බස් රථයක් දුම්රියක ගැටේ.. පාසල් සිසුවෙකු මරුට… 20කට තුවාලයි…

March 17, 2021 at 2:08 am | lanka C news
බස් රථයක් දුම්රියක ගැටේ.. පාසල් සිසුවෙකු මරුට… 20කට තුවාලයි…

තලෙයිමන්නාරම දුම්රියපොළ ආසන්නයේ දුම්රිය හරස් මාර්ගයකදී 16 දින බස් රථයක් දුම්රියක ගැටීමෙන් සිදුවු අනතුරකින් එක් අයෙකු මියගොස් තවත් 20 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවට තලෙයිමන්නාරම පොලීසිය පවසයි.

කොළඹ කොටුවේ සිට තලෙයිමන්නාරම බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක 16 පස්වරු 2.30ට පමණ පුද්ගලික බස් රථයක් ගැටීමෙන් මෙම අනතුර  අනතුර සිදුව ඇත.

දුම්රිය පැමිණෙන අවස්ථාවේදී බස් රථයේ රියදුරු අපරික්ෂාකාරීව දුම්රිය හරස්මාර් ගයෙන් බස් රථය ධාවනය කිරීමට ගත් උත්සහයකදී මෙම අනතුර සිදුව ඇති බවට මූලික පොලිස් පරික්ෂණ වලදී හෙලි වී ඇත.

අනතුර සිදුවන අවස්ථාවේදී පාසල් ළමුන් ඇතුලු 30 කට ආසන්න මගීන් පිරිසක් සිට ඇති බවත් අනතුරෙන් බරපතල තුවාල ලැබූ අවුරුදු 09 ක් වයසැති පාසල් සිසුවෙකු මිය ගොස් ඇති අතර තුවාල ලැබූ සෙසු පිරිස මන්නාරම රෝහලට ඇතුළත් කර ඇති බවටද පොලීසිය පවසයි.

එමෙන්ම අනතුර සිදුවන අවස්ථාවේදී දුම්රිය ආලෝක සංඥා ක්‍රියාත්මක වුනේදැයි යන්න සොයා පරික්ෂණයක් අරඹා ඇති අතර අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවටගෙන ඇති අතර මන්නාරම හා තලෙයිමන්නාරම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

8,935 views

One Comment to “බස් රථයක් දුම්රියක ගැටේ.. පාසල් සිසුවෙකු මරුට… 20කට තුවාලයි…”

  1. SIRIMAL UYANE - BOC - GOPALU- PIMPI CHAMARA says:

    Rajangane Mi-hark balala puruddata, SVU kelinnma happanne TAPPA walla. Ganige atti halenda guti tama.

    Pinata binda tiyenam kiyapallaaaaaaaaaaaaa

Main News