බස් රථයක් ප්‍රපාතයකට පෙරලේ.. 48 දෙනෙක් රෝහලේ.. පාසල් ළමුන් 30 ඒ අතරයි..

October 2, 2020 at 8:41 am | lanka C news
බස් රථයක් ප්‍රපාතයකට පෙරලේ.. 48 දෙනෙක් රෝහලේ.. පාසල් ළමුන් 30 ඒ අතරයි..

ඩයගම සිට පොඩයිස් හරහා හැටන් දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 25 ක් පමණ ප්‍රපාතයට පෙරලිමෙන් එම බස් රථයේ ගමන් ගත් පාසල් ළමුන් 30 දෙනෙකු සහ වැඩිහිටයන් 18 දෙනෙකු දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව හැටන් පොලිසිය පැවසිය.

(02) දින උදැසන 7 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් පොඩයිස් හරහා ඩයගම ප්‍රධාන මාර්ගයේ පොඩයිස් වත්ත ප්‍රදේශයේදිය .

රෝහල් ගත කල පාසල් සිසුන් අතරින් එක් සිසුවෙකු වැඩිදුර ප්‍රතිකාර සදහා මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරු කර යැවු අතර, රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අනෙකුත් සිසුන්ගේ සහ මගින්ගේ තත්ත්වය බරපතල නොවන බවයි දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරුන් කියා සිටියේ.

දැඩි ලෙස වලවල් හැරි ඇති එම මාර්ගයේ ධාවනය වු බස් රථය එවැනි වලකට වැටි බස් රථය ඉදිරිපස රෝදයේ ඇති වු කාර්මික දෝෂයක් හේතුවෙන් බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 25 ක් පමණ ප්‍රපාතයට පෙරලි මෙම අනතුර සිදු වි ඇත.

බස් රථ අනතුරෙන් තුවාල ලැබු සිසු සිසුවියන් පොඩයිස් දමිල මහා විද්‍යාලය , හැටන් ප්‍රදේශයේ සිංහල සහ දමිල පාසල් සහ ගිනිගත්හේන මධ්‍යම මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් බවයි හැටන් පොලිසිය පැවසුවේ.

අනතුරෙන් බස් රථයේ රියදුරා සහ කොන්දොස්තරවරයාද තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇත.

හැටන් සිට ඩයගම දක්වා ආගරපත, ඩයගම, බෝපත්තලාව, හොල්බෘක් යන ප්‍රදේශවලට පිවිසිමට ඇති කෙටිම මාර්ගයද මේ වන අතර එම මාර්ගයේ දිනකට ලංගම සහ පෞද්ගලික බස් රථ 20 කට අධික සංඛ්‍යාවක් සහ පෞද්ගලික වාහන ගණනාවක් ධාවනය කෙරේ.

අධික කදු බැවුම් සහිත එම මාර්ගය වසර ගණනාවකින් ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කර නොමැති නිසා විශාල වලවල් හැරි එම මාර්ගයේ ගමන් ගන්නා වාහන අනතුරට පත් විමේ දැඩි අවධානමක්ද පවතින බවයි ප්‍රදේශවාසින් පවසන්නේ.

අනතුරට පත් බස් රථයටද දැඩි ලෙස අලාභ හානි සිදු වි ඇත.

14,983 views

5 Comments to “බස් රථයක් ප්‍රපාතයකට පෙරලේ.. 48 දෙනෙක් රෝහලේ.. පාසල් ළමුන් 30 ඒ අතරයි..”

  1. saman says:

    ගෝටා ආවම ඔහොම වෙන්නේ නැහැ. මේ සිරිසේන රට කනවා.

  2. US Marine man says:

    We need to call US marine forces man.

  3. පොඩි රාජා කිතුල්ගල says:

    ගොතා අපු ද ඉඉඩල මේමුනා

  4. පොඩි රාජා කිතුල්ගල says:

    ගොතා අපු ද ඉඉඩල විපත් මේමුනා

  5. byExperience says:

    Proper busses with compulsory seat belts would survive people from this type of accidents.SL is far away to achieve this goal

Main News