බස් රථයක් ප‍්‍රපාතයට පෙරලේ.. 02ක් මරුට.. 60ක් රෝහලේ..

March 25, 2019 at 8:03 am | lanka C news
බස් රථයක් ප‍්‍රපාතයට පෙරලේ.. 02ක් මරුට.. 60ක් රෝහලේ..

නුවරඑලිය වලපනේ ප‍්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයට පෙරළී යාම නිසා පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තවත් 60 ක් පමණ පිරිසක් තුවලා ලබා රෝහල්ගත කර ඇත.

රෝහල් ආරංචි මාර්ග සදහන් කරන්නේ ඉන් දෙදෙනෙකුගේ තත්වය බරපතල බවයි.

මහඌව මහවංගුව අසලින් මෙසේ ප‍්‍රපාතයට පෙරලී ගොස් තිබුනේ වලපනේ සිට රාගල තෙක් ගමන් කල බස් රථයකි.

9,090 Viewers
Main News