බස් රථයක් ප්‍රපාතයකට පෙරලේ… 15ක් රෝහලේ…

April 29, 2021 at 5:30 pm | lanka C news
බස් රථයක් ප්‍රපාතයකට පෙරලේ… 15ක් රෝහලේ…

නුවරඑලිය හයිපොරස්ට් ප්‍රදේශයේ සිට රාගල නගර දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන මිටර් 8 ක් පමණ ප්‍රපාතයෙන් වු එලවළු කොටුවක් මතට පෙරලිමෙන් එම බස් රථයේ ගමන් ගත් මගින් 15 දෙනෙකු පමණ නුවරඑලිය මහ රෝහලට සහ හයිපොරස්ට් ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කර ඇති බව රාගල පොලිසිය පැවසිය.

(29) දින උදැසන 11.30 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හයිපොරස්ට් රාගල ප්‍රධාන මාර්ගයේ මහතුඩුගල ප්‍රධාන මාර්ගය ආසන්නයේදිය.

අනතුරෙන් තුවාල ලැබු තුවාලකරුවන් ප්‍රදේශවාසින්ගේද සහය ඇතිව ගිලන්රථ මගින් රෝහල් ගත කල  බවත්, රෝහල් ගත කල තුවාලකරුවන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන රාගල පොලිසිය කියා සිටියේ.

බස් රථය ධාවනය කල රියදුරා හදිසියේ ඇති වු අසනිප තත්ත්වයක් හේතුවෙන් ධාවනය වෙමින් තිබු බස් රථය රියදුරු පාලනයෙන් මිදි බස් රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වි ඇති බවට තොරතුරු ලැබි ඇති බවයි රාගල පොලිසිය කියා සිටියේ.

අනතුරෙන් බස් රථයට දැඩි අලාභ හානි සිදු වි ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ

13,798 views

5 Comments to “බස් රථයක් ප්‍රපාතයකට පෙරලේ… 15ක් රෝහලේ…”

  1. ක්‍රිමිනල් says:

    බස් රථය වගේම ආණ්ඩුවත් නොසැලකිල්ල නිසා ප්‍රපාතයට පෙරලෙන්න යන්නේ.

    තව ටික දවසකින් ශරියා අධිකරණ එනවා. ඊට පෙර මහානායකලාගෙ කට වහන්න ඕනෙ නිසා මහානායකලාටත් ශරියා අධිකරණය වගේ අධිකරණ බලතල දෙන්න හදන්නේ. ඒ පණතට කැබිනට් අනුමැතිය ලැබිලා. දැන් ගැසට් කරන්න සකස් කරණවා.

    මහානායකලාට අධිකරණ බලතල තිබෙනවා නම් උලමා සභාවටත් අධිකරණ බලතල දිය යුතුයි යන පදනමින් ශරියා අධිකරණ පිහිටුවන්න දැනටමත් සැලසුම් සකසා අවසානයි.

    මේක නිකම් හරියට කසිප්පු පෙරන්නා පොලිස් කාරයාට කසිප්පු දීලා පොටෝ එකක් ගහල බ්ලැක්මේල් කලා වගේ වැඩක්. තනි සින්හල බෞද්ධ ආණ්ඩුවක් ශරියා අධිකරණ පිහිටුවයි කියලා මොන බයියද හිතුවේ. හෆොයි වෙච්ච දෙයක්!

    • ස' තමයි හොඳටම කලේ says:

      බස් කාරයට කුඩු සික් එක ගහලා? මේ දවස් වල ආදායම හොඳ නැති නිසා කුඩු බොන්න සල්ලි නෑ ලු?

  2. මෝඩ බයියා says:

    රජු ධාර්මික වෙද්දි රටේ අනතුරු වසන්ගත ස්වභාවික විපත් අවම වෙලා රට සරුසාර වෙනෝ කියල ඒ කාලේ දේසනා කොරපු උන්නාන්සේලා ඒ දේසනාවලට හිලව් ලෙසවී එයිට් බෙන්ස් වැඩැම්මුවයින් පස්සෙ නිහඩයි දැන් රට විසාලාවක් උනත් දේසනා නිහඩයි

  3. Sinhalaya says:

    රොඩ්නි ඥානමනි, සමන්තා ඥානමනි,
    කඳානේ පිහිටි Asset Gold (Pvt) Ltd හොර කැනඩා ඒජන්සියෙන් ප්‍රවේසම් වන්න.
    දෙමළ ඒජන්තයෙක් වන රොඩ්නි ඥානමනි ප්‍රධාන වශයෙන් කරන්නේ සිංහල තරුන තරුනියන් කැනඩා රජයෙන් Blacklist කිරීමයි. තරුණ උගත් බුද්ධිමත් ඔබ මේ හොර වංචාකාරයාට අසු නොවන්න…ඔබගේ මුදල් කිසි විටෙකත් මේ හොරාට ලබා නොදෙන්න…

    • nimalsiri says:

      namuth thowage anthavaadee suruttu sinhalayanta canadaawe atharamng korala unge salli okkoma uduraagath
      thata kamak neheban sinhalaya. kaaranaya thowagewun lankaawedee demala muslim minissunta korana jaathivaadee aparaadhaval tharamatama owa darunu nehene.

Main News