසක් රෝහලට.. [Photo]”

  1. Saradiel says:

    ඉක්මන් සුවය පතමු

  2. පුර්ණ says:

    පිස්සන්ට ලයිසන් දීලා උන් පිස්සුවෙන් කුඩු ගහලා එලවනවා

Main News