බස් රථයක් සහ යතුරුපැදියක් ගැටිමෙන් යතුරුපැදිකරු ජිවිතක්ෂයට…

June 16, 2019 at 8:02 am | lanka C news
බස් රථයක් සහ යතුරුපැදියක් ගැටිමෙන් යතුරුපැදිකරු ජිවිතක්ෂයට…

ලංගම බස් රථයක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණලා ගැටිමෙන් යතුරුපැදිකරු ජිවිතක්ෂයට පත් වි ඇති බව ගිනිගත්හේන පොලිසිය පැවසිය.

මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන බදුපොල ප්‍රදේශයේදිය.

මිගමුවේ සිට හැටන් දක්වා ධාවනය වු ලංගම බස් රථයකට ගිනිගත්හේන සිට ගිනිගත්හේන රංජුරාව දෙසට ධාවනය වු යතුරුපැදිය ගැටි යතුරුපැදිකරු බස් රථයේ පසුපස රෝදයට යට වි බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය රෝහල වෙත රැගෙන යන විට ජිවිතක්ෂයට පත් වි ඇති බව පොලිසිය පැවුසවේය.

මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ ගිනිගත්හේන අඹගමුව උඩුබුලත්ගම පදංචි සදුන් මදුරංග නැමති 23 හැවිරිදි අවිවාහක තරුණයෙකි .

ධාවනය වෙමින් තිබු යතුරුපැදිය ලිස්සා ගොස්   ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වෙමින් තිබු බස් රථයේ ගැටිමෙන් මෙම අනතුර සිදු වි ඇති බව අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන ගිනිගත්හේන පොලිසිය පැවසුවේය.

බස් රථයේ රියදුරා සැකපිට ගිනිගත්හේන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ

4,635 Viewers

One Comment to “බස් රථයක් සහ යතුරුපැදියක් ගැටිමෙන් යතුරුපැදිකරු ජිවිතක්ෂයට…”

  1. Saradiel says:

    නිවන් සැප ලැබේවා…!

Main News